දක්ෂ ඉලෙක්ට්‍රික් ගිටාර් වාදකයකු හා සංගීත අධ්‍යක්ෂකයකු වු පැට්‍රික් දෙනිපිටිය (78) කැනඩාවේ ටොරෙන්ටෝ නගරයේ දී අභාවප්‍රාප්තවිය.
සිය බිරිද සමග කැනඩාවේ පදිංචිව සිටි හෙතෙම තරුණ සංගීතඥයකු වන මහේෂ් දෙනිපිටිය මහතා ඇතුළු දරු තිදෙනකුගේ පියෙකි.
ජනප්‍රිය නත්තල් ගීතයක් වන ‘‘පුළුන් වගේ සුදු රුවුල අගෙයි‘‘ යන ගීතය හා ‘‘ උඩ රට මැණිකේ මනහර කඳුරට තිලකේ‘‘ රුවන් අඹර සෙමෙර සලන‘‘ඉවුරු තලා ගංගා බැස යනවා‘‘ ඇතුළු ජනප්‍රිය ගීත රැසක තනු නිර්මාණයන් ඔහුගේය.‘‘සැණකෙළිය‘‘ලෝක හොරු‘‘ සැඟවුණ මැණික‘‘ඔහු සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතුරින් කිහිපයකි.අවසන් කටයුතු කැනඩාවේ සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැයක් උපද්දා...ඔබ ඈත්ව යන්නා. සදාදර කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව! (නි)
1950 දශකයේ සූනිල් ගීත වලදී විදුලි ගිටාර් වාදනය කළ පැට්රික් දෙනිපිටිය සොහොයුරාණෙනි, ඔබට නිවන් සුව. (නි)
ඔබ අප හදවත් තුළින් සදා නොමියේ. ඔබට නිවන් සුව! (නි)
රටක් සැනසූ ගාන්ධර්වයාණෙනි, ඔබට නිවන් සුව! (නි)
ඔබ කිසිදා අපේ මතකයෙන් ඈත් නොවෙනු ඇත. (නි)
කැනඩා වලදි මියගියත් ඔබ වැනි අය නිවන් දකින තුරුම නැවත නැවතත් මේ ලංකාවේම උපදීවා! මේ ලොව පවතින තුරා ඔබගේ නිර්මාණ රැදී තියේවි. මහා කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව! සොයුර, නැවතත් අප අතරම ඉපදේවා! (නි)
අනිත්මේදී අපිට ඔබගේ සුන්දර රාවය අසන්නට නොහැකි වුණා. ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබතුමාගේ සේවය විශිෂ්ඨයි! ලංකා පොලොවේ මිහිදන් නොවීම ගැන සුළු කණගාටුවක් තිබුණත් ඔබතුමාට නිවන් සුව අත්වේවා! (නි)
වේගයෙන් හෙල කලා කෙත නැතිවී යනවා. ඉතිරිවෙන්නේ කිසිම දෙයක් ජනතාවගේ මනසේ රදවාගන්න බැරි පිරිසක්. කළාවේ හැම අංශයකම හොස රසවතුන් සමුගෙන යනවා.(නදී)
ගැයුමෙන් වැයුමෙන් අපිව සැනසූ ඔබට නිවන් සුව.(නදී)
බලන්න රටේ ඉන්න දක්ෂ කලාකරුවන්ගෙන් කී දෙනෙක් රට හැරගිහින්ද කියලා? (නි)
මේ ලොව පවතින තුරා පැටිරික් දෙනිපිටිය මහා කලාකරුවා නැවත නැවතත් මේ ලංකාවේම උපදීවා! (නි)
දැන් ඉතුරුවෙලා ඉන්නේ රාජ් දසනායක විතරයි. එයත් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ.(නදී)
