යාල වනෝද්‍යානයේ සිටි මී ගවයකු තරම් විශාල ගෝනකු හා මුවන් තිදෙනකු මරා කැන්ටර් ලොරියකින් රැගෙන යද්දී කතරගම, කටගමුවේ යුද හමුදා රෙජිමේන්තුවෙන් සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වනජීවී කාර්යාලය කියයි. මෙතරම් ලොකු ගෝනකු සංචාරකයක් පවා දැක නැත. ලූතිනන් කර්නල් එච්.ඒ. ලක්ෂ්මන් මේ වැටැලීම මෙහෙයැවීය.
අද අලූයම සිදුකළ වැටැලීමේදී සැකකරුවන් තිදෙනකු පලාගිය බවද කියති.


1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුගේ නොනැමෙන තැන් වලිනුත් අතපය නමන්න, පොලිසියේ මහත්වරුනි. (නි)
මේක අත්අඩංගුවට ගැනීම ගැන සන්තෝෂයි.. (නු)
වැඩක් නෑ . පැනල ගිහින්නේ...(ස)
අනිවාර්යයෙන්ම ලොරිය රාජසන්තක කළ යුතුයි. මේගොල්ලන්ට දෙන්න ඕන දඩුවම ඒකයි..!(නු)
මුන්නේස්වරම් කෝවිල තියෙන්නෙ හලාව...!(නු)
අපේ ජාතික සම්පතක් නේද මේ ලස්සන වනසතතු ටික.? කැලේ හෝටල් ඉදිකරන්න, කැලේ සත්තුටික දඩයම් කරන්න කොහෙද අපේ රටේ නීතිය.. අපේ හමුදාවට දෙන්න ඕන මේ සම්පත රැක ගන්න.. (නු)
එය පුවතලබාදුන් මහත්මයාට කියන්න අවසානයේ වාහනයට අයිතිකරුවන්ට සහ සතුන් මැරූ අයට මොනවද දුන්න දඬුවම් කියල.?(නු)
අවසානයේ වාහනයට අයිතිකරුවන්ට සහ සතුන් මැරූ අයට මොනවද දුන්න දඬුවම් කියලා කියන්න. අනිවාර්යයෙන්ම දේශපාලකයෙක් ඇති අවසානයේදි. ඒත් කියයිද දන්නේ නැහැ මිනිස්සුන්ට කෑමට අවශ්‍ය නිසා සතුන් සියදිවි නසාගත්තා කියලා. (නි)
ඇයි මේ අහිංසක සත්තු ටික මරන්නේ.. මේ අයට මොලයක් කියලා දෙයක් නැද්ද? මේ අයට නිසි දඩුවම් ලබා දෙන්න.. වෙන කෙනෙකුටවත් නොකරන්න..!(නු)
සත්තු මරන්න එපා
සටනට වැදී අපි වාගේ අතින් පයින් මැරුනත් කමක් නෑ වෙන ගෝනකුගෙ අඟින් බියසුලු කමින් ගැහි ගැහි ගස් අතර ඉඳන් ගිණි අවි වලින් අපි මැරුවෝ තුඃ නොදකින්(නු)
මම ප්‍රතිචාර කියවන අතර අපේ චූටි බබා මෙය දැක ඉතා දුකින් කතා කළා.. චූටි ළමයෙකුට තියෙන හැගීමක්වත් මේ අයට නැහැනේ..!(නු)
පව් කාර වැඩ
අපරාධය කළවුන්ට දුවන්න කියලා වෙඩි තියන්න. (නි)
සතුන්ගේ අන් තට්ටු මොවුන්ට පළන්දලා ප්‍රසිද්ධියෙ පාරෙ ගෙනගොස් දඩුවම් කරන්න..!(නු)
ගොනා මස් ද මුව මස් ද (දී)
අයියෝ සල්ලි කනගාටුයි
මේ සත්තු මරන්න කලින් අල්ලගන්න බැරිඋනානේ..!(නු)
මේ මිනිසුන් මේවා බයනැතිව කරන්නෙ මොනවා හරි සම්බන්ධකම් ඇති.. හමුදාවට ස්තුතිය..! පැනලා ගිය අයවත් අල්ලලා ඔය ලොරියටම පැටෙව්වනම් තමයි හොද?(නු)
අනේ පවු. අහිංසක සතුන්... (නි)
නඩු දාලා වැඩක් නැහැ. වෙඩි තියන්නයි ඕනෑ. (නි)
කලින් පන්සලකත් ගෝනෙක් මැරුවා නේද? එයත් සම්බන්ධද? (නි)
ලක්ෂ්මන් මහතා වැනි අය රටට ආඩම්බරයක්..(ස)
කතරගම දෙවියන්ගේ බලය පෙන්නන්න බැරිද අපරාධකරුවන්ට (ස)
මේ දේ කර අයටත් මෙලෙසම සිදු වේවි (ස)
හරියට නීතිය ඉටු කරලා රජ කාලේ දඩුවම් ලබා දෙන්න..(ස)
පොලීසියෙත් සම්බන්ධයක් තියෙනවද දන්නේ නෑ.(ස)
පව් කාරයෝ..(ස)
