IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


ගන්දර වෙඩි තැබීම ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක්

 

(ගයාන් සූරිය ආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය )

මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය  අසලදී යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ රුපියල් ලක්ෂ 50 කොන්ත්‍රාත්තුවක් මත බව ගන්දර පොලිසිය පවසයි.

එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු සිවු දෙනකු   අත්අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගන්දර සහ දෙවිනුවර ප්‍රදේශවල පදිංචි 23 හැවිරිදි කාන්තාවක සහ 46 හැවිරිදි පුද්ගලයන් තිදෙනෙකි.

දැනට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බාලේ මල්ලි  නැමැත්තා විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට  පොලිසිය සැක පල කරයි.



අදහස් (22)

ගන්දර වෙඩි තැබීම ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක්

සෙනෙවිරත්න Sunday, 23 March 2025 11:05 AM

ඔය කියන අය ඩුබායි පැන්නේ දේශබන්දුලා වගේ හොර පූසන් පොලිස්පති කාලේ, දැන් අඬලා වැඩක් නැහැ... ඔය ඩුබායි වල ඉන්න අය ගෙන්නගන්න ක්‍රමයක් සොයා බලන්න ඉක්මනින්...

:       139       438

SedirsSunday, 23 March 2025 12:47 PM

සෙනෙවිරත්න, කුඩු සලිඳුටයි, පොඩි ලැසීටයි ඇප දුන්නේ ඔයාලාගේ මාලිමා ආණ්ඩුව කාලේ. ඇප දුන්නා විතරක් නෙමේ, රටින් පනින්නත් දුන්නා. තමන්ගේ නොහැකියාව වහ ගන්න අනිත් අයට බනින්න ලෑස්ති වෙන්න එපා. මහ පහත් ජේවීපී ගතියක් ඒක.

:       229       135

Nikam salinduSunday, 23 March 2025 01:10 PM

නීතිපති එයා පත් කළේ රනිල් මහත්තයා... මහින්ද මහත්තයා නම් නොවේ..

:       24       14

ජෙපි තර්කSunday, 23 March 2025 05:43 PM

කොහේද හතලිහක් පනහක් ඉන්නේ...? ඔක්කෝම එකතු කරත් 25ක් විතර තමයි ඉන්නේ. 2/3 බලයකුත් තියාගෙන, විධායක බලයකුත් තියාගෙන, ලක්ශ 4ක හමුදාවක් තියාගෙන ලංකාවේ ඉන්න 440ක් විතර පාතාල ගොට්ටෝ අල්ලන්න සැලසුමක් වත් නැතුව අනිත් ආණ්ඩු වලට බැන බැන ඉන්න එපා. ඔය රට පුරා හැමදාම එකා දෙන්න මරණ එක පටන් ගත්තේ අරගලේත් එක්ක. අමතක නිසා මතක් කරේ.

:       2       48

බයි සිතිවිලිSunday, 23 March 2025 02:11 PM

ඩුබායිවල හතලිහක් පනහක් විතර, ඉතාලියේ පහලොවක්, අනික් රටවල තවත් ගාණක් පාතාලයෝ පැනලා ගියේ මාලිමාවේ කාලේ. නියම තර්ක තියෙන්නේ බයියන්ට...

:       68       25

SuddaSunday, 23 March 2025 11:54 PM

හැබෑට. කුඩු සලිඳු ලා, පොඩි ලැසී ලා රටින් පනින්නේ 2024 අප්‍රේල් අගෝස්තු කාලේ. අපි දන්නේ නෑනේ එකාලෙත් මාලිමා ආණ්ඩුවක් තිබ්බ වග. අපි ඉන්න ලංකාවේ තිබ්බේ රට සවාරි යන කජු සීයාගේ කලවම් ආණ්ඩුව.

:       2       1

janahithaSunday, 23 March 2025 01:08 PM

මහින්ද මහත්තයා...!

:       17       7

NandanaSunday, 23 March 2025 05:55 PM

රට කාපු හොරුන්...

