(යොහාන් භාසුර)
කොළඹ - මහනුවර මාර්ගයේ කැලණිය ගුවන් පාලම අසළ රථ වාහන රාජකාරියේ නිරතව සිටියදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 12 ක තොගයක් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩතහනම් කිරීම පිළිබඳව එම නිලධාරීන් දෙදෙනා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
එම සිද්ධියේදී සැකකරුවන් සහ වාහන අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වීමේ චෝදනාවට කැලණිය (1) සහකාර පොලිස් අධිකාරිවරයා පොලිස් නිලධාරීන් දෙදෙනාගේ සේවය අත්හිටුවා තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකුගේ සහ කොස්තාපල්වරයකුගේ වැඩතහනම් කර තිබේ.
අදාල වාහනයේ පිටුපස තිබූ ජංගම දුරකථන තොගයක් සහ ගමන් මළු කීපයක් පිළිබඳව නිලධාරියෙක්ට ඇති වූ සැකයක් මත පරීක්‍ෂා කරමින් සිටියදී එහි පැමිණි පුද්ගලයන් දෙදෙනා වාහනය පණ ගන්වාගෙන පලාගොස් ඇති අතර වාහනයේ රියදුරුගේ රියදුරු බලපත්‍රය ද පොලිස් නිලධාරීන් භාරයේ තිබී ඇත.
වාහනයේ පිටුපස විවෘතව තිබියදී අදාල පුද්ගලයන් වාහන පණගන්වා පලායද්දී එහි තිබූ තවත් ගංජා බෑගයක් පාරේ වැටී තිබියදී ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙක් පොලිසියට භාරදී ඇති අතර වැඩතහනමට ලක්ව සිටින පොලිස් නිලධාරීන් දෙදෙනා පරීක්‍ෂා කරමින් සිටියදී පලාගිය එම වාහනයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 24 ක් පොලිස් භාරයට ගෙන තිබේ.
රියදුරු බපත්‍රය ඔස්සේ පරීක්‍ෂණ කර පලාගිය වාහනය පොලිස් භාරයට ගෙන තිබුණ ද පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ දක්වා අපොහොසත්ව ඇති බව ද වාර්තා වේ.
එම වාහනයේ තිබූ ජංගම දුරකථන අස්ථානගත වීමක් සම්බන්ධයෙන් ද පොලිස් නිලධාරියකුගේ වැඩ තහනම් කර ඇති බව දැනගන්නට තිබේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
ශ්රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගංජා ඇල්ලූ පොලිසියේ දෙකකගේ වැඩ තහනම්
චන්දන Thursday, 15 June 2023 03:34 PM
මොකටද ඕන නැති වැඩ කරන්න ගියේ. පාරෙ යන වාහන වලට යන්න ඉඩ නොදී. හොඳ වැඩේ...ආ... අමතක වුනා අර කෝටි 2ට මොකද වුනේ කියල..දෙයිශබන්ඩු මහත්තයගෙ.
Senarath Thursday, 15 June 2023 04:03 PM
පහත් තැනින් යයි ගලා ජලේ කියලා කියමනක් තියෙනවනේ.. ඔය දඬුවම් පැමිණවීමේ ක්‍රමවේදයට අනුව..., අරගලයේදී ගුටිකාපු පොලිස් ලොක්කාගෙත් වැඩ තහනම් කරන්න ඕනේ... අරගල කරුවන්ගෙන් ගුටිකාලා පොලිසියට අවමන් කළාට...!
චන්දිම ෆොන්සේකා Thursday, 15 June 2023 05:39 PM
මට නම් තේරෙන විදියට මෙතැනදී කාටහරි නිකම් පිස්සු හැදිලා තියෙනවා වගේ. මේ මිනිස්සු මේක පරික්ෂා කරද්දී පැනලා ගියා නම් දෙන්නද තිබුණේ ටී 56න්?
කිරිපුතා Thursday, 15 June 2023 07:14 PM
වාහනේ දේශපාලකයෙකුට අයිති එකක් වගේ...!
Perera Thursday, 15 June 2023 11:57 PM
කේරල ගංජා ආනයන භෝගනේ... දේශීය ගංජා වුණා නම් අල්ලන්නේ නැහැ... ඒවා ඩොලර් උපයන අපනයන භෝගනේ....
Bunny Preena Friday, 16 June 2023 09:15 AM
ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී
ගමේ එකාලා Friday, 16 June 2023 03:46 PM
දූෂිත දේසපාලුවෙකුට අයිති ගන්ජා වෙන්ඩැ .නැත්නම් පොලිසියේ අයගේ වැඩ තහනම් කරන්නේ අහවල් දේකටයැ?
Kumara Friday, 16 June 2023 03:57 PM
කුකුල්ලු අල්ලනකොට ඔයවගේ වැඩ වෙනවා