ව්‍යාපාරිකයකුගේ නාසය සපා කෑවේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දුනේෂ් ගන්කන්ද දැඩි කොන්දේසි මත ඇපමත මුදා හැරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න නියෝග කෙළේය. රුපියල් තිස් දහක මුදල් ඇපයක් සමග රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත් මසකට වරක් පොලිසිය පෙනී සිටින ලෙසත් ග්‍රාම සේවා සහතිකය පොලිසියට ඉදිරිපත් කරන ලෙසත් ඔහුට නියෝග කෙළේය. සපා කෑමට ලක්වූ ව්‍යාපාරිකයාගේ තත්ත්වය බරපත්ල යැයි ද කොළඹ නවලෝකරෝහලේ දි සැක්කමක් කිරීමට නියමිත යැයි ද ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිට නීතිඥයෝ කීහ. ගන්කන්ද මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ තුවාල එතරම් බරපතල නොවන බවයි. නඩු විභාගය අගෝස්තු 23 වැනි දාට කල් තැබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මාතර පැත්තේ ඉන්න කෙනාගේ නෑයෙක්ද දන්නෑ....
මෙයාලව ආයෙත් පාර්ලිමේන්තුවට ගන්නවද ?
ළමයි, සුදර්මන් කාගේ නහයද කෑවේ?
මිනිසෙකුගේ ශාරිරික අවයවයක වටිනාකමවත් දන්නේ නැතුව රට රකින්න පාර්ලිමේන්තුවට ගිහින්
ඉස්සෙල්ලා පක්ෂේ කාලා දැන් නහය හපා කාලා
ඇයි මේ නීතිය සුදර්මන්ට නැත්තේ?
රට කන අයට නහයත් කජ්ජක්ද?
ගෙදර ලුණු ඇඹුල් තියෙන්න නැතුව ඇති මයෙ හිතේ
මේ දවස් වල රත්නපුර පැත්තේ මන්ත්‍රීලා හරියට නම යන වැඩ කරනවා
අම්මේ අපි මේ වගේ අය ඉන්න රටකනේ ඉපදුනේ....
මන් හිතන්නෙ රස බලන්න වෙන්න ඇති හපන්න ඇත්තේ...
මයික් ටයිසන්ලා යක්කුද මෙන්න යක්කු.
උසාවියෙන් මෙයාටත් පොඩි නාස් ලන්නක් දාල....
හොඳ නැද්ද ජොබ් දෙක මාරුකර ගත්තානම් ....
සපාකන්නන්ගේ සංගමයේ සභාපති හෙවත් පැනපැන කන්නන්ගරලාගේ දුනේෂ් කන්කන්ද දැඩි කොන්දේසි මත නිදහස් වේවා!
නීතිඤ්ඤයන් ගේ තර්ක මගින් තුවාලයක් බරපතලද,නැද්ද කියා තීරණයකරන්න පුලුවන් රටක් අපේ රට.මෙහෙම නහය කන අයනෙ ඉදිරියෙදි රට පාලන බලය ඉල්ලන්නෙ.අනේ ශ්‍රී ලංකා.
බලාගෙන අනිත් අය මෙයාගේ කට ලගට ඔය අයගේ වැදගත් අවයව ලං කරන්න හෙම එපා. කඩා ගත්තොත් කාට කියන්නද දෙයියනේ. මොකද අත් නම් දෙකක් තියෙනවා.එත් අර අවයව එකයිනේ තියෙන්නේ..එකත් හපා කෑවොත් ඉතින් .......
නහය කාපු හේතුව උසාවියට කීවේ නැතුව ඇති මගේ හිතේ