අපේ හමුදා නිලධාරීන්ට ස්තුති වන්ත වෙන්න ඕන.. මම හිතන්නේ නැහැ පොලිසියට මේවා නවත්තන්න පුළුවං කියලා..!(නු)
මේ අහිංසක සතුන්ට කරපු දේම මේ ගොල්ලන්ට කරන්න ඕන..!(නු)
කවුරැ කළත් වරද වරදමයි..!(නු)
වනජීවී අය මොනවාද කරන්නේ.. මේකත් ආරක්ෂක අංශයට භාරදෙමුද?(නු)
කට්ටිය අද හොඳ පාටියක් දාවිද දන්නේ නෑ..(ස)
වැඩක් නෑ කතා කරලා.. වන සත්තු වගේ වෙලා මිනිස්සුත් .. (ස)
සුන්දර සිසිල් පරිසරයකි මෙහි තිබෙන ඒහි හැඩ වැඩි කරේ මුව රංචය ඉන්න නපුරෙක් ඇවිත් ගිණි බින්දා පණ යන්න පතමි මේ සියල්ලම අපායට යන්න (ස)
ලූතිනන් කර්නල් එච්.ඒ. ලක්ෂ්මන් මහතානෙනි ඔබතුමාට ස්තුතියි මේ අධමයින් කොටුකර ගත්තාට (ස)
කාටවත් වරදක් නැති අහිංසක සත්තු . අපරාද කරුවන්ට කිසිදා යහපතක් නොවේවා (ස)
දේවදත්ත යුගයක්ද?? මිනිසුන් මරන යුගයක මෙයත් කජ්ජක්ද ? (ස)
කිසිදා මේ අයට යහපතක් සිදු නොවේ..(ස)
ඇයි මේ වගේ අපරාධ කරන්නේ. කාටවත් වරදක් නැති අහිංසක සත්තු .පොලිස්පතිතුමණි, නීතිය ක්‍රියාත්මක කරන්න..(ස)
ඔවුන්ට දැඩි දඩුවම් දිය යුතුයි , වාහනය රාජසන්තක කර යුතුය...(ස)
අනිවාර්යයෙන්ම නිසි දඩුවම් දිය යුතුයි.. ලොරිය රාජසන්තක කළ යුතුයි.. වනජීවී පනත සංඝෝධනය කර දැඩි දඩුවම් පනවන්න නීති ගෙන ආයුතුයි.!(නු)
අර තුන් දෙනා දිව්වේ කොහොමද දන්නේ නෑ.(ස)
මෙහෙම ගියොත් ගෝන්නු සහ මුවන් සත්තු වත්තේ වත් දක්නට නොලැබෙයි ඉදිරියට.... වඳවීගෙන යන සත්තු දඩයම් කරන අයට දැඩි දඩුවම් දෙන්න ඕන....(ස)
මේ අහිසක සත්තු මරණ කෙනාව මරන්න බැරිද? (නු)
කවුරු කළත් වැඩේ වැරදියි..!(නු)
මේ රටට ධර්මද්වීපය යයි කියලා තවදුරටත් කිව හැකිද?(නු)
අනේ කතරගම දෙවියනි.. මේ අහිංසක වන සතුන්ට හිරිහැර කරන අධමයන්ට ඔබවහන්සේවත් දඩුවම් කළ මැනව.. වැරදි කරන හැම කෙනෙක්ම නීතියෙන් නීතියෙන් ගැලවෙනවා.. (නු)
හලාවත මුන්නේශ්වාම් කෝවිලේ ශාකාවක් තියෙනවද කතරගම පැත්තේ.ඔකේ ඉන්න මිස්සුන්ට ලජ්ජා නැද්ද.ඕක පුජා නගරයක් නේද? මිනිස්සු මැරෙනවට වඩා දුකයි මේ අහිංසක සත්තු මැරෙන හැටි දැක්කම.මේවට පැලැස්තර විසදුම් හොයල වැඩක් නැ.එක්කෝ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න ඕන.නැත්නම් මේ සමාජ ක්‍රමේට වෙනස් දැහැමි ක්‍රමයකට මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් හදන්න ඕන.එක පාලකයන්ගේ වගකීමක්.ලංකාවේ වනාන්තර වලට , වැව් වලට සතා සිවුපාවන්ට මේ තරම් අවාසනාවන්ත කාලකන්නි යුගයක් ඉතිහාසේ අපි නම් අහල නැ. දැන් ඉතින් රුපියල් 300ක් දඩගහල නිදහස් කරලා හරියන්නේ නෑ .ඇගේ ලේ කෝප වෙන එක විතරයි වෙන්නේ මේවා දැකලා (ස)
වනජීවී මහත්තුරුන්ට තමයි වගකීම පැවරෙන්නේ
මෙන්න මේ වගේ වැඩ වලට දැන් යුද හමුදාව යොදවන්න ඕනේ. නැත්තම් මේ ජරා වැඩ දිගටම කරනවා.(ස)
සිංහල බෞද්ධ අයට දෙවියන් වැදීමට අවශ්‍ය නැත..!(නු)
මේ අයට සිරදඩුවම් සමග ලක්ෂ දහයක්වත් දඩ නියම කොට වාහනය රාජ සන්තක කළ යුතුයි..!(නු)
වනජීවි එකේ ආරක්ෂකයෝ නිදාගෙනද ඉඳලා තියෙන්නේ...(ස)