IMG-LOGO

2025 මාර්තු මස 10 වන සඳුදා


ගිනිගත්හේනෙන් දුන් අධ්‍යාපන සාම්පලය


ආර්ථික අගහිඟකම් හේතුවෙන් පාසල් ගමන අතරමග නතර කළ දියණියන් දෙදෙනකු හා පුතකු සම්බන්ධ අනුවේදනීය පුවත අප පුවත්පත මගින් රටට අනාවරණය කිරීමත් සමග දෙස් විදෙස් පරිත්‍යගශීලි මිනිසුන්ගේ කුළුණුබර නෙත් එම දරු පැටවුන් වෙත යොමුවිය.. එම දරු තිදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට බොහෝ දෙනෙක් ඉදිරිපත් වී සිටිති. අධ්‍යාපන ඇමැති ජී.එල්. පීරිස් මහතා ද එම දරුවන් තිදෙනා අධ්‍යාපන අමාත්‍යාංශයට කැඳවා මාසිකව ලැබෙන පරිදි මූල්‍යාධාරයක් පිරි නැමූ බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

බෞද්ධ දර්ශනයෙන් විකසිත හදවත් ඇති ශ්‍රී ලාංකේය ජාතිය අනෙකාගේ ඕනෑම උපද්‍රවයක දී පිහිටට එයි. තම අාධාරය ඇවැසි ඕනෑම මොහොතක දී ඔවුහු එය නිර්ලෝභීව ප්‍රදානය කරති. එය ආසියාතික ගුණගරුක භාවයේ උත්කර්ෂය වේ. ගිනිගත්හේන ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන දරු පැටවුන් වෙනුවෙන් මහෝඝයක් සේ රළ ගසා පෙරට ආවේ ඒ මහා කරුණාවන්ත භාවයම වේ.

නිදහස ලැබූ දිනය හා අද දවස අතර පරතරය වසර හැත්තෑ දෙකක් වුවද නිදහසින් පසු පැමිණි ගමන සම්බන්ධයෙන් අපි කවුරුත් තෘප්තිමත් නොවෙමු. අප ගෙවා දමමින් සිටින්නේ 21 වැනි සියවස වුවද විදුලිය නොමැතිව කුප්පි ලාම්පු එළියෙන් රැය පහන් කරන පවුල් හැත්තෑ දෙකකින් සමන්විත ගමක් සම්බන්ධ පුවත වාර්තා වූයේ ඉකුත් සතියේදීය. සිංහරාජ මහා වනාන්තරයට යාබදව පිහිටි ලංකාගම මිනිසුන්ට පාරක් නොමැතිවීම නිසා ඔවුන් ජීවිතය  විඳවන ආකාරය ඉකුත් සමයේ මාධ්‍ය හරහා රටේම කතාබහට ලක්විය. නිවෙසේ සිට කිලෝමීටර් 28ක් එපිටින් පිහිටි පාසල වෙත පා ගමනින් ගොස් ගිය පයින්ම නැවත නිවෙසට පැමිණෙන ඉගෙනීම සඳහා දුෂ්කර ක්‍රියාවක නිරත දූ පුතුන් සම්බන්ධ පුවතක් ද මාධ්‍ය වාර්තාවල සඳහන්ය. ගිනිගත්හේන ප්‍රාථමිකයේ ​​ඉගෙන ගන්නා දරු පැටව් තුන්දෙනා සම්බන්ධ සංවේදී පුවත වාර්තා වූයේ ඔය අතරවාරයේය.

සඳුන් ගැටක් මිටින් අරන් නූපන් දුගී දරුවා  සතු පරම ධනය අධ්‍යාපනය වේ. ජීවිතයේ අතොරක් නැතිව ගලා එන වද වේදනාවලින් මිදී මනුෂ්‍ය ගරුත්වය රැකගෙන ජීවත්වීමට ඇවැසි මහ ධන නිධානය ඇත්තේ අධ්‍යාපනය නැමැති ගමන් මාර්ගයේ පමණි.. එම ගමන බාධා විරහිත විය යුතු වුව ද එය එසේ නොවන බව ඒකාන්ත සත්‍යයකි. ප්‍රශ්නය වන්නේ රටෙන් අඩක් ඒ මහා නරකාදියෙහි පැසවන බව රටෙන් අඩක් නොදැන සිටීමය.

රටකට හුදකලා කාන්තා විමුක්තියක් හෝ ළමා විමුක්තියක් අත්පත් කර ගත නොහැකිය. එය රැඳී පවතින්නේ සමස්ත සමාජ විමුක්තිය මතය. ඒ අයුරින්ම පාසල් අධ්‍යාපනය පමණක් සියයට සියයක් අංගසම්පූර්ණ කළ හැකි නොවේ. එය තීරණය වන්නේ ද මුළු මහත් සමාජ දියුණුව මතය. රටක ඉදිරි ගමන් මග සම්බන්ධයෙන් පොදු න්‍යාය පත්‍රයක් සැලැස්මක් තිබිය යුතු වන්නේ එහෙයිනි. එම න්‍යාය පත්‍රයේ දී පෙරට ගත යුතු අංක තුන්කල් දක්නා ඉසිවර නුවණින් තීරණය කළ යුත්තකි.

අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල වියදමක් නොවේ. එය ආයෝජනයකි. එය ආයෝජනයක් බවට පෙරළා ගත හැකි වියදමකි. එහෙයින් අධ්‍යාපනය සඳහා නිර්ලෝභීව වියදම් කළ යුතුය. ඒ ගම සහ නගරය යන ප්‍රභේදයෙන් තොරවය.

ගම සහ නගරය යන ප්‍රභේදයෙන් තොරව අධ්‍යාපනය සඳහා වියදම් කළ යුතු වුව ද එය එසේම නොවන බව ද සත්‍යයකි. 80 දශකයේ දී වාර්තා වූයේ කොළඹ සුපිරි පාසලක පිහිනුම් තටාකයක් ඉදිකිරීමට වෙන් කළ මුදලට සමාන මුදලක් මොනරාගල දිස්ත්‍රික්කයේ එක් අධ්‍යාපන කලාපයකට වෙන්කර ඇති බවය. මෙම සමාජ අසහනයට සහ අසාධාරණයට එරෙහිව ‘කොළඹට කිරි - අපට කැකිරි’ යනුවෙන් සටන් පාඨ හඬ නගා කී දරුවෝ  පොලිස් බැරැක්කවල හමුදා වධකාගාරවල දෙතිස් වධයට ගොදුරුව සීතල සිමෙන්ති පොළොව ලෙයින් තෙත් කරමින් අකාලයේ මරු වසඟයට ගියහ.

අධ්‍යාපනයේ සමානාත්මතාව වඩාත් වැදගත් වන්නේ එහෙයිනි. එහෙත් අධ්‍යාපනයේ තරම් පන්ති බේදය වෙනත් ක්ෂේත්‍රයක දැකිය නොහැකි තරම්ය. එම ක්‍රමය තුළ දරුවා උස් මහත්වන්නේ මුළුමහත්  සමාජයටම වෛර කරන මනසින්ය. තරුණ කැරැලි අවි අතට ගැනීම් හේතු රහිතව සිදු නොවන්නක් බව අවධාරණය විය යුත්තේ එහෙයිනි.

ගිනිගත්හේන ප්‍රාථමිකයේ ඉගෙන ගන්නා දරු පැටවුන් තිදෙනා මෙරට ඉගෙන ගන්නා බහුතරයක් දරු පැටවුන්ගේ ඉරණම සම්බන්ධ සාම්පලයක් බවට පත්කර ගන්නේ නම් මෙරට දරු පැටවුන්ට වඩාත් හොඳ අධ්‍යාපනයක් සහිත ජීවිතයක් නිර්මාණය කිරීමේ වෙහෙසකර ප්‍රයත්නයට එය කදිම ආරම්භයක් වනු ඇත.

(***)



අදහස් (3)

ගිනිගත්හේනෙන් දුන් අධ්‍යාපන සාම්පලය

Raveendra Thursday, 24 September 2020 07:07 AM

කතුවැකිය මගින් සමාජයේ දරිත්‍රතාවය හා ඇතිහැකි පරතරය පිලිබදා පොලවේ පය නිසිලෙස තබාගෙන විග්‍රහ කර ඇති ලිපියක් බව සදහන් කරන්නෙමු. එලෙසම මිලකළ නොහැකි අනාගත ආයෝජනය නොහොත් අධ්‍යාපනය වෙනුවෙන් මෙතෙක් බලයට පත්වූ කිනම් රජයක් නිසිලෙස එම ආයෝජනය කලේද යන්න ගැටලුවකි..

:       1       12

Champa Thursday, 24 September 2020 01:16 PM

හොඳ කතුවැකියක්. නමුත් කොච්චර ලිව්වත් වැඩක් නැහැ. පාලකයින් මේ ප්‍රශ්නය තේරුම් ගන්නේ නැත්නම්... උදාහරණයක් විදිහට අධ්‍යාපන ඇමතිවරයා ගිනිගත්හේන අසරණ පාසල් දරුවන්ට පෞද්ගලිකව මුදලක් දුන්නු එක හොඳයි. නමුත් ඇයි ඔහු හිතන්නේ නැත්තේ ලංකාවේ ඉන්න සියලු අසරණ පාසල් දරුවන් වෙනුවෙන් දීර්ඝ කාලීන ක්‍රමයක් හදන්න? හැමදාම මෙහෙම ප්‍රවෘත්ති දැක්කාම උණුවෙන හිත් තියෙන ගුණවත් මිනිස්සු උදව් කරනවා. හැබැයි පාලකයන් නොදැක්කා වගේ ඉන්නවා. ලංකාවට වෙලා තියෙන ප්‍රශ්නේ කිසිපිළිවෙලක් නැහැ වැඩ... හැම ප්‍රශ්නයටම ඒ ඒ වෙලාවට උත්තර දෙනවා. එච්චරයි. පත්තරේ වැටෙන්නේ නැති අසරණ පාසැල් දරුවන් වෙනුවෙනුත් යමක් කළ යුතුයි කියලා හැමෝටම හිතන්න, මේ කතුවැකිය හොඳ ආරම්භයක්...

