(යොහාන් භාසුර)
'එක්ස්ප්‍රස් පර්ල්' මහා සමුද්‍ර දූෂණය වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට හිමි විය යුතු වන්දිය ලැබීම වළක්වාලීමේ පොරොන්දුව මත, ඩොලර් මිලියන 250ක පගාව ගත් 'බරපතළ අපරාධකරු' වහා රටට හෙළි කළ යුතු බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
සිදු වූ මහා සමුද්‍ර දූෂණය වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට හිමිවිය යුතු වන්දිය ලැබීම වළක්වාලීමේ පොරොන්දුව පිට යම් පුද්ගලයකු නෞකාව හිමි සමාගමෙන් ඩොලර් මිලියන 250කට අධික පගාවක් රැගෙන ඇත්නම්, එතරම් බරපතළ අපරාධයක් බව කී වීරවංශ මහතා පවසයි.
ඒ නිසා 'වහෙන් ඔරෝ' භාෂාවෙන් නොකියා එම බරපතළ අපරාධය සිදු කළ තැනැත්තාගේ නම කෙලින්ම රට හමුවේ පවසන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට අභියෝග කරන බවද සඳහන් කළේය.
දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර
කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ගිනිගත් නැවේ වන්දි වලක්වන්න කෝටි 25 පගාව අරන්?
ලුම්බිණි Monday, 24 April 2023 10:11 AM
පගාව ගත්ත ගණනත් දන්නා එකේ නරකද මේ ගැන පොලිසියට පැමිණිල්ලක් කළොත්?
විජේවීර Monday, 24 April 2023 10:24 AM
අනේ විමලේ...! ඔබ දන්නවා නම් නඩු දාපන්කෝ...! පත්තරවලටයි, ටීවී වලටයි බෙරිහන් දිදී ඉන්නැතිව... අනේ ඔබලගේ ජාතික ආලේ... කුට්ටිය එද්දී නිහඬයි. මේ රටට කරලා තියෙන විනාශයට ඔබත් ඉහළින්ම ඉන්න අපරාධකාරයෙක්...
Perera Monday, 24 April 2023 10:24 AM
මෙයාටත් ඕකෙන් කීයක් හරි ලැබිලා ඇති...
Namal Monday, 24 April 2023 10:30 AM
ඔයා දන්නවා නම් කියලා නඩු දාන්නකෝ...!
කිරිපුතා Monday, 24 April 2023 10:34 AM
ඔව්... විජේදාස උන්නැහේ ඒක රටට හෙළිකරන්නත් ඕන ඒක කරපු සියලුදෙනා නීතිය ඉදිරියට විතරක් නොවෙයි, ජනතාව ඉදිරියට ගේන්නත් ඕනෑ...
Samitha S. Aluthgamage Monday, 24 April 2023 11:10 AM
පොලිස් ඇමැතිතුමනි, වහාම මේ ගැන සොයා බැලීමට උනන්දු වන්න. මෙහි සත්‍ය අසත්‍ය බව සොයාබැලීමට දේශපාලනයට ගැති නොවන රහස් පොලිස් නිලධාරීන් පිරිසක් පත්කරන්න...
prasanna Monday, 24 April 2023 11:14 AM
මොනවා හරි පචයක් ගොතලා නැවත ප්‍රසිද්ධ වෙන්න දඟලනවා. මිනිහගෙ හැටි කවදත් ඔහොම තමයි.
නිමේෂ් Monday, 24 April 2023 12:59 PM
ඔය නඩුව සිංගප්පූරුවේ අහන්න එකඟ වූ සියලු දෙනා ඔය වංචාවට සම්බන්ධයි... ඒ හැමෝටම නැවු සමාගමෙන් පගාව ලැබිල ඇති, (අර වීරයා වගේ මිනිස්සු මට්ටු කරන්න ලෑස්තිවෙලා ඉන්න ඩීල් දාසත් එක්ක), රටට කොහෙන් හරි ඩොලර් ටිකක් ලැබෙන්න තියනවා නම් රනිල් පොහොට්ටු හොර නඩයත් එක්ක ඉන්න අය එකට විදිනවා, ඉතින් මේ අය රට ගොඩගනීවි කියලා හිතන් ඉන්න මෝඩ මිනිස්සු තවත් ඉන්නවාද?
Nandana Monday, 24 April 2023 02:45 PM
මගේ විසිල් විතරයි, බල්ටි නැහැ... පොරටෝක් දුන්නට වැඩක් නෑ...
පොඩිඑකා Monday, 24 April 2023 03:25 PM
අර ඒ කාලේ කිව්ව වගේ... ඇයි දැන්වත්" පාර්ලිමේන්තුව වටකරලා බෝම්බයක් ගහන්නේ නැත්තේ"?
නිහාල් Monday, 24 April 2023 07:18 PM
ජාත්‍යන්තරය සම්බන්ධ කාරණාවක් නම් අනිවාර්යයෙන්ම මෙයා ගිරිය කඩාගන්නවා.