කපිල වස්තු ධාතු ප්‍රදර්ශනය කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ අද පෙරවරු 11:30 ඇරඹිණි.
පෙරදින රාත්‍රීයේ සිට මහජනයා සතර අතකින් පේළි ගැසි සිටියහ.
තිස්සමහරාමයේ සිට ගුවනින් වැඩම කරවූ ධාතූන් වහනසේලා ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර නා හිමියන් විසින් පිළිගනු ලැබුහ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මුලින්ම ධාතූන්වහන්සේලා වැඳපුදා ගත්හ.
ඡායාරූප - විශ්ව ගැමුණු ප්‍රියංකර- සුමින්ද සුදර්ශන- රොමේෂ් ධනුෂ්ක









1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු..! සාදු!! ලොවේ සැමට..!(නු)
සාධූ!!! සාධූ!!! සාධූ!!! (නි)
අපි පිටරට හිටියත් එය බලා සතුටු වුනා. ගොඩක් පින් ජනාධිපතිතුමනි.(නදී)
නෙල්සන් මේ මිනිසුන් පහන් සිතින් වදින්නෙ දෙවියන්ගේ, බ්‍රහ්මයන්ගෙ හා මිනිසුන්ගෙ පූජාවන්ට හා වන්දනාවට යෝග්‍යවූ නික්ලේසී උත්තමයන් වහන්සේයි. මේ මිහිතලයෙ පහලවූ ශ්‍රේෂ්ටතම පුරුෂයානොයි. එතනදී ධාතුන් වහන්සේ ඇත්තද නැද්ද කියා ප්‍රශ්නයක් නැත. ඔබ වැනි මිත්‍යදුෂ්ටික පවුකාරයන්ට මෙවැනි අස්චර්යක් දැකීමෙන් කුහකත්වයක් ඇතිවීම. අරුමයක් නොවෙයි. (දී)
අනේ නොදන්නකමටයි මේ අහන්නෙ. බුද්දාධාගම ආගමක් නෙමෙයි,බෞද්ධද දර්ශනයක් කියලා සමහරක් අය මීට කලින් මේකට අදහස් දාලා තිබුණා. එහෙම අයත් මේ පෝළිමේ ඉන්නවද, එක්කෙනෙක් දෙන්නෙක් කියපු කමට මේවා බුදුන්ගේයි කියන්නේ කොහොමද? කවුද පරික්ෂණ කරලා තියෙන්නෙ? (නි)
සාදු.! සාදු..! සාදු...! සැමට යහපතක්ම වෙවා....!!! (ස)
මහේල ආගම් ගැන විවේචනය කරන තැනක් නෙමෙයි මේක..!(නු)
දනත් ධාතූන් හන්සේයි මේ දාතූන් වහන්සේලයි ගැන ඩී.එන්.ඒ. පරීක්ෂණයක් කළොත් යම් දෙයක් දැනගත හැකිවේවි නේද ? මම දන්නේ නැති නිසා අහන්නේ. එහෙම පරීක්ෂණ කෙරිලා තියෙනවද ? මේ වසර දෙකක් ඇතුලත තුන් දෙනෙකුගේ ධාතු ගෙනාවා. ධාතු වඳින්න මහ පෝලිම් තමා. (ස)
අපේ තථාගත සම්මා සම්බුදු රජාණන් වැඩියා වගෙයි. සතුට කියලා නිමකරන්න බැරි තරම්. මුලු මහත් ශ්‍රී ලංකාද්වීපයටම අති උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලාගේ ආරක්ෂාව ලැබේවා. !!!!!!!!!!!!!(ස)
ඉන්දියාව කියන්නේ මේක බුදු හාමුදුරුවන්ගේ වෙන්න පුළුවන් කියල. (ෂුවර් නැහැ.) ලංකාවේ කියන්නේ බුදු හාමුදුරුවන්ගේ කියල. මේකේ ඇත්ත කුමක්ද. මම කියන්නේ මේ ඔක්කොම බොරු. (ස)
ජනාධිතිතුමා සහ විපක්ෂ නායකතුමා එකට එකතුවී ධාතු වැදීම සුබපෙර නිමිත්තක්. සාදු.......... සාදු.... සාදු........ බුදුගුණ ලොව දසදෙස පැතිරේවා.........!!!!!!!!! රටට සාමය උදාවේවා. !!!!!!!!(ස)
ගංගාරාමයට බුදු සමිදුන් වැඩිය ලෙසයි කහවත සුදු වත ශ්‍රද්දාවෙන් දොරෙ ගලයි හදවත් පහන් වී සදහම් බැතිගී මුමුණයි අද වුව නිවන් මග වඩින අය දහම් දෙසයි (ස)
ඒතං මංගල මුත්තමං..!!(නු)
බලන්න කොයිතරම් ලස්සන දෙයක්ද... රටේ ජනාධිපති විපක්ෂ නායක තුමා.. මේවගේ එකතුවෙලා රට දියුණු කරන්න.. ධාතුන්වහන්සේලා වැඩම කළේ සියලුම දෙනාට එකතුවෙන්නයි..!!(නු)
සාදු...! සාදු...! සාදු...! නිර්මල බුදු දහමෙන් ලෝකයම බැබලී ලක් වැසි සියඵ දෙනාගේම මිනිස් සිත් සතන් නිවී සැනසේවා...... නමස්කාර වේවා බූදූ රැවනට සැමදා බූදූ හිමි සරණ යමි නමස්කාර වේවා දමී රැවනට සැමදා සදහමී සරණ යමි නමස්කාර වේවා සඟ රැවනට සැමදා මහ සඟ සරණ යමි නමස්කාර වේවා තූනූරැවනට සැමදා තිසරණ සරණ යමි සාදු...! සාදු...! සාදු...! නු)
වදින්න වදින්න ජන ගංගා වදින්න වදින්න වදින්න කපිලවස්තු ධාතු වදින්න ලබන්න ලබන්න සාමය ලබන්න දින්න දින්න ශ්‍රී ලංකාව දිනන්න(නු)
සාදු! සාදු!! සාදු!!! බුදු රුවන වදින්නයි.... සාදු! සාදු!! සාදු!!! ගෞතම සමිදුගෙ ධාතු වදින්නයි!!!!! (ස)
අපේ උතුම් නිර්මල බුද්ධාගම ලෝකේ ඕනැම තැන මෙහෙමයි.. එය අවංක සත්‍යයක්.. සැමටම මෙය දෑසින් දැක බලාගන්නට ලැබේවායි පතමි...සාදු!! සාදු!! සාදු!!(නු)
බුදුන්ගේ දේශනාව නිර්මාණය මත පදනම් වෙච්ච දේශනාවක්. ඒකට ප්‍රතිපත්ති පූජාවයි. (ස)
අපේ නිර්මල බුදු දහමෙන් මුළු ලෝකෙම බැබලේවා..සාදු සාදු සාදු ..බුදුන් වැඩියා හා සමානයි..(ස)
සාදු සාදු සාදු !! (ස)
සාදු.! සාදු..! සාදු...! ~ සැමට යහපතක්ම වෙවා....!!!(ස)