කොළඹ හුණුපිටිය ගංගාරාමයේ කෝට්ටේ මාදිවෙල කිඹුලාවල ‘‘සුහඳ‘‘ ළමා නිවාසයේ ආබාධිත දූ දරුවන්ගේ කලා කුසලතා නිර්මාණ එක්රැස් කොට තැබීම සදහා ශාලාවක් ඉදිකිරීමට අද (26) මුල්ගල තැබිණි.
ගංගාරාම විහාරාධිපති ගල්බඩ ඥාණිස්සර ස්වාමීන් වහන්සේ විසින් 1987 වර්ෂයේදි පමණ මෙම ළමා නිවාසය ආරම්භ කැරිණි.දැනට එහි දෙමාපියන් අහිමි ආබාධිත පිරිසක් සිටිති.
ගංගාරාමයේ විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජි , ආචාර්ය පල්ලේගම රතනසාරහා පලටුවාවේ ජිනරතන යන හිමිවරු ඇතුළු සංඝරතනය සෙත් පිරිත් දේශනා කරද්දී ගංගාරාම දායක සභාවේ සාමාජික සාමාජිකාවන් විසින් නව ගොඩනැගිල්ල සදහා මුල් ගල් තැබුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මටත් සම්මාදම් වෙන්න බැරිද මේ වගේ පින්කම් වලට (ස)
අපූරුයි මුල් ගල් තිබ්බනම් (ස)
ගලබඩ පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින් (ස)
මේවා උතුම් පින්කම් (ස)
කොන්ද නැමෙන කාලෙ මුල් ගල් තිබ්බනම් නව ගොඩනැගිල්ල විවෘත කිරීමත් කරන්න තිබුණා.(නදී)
ඒදා සිට රටට වැඩක් කරන පන්සලක් හා හිමි චරුන්.(නදී)
මේ ළමයි වෙනුවෙන් මේ කල පින් කම ජාති ජාතිත් පළදෙනවා (දී)