(රංජිත් රාජපක්ෂ)
ගිනිගත්හේන නගරයේ නායයාමට ලක් වූ වෙළඳසැල් 10ට අමතරව තවත් වෙළඳසැල් 22 ක් නායයාමේ දැඩි අවදානමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් ගිනිගත්හේන නගරයේ පරීක්ෂණයක් පවත්වා තමන් වෙත වාර්තාවක් ලබා දී ඇති බව අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා පැවසීය.
අද (20) ගිනිගත්හේන අඹගමුව ප්‍රාදේශිය සභා කාර්යයාලයේදි විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සභාපතිවරයා ඒ බැව් පැවසීය.
මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කියාසිටියේ මීට වසර 30 කට පෙර ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් ඉදිකර ඇති බවයි.
නායයෑමට ලක් වූ වෙළඳසැල් සහ නායයාමේ අවදානමට ලක් ව ඇති වෙළඳසැල් ඉදිකිරීම සඳහා අඹගමුව ප්‍රාදේශීය සභාවේ අනුමැතියක් ලබානොගෙන එම වෙළඳසැල් ඉදිකර ඇති බවද සභාපතිවරයා පැවසීය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් හඳුනාගෙන ඇති නායයාමේ අවදානමකට ලක් විය හැකි වෙළදසැල් 22ක හිමියන්ට ඉන් ඉවත් වන ලෙස දැනුම් දුන් බවත්, එසේ වෙළඳසැල් හිමියන් වෙළඳසැල්වලින් ඉවත් නොවන්නේ නම් වෙළඳසැල පවත්වාගෙන යාමට වෙළඳුන් විසින් අඹගමුව ප්‍රදේශීය සභාව වෙතින් ලබාගෙන ඇති වෙළද බලපත්‍රය අහොසි කිරීමට පියවර ගන්නා බවද සභාපතිවරයා මෙම මාධ්‍ය හමුවේදි පැවසිය.
නායයාමේ අවදානමට ලක්ව ඇති නගර මධ්‍යයේ හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ කොටසද තවදුරටත් නායයාමේ අවදානමක් පවතින නිසා එම මාර්ගයද තවදුරටත් වසා දැමිමට සිදුවන බවත්, එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කොළඹ මාර්ගයට පිවිස ගිනිගත්හේන බස් නැවතුම්පොළ හරහා මහනුවර මාර්ගයට පිවිසෙන ලෙස සභාපතිවරයා ඉල්ලා සිටී.
පවතින තත්ත්වය මත ගිනිගත්හේන නගරයේ දැඩි රථ වාහන තදබදයක් පවතින බවත්, බස් නැවතුම්පොල ඉදිරිපස මාර්ගයේ අඩි කිහිපයක් පුළුල් කිරීමට මාර්ග සවංර්ධන අධිකාරිය නිලධාරීන් සමග සාකච්ඡා කරන බවද සභාපතිවරයා පැවසීය.
නායයාමේ අවදානමට ලක්ව ඇති වෙළඳසැල් 22 වෙනුවෙන් එම වෙළඳසැල් හිමියන්ට ගිනිගත්හේන නගරයේ සුදුසු ස්ථානයක අලුතින් වෙළදසැල් ඉදිකිරීම කෙරෙහි තම අවධානය යොමු වි ඇති බවද සභාපතිවරයා මෙම මාධ්‍යය හමුවේදි වැඩිදුරටත් පැවසිය.
පාසල් සිසුන්ට ආහාර වේලක් ලබාදීමේ ලෝක ආහාර වැඩසටහනෙ මේ වන විටත් ක්‍රියාත්මක වැඩ පිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇ
පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (24) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
සේවක අර්ථ සාධක අරමුදල සමාගම් පහළවක කර තිබූ රුපියල් කෝටි 2179ක ආයෝජනයන්ගෙන් ප්‍රතිලාභ ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්ෂික වාර්තාවේ දැක්වේ.
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන් සදහා කොළඹ කොටුව හා මහනුවර අතර ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය සේවා අද (24) සිට නැවත දැනුම් දෙන තුරු නතර කිරීමට දුම්රි
නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒවායේ තිබූ අරක්කු තේ කහට බවට පත්වූ සිද්ධියක
බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගිනිගත්හේනේ නාය යාමේ අවදානම ඉහළ යයි
NUWAN Saturday, 20 July 2019 09:03 AM
අනේ දෙවියනේ, මිනිසුන්ගේ ඔලුව පාදපල්ලා...
ධම්ම Saturday, 20 July 2019 02:02 PM
දැන් මිනිස්සු පාදම ගැන වැඩිය හිතන්නේ නැහැ. කොහොම හරි ගොඩනගා ගත් පාදම මත ඔහේ ගොඩනගනවා. අන්තිමට කඩා වැටෙනකම් දන්නෙම නැහැ. ඔවුන්ගේ ජීවිතත් ඒ වගේමයි.
රජින්ද Saturday, 20 July 2019 04:10 PM
ස්වභාවධර්මයේ දේවල් නැවත එය විසින්ම ගනියි. එය කාටත් පොදු න්‍යායකි. දැන්වත් පරිසරයේ විචිත්‍ර බව කෙලෙසමින් කරන පරිසර හිතකාමී නොවන ස්ථානයන්ගෙන් සහ ක්‍රියාවන්ගෙන් මිනිසා බැහැරවිය යුතුයි. නොඑසේ නම්, එහි ප්‍රතිවිපාක වලට මුහුණ දිය යුතුය. එ් නිසා ස්වභාවධර්මයේ අයිතිය එය ගන්නට පෙර දීම අප කාටත් හොඳයි.