ලිබියාවේ හිටපු නායක මුහමර් ගඩාපි මරා දමන විට ඇඳ සිටි කමිසය හා මුද්ද වැඩි මිලකට අලෙවි කිරීම සඳහා ප්‍රසිද්ධ වෙන්දේසියේ තැබූ බව එහි වර්තමාන හිමිකරු ලිබියා ජාතික අහමඩ් වර්නාලි පවසයි. එහි ලන්සුව ඩොලර් ලක්ෂ 20ක් හෙවත් රුපියල් කෝටි 22කි. යුරෝපා රටක දී මේ වෙන්දේසිය පැවැත්වීමට බලාපොරොත්තුවෙන් සිටියත් එය ඉටු නොවු බව අහමඩ් කියයි. ලිබියා ජාතිකයින් වැඩි පිරිසකගේ අදහස වී ඇත්තේ එම කමිසය සහ මුද්ද ලිබියාවේම තිබිය යුතු බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම ඕක ගැලපෙන්නේ ලංකාවෙ නායකයෙකුට..
රටේ නායකයා මරා දමලා, ඔහුගේ ඇදුම් පවා වෙන්දේසි කරන එක නරුම වැඩක්..
කෙලෙහි ගුණ නොදන්න මිනිස්සු..
සබ්බේ තසන්ති දන්ඩස්ස - සබ්බේ භායන්ති මච්චුනෝ අත්තානම් උපමං කත්වා - නහානෙයිය නගාතයේ
මගේ කමිසයත් මන් වෙන්දේසියෙ දානවා..
රට ගැන හොදට හිතපු ශ්‍රේෂ්ඨ නායකයෙක්..
දැන් ලිබියාවට තන්ගේ නායකයාගේ අගය දැනෙනවා ඇති..
ඔහු ශ්‍රේෂ්ඨ නායකයෙකි. තම රට වැසියාට ඉතා උසස් ජීවන තත්වයක් උරුම කර දීමට නිසි පියවර ගත්, සමස්ත මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් එඩිතරව කටයුතු කල ඉතා විරල ගනයේ පුද්ගලයෙකි. අප ඔහු දෙස බැලිය යුතු වන්නේ ඔහු තම රටවැසියා වෙනුවෙන් කල සේවය පැත්තෙන් මිසක ඔහු භුක්ති විඳි සැප සම්පත් සැලකිල්ලට ගනිමින් නොවේ. ඔහුට අපහාස කිරීම අපරාධයකි.
ඇයි මේ මිනිස්සු මෙතරම් කෲර
මේක නරුම වැඩක්. ඒක අයිති ඒ රටේ මිනිසුන්ට. කෞතුක වස්තුවක් විදියට රටේම තියෙනවා නම් තමයි හොද.
ඔහු විශිෂ්ට මිනිසෙක්
කෝ ගඩාෆිට හිටිය ලෝක නායක යහලුවන්. ගඩාෆි වෙනුවෙන් එක වචනයක් කතා කලේ නැහැ
ලිබියාවට මෙහෙම වුණේ බටහිර රටවල් නිසයි. අපිටත් චීනෙයි, රුසියාවයි නැත්නම් ඔහොම තමයි වෙන්නෙ. අපි වෙනුවෙන් කතා කරන්න ඉන්නෙ ඔය රටවල් 2 විතරයි