ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ සොනිපත්හි අනූ හය හැවිරිදි රාම්ජිත් රගාව් ලොව වයස්ගතම පියා වී සිටියි. ඔහුගේ බිරිය සකුන්තලා දේවි (52) ඔහුගේ දෙවැනි දරුවා බිහි කළාය.
රගාව් මුලින්ම තාත්තා කෙනෙක් වූයේ වයස අවුරුදු අනූ හතරේදීය. දැන් යලිත් අනූ හයේ දී පියෙක් වී සිටී.
සකුන්තලා සමග ඔවු විවාහ වූයේ වසර 10කට පමණ පෙරය. සකුත්තලා වඳ සැත්කමකට ලක් කරන බව සැමියා කියයි.
ගොවියකු වූ රගාව් තරුණකාලයේ මල්ලවපොර ශූරයෙක් ද විය. ඒකාලයේ ඔහු ආමන්ඩ් කිලෝ බාගයක්, එළඟිතෙල් බාගයක්, කිරි ලීටර් තුනක්, චපාති හා කොල එළවළු ආහාරයට ගනී. අදික කැලරිවලින් සමන්විත වූ තම ආහාරය තමාගේ වාජීකරණ ශක්තියේ රහස බව ඔහු කියයි.
නිර්මාංශ ආහාරයක් ගත් ඔහු මත්පැණින්ද වැළකී සිටියේය.
මේ ගොවියා අලුයම අවදි වෙයි. රාත්‍රී අටට නින්දට යයි. දවල් කාලයේ වගා වැඩ කරයි. හවසට පැයක් දෙකක් නිදා ගනී. රගාව්ට ගොවිතැනින් ලැබෙන ආදායමට අමතරව ඉන්දියා රුපියල් 500ක පින් පඩියක් ලැබේ.
ඔහුගේ වයස හර්යානා ප්‍රාන්ත රජයේ සමාජ සුභසාදන දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි කර ඇත. ඔහුට පෙර මේ වාර්තාව තැබූවේ රාජස්ථානයේ අනූහැවිරිදි නැනූ රාම් ජෝගි නම් පුද්ගලයාය. වයස අවුරුදු 90දී ඔහුගේ බිරිය ඔහුගේ 21 වැනි දරුවා බිහි කළාය. ඒ 2007 දීය.
ඡයාරූප ටයිම්ස් ඔෆ් ඉන්දියා අනුග්‍රහයෙනි
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කිවුවට කවුද දන්නේ? (නි)
ඉදලා ඉවරයි. අපේ සීයලාට එහෙම කියන්න එපා. දරුවන්ට ශක්තිමත් අනාගතයක් නැති වේවි (නි)
පවු අහිංසකයා... (නි)
මුරුංගා ටිකක්වත් කාලා බලන්න ඕනෑ අපිට මේ පාරවත් හරියයිද කියලා (නි)
වයසට නෙමෙයි නේද වැඩ? (නි)
ඔබට සුභ පැතුම්! වැල්පෙනෙල කැද එකකුත් බිව්වා නම් ඉතිං නියමයි. (නි)
දාන්නකෝ බිරියගේ ඡායාරූපයකුත් (නි)
දැන් මේ සීයාගේ වාර්තාව කඩන්න අපේ අය උත්සාහ කරයිද දන්නෙ නැහැ (නි)
චන්ද්‍රසිරිට පිස්සුද? (නි)
අම්මෝ! මෙච්චර වයසක්? (නි)
මගේ වයස 87 දැන්ම ඉඳලා ඔය කෑම වට්ටෝරුව කාල බලනවා. (ස)
එළගි තෙල් කෑම විශේෂ සුදුසුකමක් විදියට තරුණියන් සළකයිද දන්නෙ නැහැ (නි)
මෙහි ආශ්චර්යය මොහු පියෙකු වීම නොව, ඔහුගේ බිරිඳ වයස පනස් දෙකේදීත් නිරෝගී දරුවෙකු බිහිකිරීමයි. (ස)
හවසට පැය දෙකක් නිදාගන්නවා නේද? (නි)
හොදටම විශ්වාසද මේක? (නි)
දීර්ඝායුෂ ලැබේවා! (නි)
සීයා හොද ගතිගුණ තිබෙන කෙනෙක් වෙන්න ඇති (නි)
සියා යහපත් පුද්ගයෙක් වෙන්න ඇති (නි)
සීයට අපහාස කරන්න එපා (නි)
සීයා වැඩ කාරයා - නාකි ඉලන්දිරියා (ස)
ඩීඑන්ඒ බැලුවද? (නි)
සීය පනහ වෙලා නේද? (නි)
ජාතක කතා පොතෙත් තිබෙනවා මෙහෙම කතාවක් (නි)
මේන්න සීයලා .අපේ සීයලා කරන්නේ බස් එකේ යන ගෑනු ළමයින්ට හේත්තුව දාන එකනේ (ස)
සීයට වඩා හැරමිටිය ඉදිරියෙන්..