ඔබ සැබෑ දක්ෂයෙක්. ඔබට නිවන් සුව ලැබේවා! (නි)
අපිට ඔබ කිසිදා අමතක නොවේ. (නි)
සාමදානයෙන් සැතපේවා !!! (ස)
ඔබට නිවන්සුව පතමි (ස)
වෙන්නේ නැති වුනත් මන් මෙහෙම කියනවා. ඉරිසියාකාරයෝ, දේශපාලන වන්දි භට්ටයෝ දක්ෂයනට තැන නොදෙන මිනිසුන් පිරි ලංකාවේ ඉපදී ඊලග ආත්මෙත් විදවනවට වඩා මනුස්සකම අගයන කැනඩාවෙම පුළුවන්නම් ආයෙත් ඉපදෙන්න කියලා.(නදී)
ඉන්න කාලේදී තමා හොද කියන්න ඕනා දැන් ඔය සේරම පරක්කු වැඩියි ?(ස)
ඇයි මේ මහත්තයාට මෙහෙන් යන්න වුණේ? (නි)
ඔබට නිවන් සුව! (ස)
අනේ කනගාටු දායක පුවතක්, ඔබට නිවන් සුව (දී)
ඔබට නිවන් සුව.(නදී)
කැනඩා වලදි මියගියත් ඔබ වැනි අය නිවන් දකින තුරුම නැවත නැවතත් මේ ලංකාවේම උපදීවා! (නි)
ඔබට නිවන් සුව (දී)
අවාසනාව කියන්නෙත් මෙහෙම රටක් වටින මිනිසුන් මියැදෙන්නෙත් වෙනත් රටවල වීමයි. (නි)
ඔබ ලංකාවේ සිටියදී ඔක්කොම කලේ කකුලෙන් ඇදපු එකයි. වැඩක් ගත්තේ නැහැ කව්රුවත්. ඔබට නිවන් සුව. ඔබෙන් වැඩක් ගන්න කැනඩාවෙම ඉපදේවා!(නදී)
ඔබට නිවන් සුව! (නි)
ඔබ නැවතත් මේ ලංකාද්වීපයේම ඉපදේවා! (නි)
ඔහු විශිෂ්ට කලාකරුවෙකි. මගේ හෘදයාංගම ශෝකය! (නි)
මේ ලොව රසවත් කල ආදරණීය සහුර්දයානනි, ඔබට නිවන් සුව ලැබේවා!(නදී)
පැට්රික් දෙණිපිටිය මැතිදුණි! ඔබතුමන් 1960 ගනන් වල අග භාගයේ සහ 1970 ගනන් වල මුල් භාගයේදී නුගේගොඩ නගර සභා ක්‍රීඩාංගනයෙදී පැවති සංගීත සංදර්ශණවලදී විද්යුත් ගිටාරයෙන් දැක්වූ ශිල්ප අප හදවත් මෝහණය කරවීය. එදා ගුවන් විදුලියේ විශිෂ්ඨතම විදුලි ගිටාර් වාදකයා අවිවාදයෙන්ම ඔබය. අවසන් කළ ඔබේ ශිල්ප අසන්නට දකින්නට වාසනාව අපට අහිමි විය. රටක් සැනසූ ගාන්ධර්වයාණෙනි! ඔබට නිවන් සුව. (නදී)
ඔබ සාමදානයේ සැතපේවා! (නි)
සොයුර, ඔබට නිවන් සුව! නැවතත් අප අතරම ඉපදේවා! (නි)
ඔබට නිවන් සුව! (නි)
මෙව්න් කලාකරුවන්ව දායක කර ගත්තා මදි කියලා හිතෙනවා.(නදී)
සමාදානයේ සැතපේවා.(නදී)
ඉවුරු තලා මගේ ආසම ගීතය. ඔබට නිවන් සුව.(නදී)
නිවන් සුව ලැබේවා!(නදී)
ඔහු විශිෂ්ට කලාකරුවෙකි.ඔබට නිවන් සුව! (නදී)
පැටිරික් දෙනිපිටිය සොහොයුරානනි, ඔබ ලංකාවේ නැවතත් අප අතරම ඉලදේවා. ඔබට නිවන් සුව.(නදී)
ඔබට නිවන් සුව.(නදී)
මේ ලොව පවතින තුරා ඔබගේ නිර්මාණ රැදී තියේවි. මහා කලාකරුවානෙනි ඔබට නිවන් සුව.(නදී)
ඔබ නැවත ලංකාවෙම උපත ලබන්න. කැනඩාව කියන්නේ හොර රටක්.(නදී)