:       8       2

UAE apiSunday, 23 March 2025 01:12 PM

මෙහෙ ඇති කෙන්ගෙඩියක් නෑ. හැම දේටම ඔබලාගේ පිළිතුර ඩුබායි රාජ්‍ය. අන්තිම වතාවට ඔවුන් හමුවුණේ බෙලරූස්වල..

:       6       11

DongaMonday, 24 March 2025 12:02 AM

ඕන් බන්දුගේ යුක්තියේ කෙරුවාව. අපි හිතුවේ ඇඩ් එක දාපු හැටියට බෙහෙතකටවත් පාතාලයෙක් ඉතුරු වෙලා නැතිව ඇති කියල. බැලින්නන් කරලා තියෙන්නේ අර අහිංසක ලොරියක් එලවපු මනුස්සයෙක් මරලා, ඇත්ත පාතාලයන්ට රටින් පනින්ඩ වැඩේ සෙට් කරලා දීපු එක.

:       1       0

Nissanka Sunday, 23 March 2025 12:50 PM

මේ ආණ්ඩුව 2/3ක බලයක් තියාගෙන තාම විපක්ෂයට බැන බැන ඉන්නවා. පාතාලේ හුරතල් කර කර. ඡන්දේ ළං වෙලා පොඩි නාට්ටියක් නටයි. ඒත් සම්පූර්ණයෙන් පාතාලේ විනාශ කරන්න මාලිමාවට බෑ.

:       8       92

Rathnaweera Sunday, 23 March 2025 12:56 PM

තව පොලිස්පතිලා හිරේ දාපල්ලා. මෝඩ හැත්ත. පොලිසියට ඔහොම සලකනකොට මොළයක් තියෙන පොලිසියේ එකෙක් පාතාලෙට විරුද්ධ වෙයිද? ඉස්සෙල්ලා හමුදාවේ පොලිසියේ අයට දැනෙන්න ඕනෑ අය ආරක්ෂිතයි කියලා. නැත්තන් ඒකෙත් ඉන්නේ මිනිස්සුනේ. ඔවුනුත් හිතාවි අපි පස්සෙ කාලෙක හිරේ ලගින්න මෙච්චර නහින්න ඕනෑද කියලා.

:       16       73

RathneMonday, 24 March 2025 06:47 AM

ඔව් නේද. මොන ජරා වැඩේ කරත් තමුන්ට යහතින් ඉන්ඩ පුළුවන් කියල දැනෙන්න ඕන නේහ්. එතකොටනේ රාජ්‍ය අනුග්‍රහය ඇතුව මැර කණ්ඩායම් පාලනය කරන්ඩ, සුදු වෑන් වලින් මිනිස්සු උස්සන්න, තමුන්ට විරුද්ධ මැරයෝ පාරෙ මරා දාන්ඩ පුළුවන්.

:       1       0

Jinasena Sunday, 23 March 2025 01:00 PM

අනුන්ගෙන් පලිගැනීම විතරක් ඔලුවේ තියෙන ආනන්ද විජේපාල ඉවත් කරලා ඔලුවක් තියෙන එකෙක් ඕකට දානකන් ඔහොම වෙයි. මේ ආන්ඩුව ආරක්ශක අංශවල මුල් පු‍ටු වලට දැම්මේ රාජපක්ශලාගෙන් පලිගන්න සෙට් එකක් මිසක් රටේ ආරක්ෂාව ගොඩදාන්න පුළුවන් සෙට් එකක් නෙමේ.

:       8       61

ගුණරත්න Sunday, 23 March 2025 01:35 PM

ඔක්කොම වුණාට පස්සේ පොලිසිය කිරිපල්ලේ පාට පවා දන්නවා. ඒත් මොවුන්ට බැහැ මේවා වළක්වන්න. මේවා වුණාට පස්සේ හොයාගෙන මොනවා කරන්නද? පාතාලයෝ අල්ලන්න බැරි පොලිසියට පාණ්ඩුවේ බැරි බැරියාව බෝ වෙලා වගේ. පුදුමෙකුත් නැහැ, පාස්කු ප්‍රහාරය ගැන ලියුම මේසය උඩ තියෙද්දී ඒක නොසලකා හැරී පොලිසියේ ලොක්කෙක් මේ ආණ්ඩුවත් එක්ක ඡන්ද වැඩ කරලා දැන් පොලිස්සියේම ලොක්කෙක් වෙලා කිව්වාම....