අපේ අර අහවලුන් දෙදෙනාට මෙච්චර කල් වැල් පෙනෙල වලට හරිගියේ නැති ලෙඩේට ,හෙට ඉදලාම බෙහෙත මාරුකරන්න පුලුවන් දැන්. (නි)
සීයා මාරයිනේ. (නි)
ලංකාවෙත් ඔය වගේ වාර්තා ඇති , ප්‍රසිද්ධ නොකරට .දැන් අපේ සීයලත් ඒ වාර්තාව කඩන්න උත්සාහ කරාවි මෙහේ කෑම කාලා (ස)
සීයා මනමාලයා ...නාකි ඉලන්දාරියා...............(ස)
මෙන්න නියම මිනිස්සු..!(නු)
නියම වැඩකාරයෙක් සුභ පැතුම්..!(නු)
අපේ සීයා මට කිව්වා ආච්චි කැමතිනම් තුන් නිවුන් දරුවෝ හදන්න එයාටත් පුළුවන්ය කියලා (ස)
කොහොම වුණත් එයා සතුටින් නම් එච්චරයි (නි)
හොදටම විශ්වාසද? (නි)
මානසික සහ ශාරීරික ශක්තිය කළමනාකරනය කරගත හැකි නම් කාටවුවත් කළ හැකි දෙයක් මේක (නි)
සීයගේ ගේ ළග පාත අයත් කන්නේ සීයා කන කෑම නම් ඉතිං දෙපාරක් හිතන්න ඕනෙත් නැහැ..!(නු)
පට්ට පට...පට (ස)
අනේ මේ පොඩි එකාගේ මූණත් මගේ පොඩි එකාගේ වගේමයි. (නි)
නෝනගෙත් ඡායාරූපයක් දාන්නකෝ (නි)
2013 කැලැන්ඩරයට කියාපු ඡායාරූපයක් (නි)
මේකට නම් ඩී.එන්.ඒ එකක් කරලා බලන්නම වෙනවා.(නදී)
දැක්කා නේද රහසේ බලේ? (නි)
ඇත්තටම මේ මොනවද වෙන්නේ? (නි)
මේක සීයාගෙම වැඩක්ද? (නි)
මගේ සුභ පැතුම්..!(නු)
ඔන්න වැඩකාරයෝ.. ඔබට දීර්ඝායුෂ ලැබේවා..!(නු)
අප්පේ අපේ සීයත් දැං ආමන් කිලෝ ගානක් ගෙනල්ලද දන්නෙ නැහැ.!(නු)
සීයා මනමාලයා නාකි ඉලන්දාරියා (ස)
සීයා නාකි ඉලන්දාරියා..!(නු)
එළගිතෙල් බාගයේ තමයි රහස..!(නු)
කරුණාකර ලංකාවේ එළගි තෙල් සහ ආමන්ඩ් ගෑනීමට ඈති වෙලදසල්වල ලිපිනයන් දන්වන්න.(නු)
අපේ රටේ මේ වගේ සිදුවීවක් උනානම්.. එහෙමනම් ඒ කාන්තාවට සමාජයේ මොනතරම් නින්දා අපහාස විදින්න සිදුවේවිද?(නු)
සීයට දීර්ඝායු ලැබේවා..!(නු)
මේ රහස හරියන අපේ කීප දෙනෙක් ඉන්නවා..!(නු)
දීර්ඝායු ලැබේවා ඔබට..!(නු)
බිරිදට සැත්කම් නොකර සීයාට සැත්කමක් කරගත්තොත් නරකද?(නු)
පස්ගෝ රස කියන්නේ නිකං නෙමෙයිනේ..!(නු)