:       0       6

Champa Thursday, 24 September 2020 01:36 PM

මෙහි සඳහන් ලංකාගමට කපන පාර ගැනත් කියන්න හිතුවා. සිංහරාජය හරහා පාරක් කපන්න ගත්තේ මේ ආණ්ඩුව නෙමෙයි. යහපාලන ආණ්ඩුව. හේතුව සංචාරකයන් වෙනුවෙන්. ඒ ගොල්ලෝ පටන් ගත්තේ ඒ බව කෙලින්ම කියලා. මේ පාර කිසි ලෙසකින්වත් ලංකාගම මිනිස්සුන්ගේ දුක දැකලා හදන්න පටන් ගත්ත පාරක් නෙමෙයි. එදා පරිසරවේදීන් සහ පරිසරයට පණ වගේ ආදරය කරන සිංහලයින් විරුද්ධ වෙලා සිංහරාජය හරහා පාර කැපීම නවත්ත ගත්තා. ඊට පස්සේ මේ ආණ්ඩුව ඇවිත් නැවත පටන් ගත්තා. එදා වගේම පරිසරවේදීන් විරෝධය දක්වන කොට, කිව්වා පාර හදන්නේ ලංකාගම අසරණ මිනිස්සු වෙනුවෙන්ලු. ඒක බොරුවක්. යහපාලනය වගේම ඩෝසර් ආණ්ඩුවත් මේ පාර කපන්නේ සංචාරකයන් වෙනුවෙන් මිසක් ලංකාගම වැසියන් වෙනුවෙන් නෙමෙයි. ඇත්තටම ලංකාගම මිනිස්සු වෙනුවෙන් නම්; ඉස්සෙල්ලා බලන්න ඕනේ ඇයි ලංකාගමට මෙහෙම පාරක් අවශ්‍ය කියලා. හේතුව කියලා තිබුනේ වටේ පාරෙන් රෝහලට සහ පාසැලට යන එක අමාරුයි කියලා. එහෙනම් කරන්න ඕනේ සිංහරාජය වගේ අති දුර්ලභ ලෝක උරුමයක් විනාශ කරන එක නෙමෙයි, පවුල් 700ක් ඉන්න ලංකාගමට පාසලක් සහ රෝහලක් හදලා දෙන එක. ඔච්චර සරල දෙයක් හිතන්න බැරිද? හේතුව මේ පාර ඇත්තටම ලංකාගම මිනිස්සු වෙනුවෙන් නෙමෙයි.

:       2       7

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

‘හෂිෂ්‘ සමඟ විදෙස් තරුණිය ගුවන්තොටේදී මාට්ටු
2025 මාර්තු මස 10 113 0

රුපියල් දහ හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සහවා ගෙන පැමිණි විදේශීය තරුණියක් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධ


අපිරිසිදු පොල්තෙල් ප්‍රවාහනය කළ දෙන්නෙක් අල්ලයි
2025 මාර්තු මස 10 117 0

භාවිතයට නුසුදුසු පොල්තෙල් ලීටර් 15,620 ක් සැකරුවන් දෙදෙනෙකු ලොරි රථයක් සමග අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකායේ අරණගලංවිල කඳවුර කියයි.


වන අලියාගේ පහරින් ධීවරයා මරුට
2025 මාර්තු මස 10 132 0

කිරින්ද ,අදගලවැල්ල අබලන් සපත්තු බෝක්කූව අසලදී වනඅලියෙකු පහරදීමෙන් ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කිරින්ද පොලිසිය පවසයි .


පළාත් කීපයකට අද වැස්ස
2025 මාර්තු මස 10 239 0

උතුරු, උතුරු - මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ,නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍ය


කැනඩාවේ අලුත් අගමැති මාක් කාර්නි
2025 මාර්තු මස 10 1041 0

කැනඩාවේ පාලක පක්ෂයේ නව නායකයා ලෙස මාක් කාර්නි තේරී පත්විය. ඒ අනුව, කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ද 59 හැවිරිදි කාර්නි ට හිමිවෙයි.


මැති සබේ භූමියේ බල්ලන් පන්නයි
2025 මාර්තු මස 10 772 0

පාර්ලිමේන්තු පරිශ්‍රයේ සැරිසරන සුනඛයන් ඉවත් කරන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වේත්‍රධාරි කුෂාන් ජයරත්න මහතාට උපදෙස් දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 38 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 176 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 541 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Our Group Site