වැඩ කාරයාට වයස වැඩක් නැහැ..!(නු)
මේ කෑම වේලක් අද කන්න කීයක් නම් යනවාද?(නු)
96 සීයෙක් නෙමෙයි මේ කොල්ලෙක්..!(නු)
නියමයිනේ වැඩ ගින්දර වගේනේ..!(නු)
කොහොම වුණත් සීයා වැඩකාරයා... සුභ අනාගතයක්! (නි)
ඩීඑන්ඒ පරීක්ෂණයක් කරලා බලමුද මේ වාර්තාව හරියටම හරිද කියලා? (නි)
මේවා කාල අමතරව වැල්පෙනෙල කැද එකකුත් බිව්වනම් ඉතිං නියමයි..!(නු)
හොදටම විශ්වාසද? (නි)
මට මහලු වයසේ හැකිය වෙණ ගායනා පෙරසේ.... (නි)
නියම කෑම වට්ටෝරුවක් (දී)
සීයේ , ඔයා නම් නියමයි ආ..... (නි)
ලංකාදීප පත්තරේ මේ ප්‍රවෘත්තිය පළවීමෙන් පසු ලංකාවේ වෙළෙඳ සල් වල ගිතෙල්, ආමන්ඩ් ආදියේ මහත් හිඟයක් ඇතිවී ඇත . (නි)
බැරිද මෙයාව ලංකාවේ වෙළඳ දැන්වීමකටවත් ගන්න (ස)
කවුද දන්නේ ළමයා මෙයාගෙමද කියලා ?? (ස)
මම අද ඉදලා එළගිතෙලුත් කිරියි එළවලුයි කන්න පටන් ගනනවා.. මගේ වයස පනස් තුනයි.. (නු)
මාත් අද ඉඳලා එළඟිතෙලුයි , කිරියි, එලවළුයි කන්න පුරුදු වෙනවා..මගේ වයස 53 යි .තව ළමයි 3න් දෙනෙක්වත්......................... (ස)
බිරිදට වද සැත්කමක් කරන්න කලින් ඩී.එන්.ඒ. පරීක්ෂාවක් කළා නම හොදයි.. (නු)
ඔබට සුභ පැතුම්..
හෙ..හෙ..හේ...ඇයි චතුල අයියත් ලංකාවෙන් ඒවා ගෙන්වා ගන්නද කල්පනාව? (ස)
ඒකනේ මස් කන්න එපයි කියන්නේ. දැක්කද මස්නොකෑමේ රහස. (නි)
ආහාර වැඩියෙන් පරිභෝනය කළාට ශරීරයට උරාගන්නේ නැත. (නි)
ළමයා ඇත්තටම ඔයාගෙද රාම්ජිත් ....?? විශ්වාසද ?? (ස)
මේ වගේ වාර්ථා තියන්න යන්න එපා. පොඩි ළමයි තමයි අනාත වෙන්නේ.(නදී)
අසූව පිරුණත් බිම යන්නේ නැහැ කියන්නේ ඕකට තමයි. (නි)
අනේ සීයේ මටත් කියන්නකෝ ආමන්ඩ් කියන්නේ මොනවාද ?? (ස)
මොනවා කියන්නද මන්දා මාරයි..!(නු)
තව ටික දවසකින් තාත්තයි පුතයි එකට දණගාවි (ස)
වයසට ගියත් හවසට ගෙදර (අ)
අපේ රනිල් මහත්තයට බැරද මෙයාගෙන් මොනවත් ඉගෙන ගන්න (අ)
මුරුංගා වැඩියෙන් කාලා බලන්න, වැල්පෙණෙල, ගිතෙල් පරාදයි. (අ)