:       13       66

ගන්දර වැසියෙක් Sunday, 23 March 2025 01:48 PM

මේ පාතාල කණ්ඩායම UNP හා පොලිස් ස්ථාන දෙකක හා අධිකාරි කාර්යාලයවලද අනුග්‍රහය ලැබූ පවුලක් හා ඥාතීන් මූලික මැර කල්ලියක්. වර්තමාන පොලිසියේ සහාය එලිපිටම ලැබෙන පාටක් නැහැ. මේ අය කරපු සමහර පහරදීම්, සොරකම්, මිනීමැරීම් වගේ සමහර අපරාධ ළඟදී එක් යූටියුබ් චැනල් එකක දෙවතාවකදී කියැවුණා. මොවුන්ගේ පවුල්වලට සම්බන්ධ හතර දෙනෙක් මරණ දඬුවමට යටත්ව හිරගෙදර. මේවා අද ඊයේ පටන්ගත්තා වගේ දඟලන අයට මේ තොරතුරු වැදගත් වෙයි. මේ තොරතුරු හොයලා දාන එක ජනමාධ්‍ය කරන්න ඕනෑ රාජකාරි. මේ පෝස්ට් එක නැවත දාන්නේ කලින් දැකපු නැති අයට දැනගන්න. අපරාධ ජාල විසිරිලා තියෙන තරමට නම් මැර ක්‍රියා අඩුකරන්න සෑහෙන කාලයක් යයි. ... මේ ආණ්ඩුවටත්.

:       49       23

දෙහි රමණීSunday, 23 March 2025 03:02 PM

දෙහිගෙදර වැඩ ගැන ඔයපැත්තේ දන්නැත්තං ඒ තාම ඉපදුණු නැති අය තමයි...

:       1       14

upulSunday, 23 March 2025 06:01 PM

ජෙප්පෝ කීයක් ගෙව්වද?

:       5       43

upul gonaa Sunday, 23 March 2025 08:12 PM

ඇත්ත ඇහෙනකොටත් අමාරුයිද දැන් ...?

:       1       7

බක්මී්ගොල්ල Sunday, 23 March 2025 02:46 PM

මොන හේතුවක් නිසා ඔය විජේපාල ලොක්කා ඕකට දැම්මද දන්නේ නෑ. කිසිම තේරුමක් නෑ. වැඩක් කරන්න බෑ පිළිවෙලකට, තමන්ගේ නිරුවත වහගන්න අනුන්ට දොස් කියනවා.... අඩුම අර ගෑනු ලමයවත් අල්ලගන්න බැරි උනානේ.... පොලිස්පති බාර උනේ දේපල තහනම් කරන්න සුදානම් උනාට පස්සෙලු. යකෝ බැරිකම, නොහැකියාව කියන්නෙම නෑනේ. මේ මනුස්සයා තමයි ඕං මේ ආණ්ඩුව කන්නේ... පොඩ්ඩක් වහසි බස් කියන එක නවත්තලා වැඩක් කෙරුවා නම්..... පරණ වැල් බයිලා තවම දොඩවනවා. අනේ මන්දා...

:       10       61

Saman Sunday, 23 March 2025 06:28 PM

ජෙප්පෝ ගේන්න සල්ලි වියදම් කලේ පාතාල සහ කුඩු කල්ලි. රටේ යම් සාධනීය දේවල් කරන ගමන් රටේ ආරක්ෂාව දියාරු කරලා මේ අයගේ වැඩ නිදහසේ කරන්න දෙන එක තමයි මාලිමා ක්‍රමවේදය...

:       6       34

prasanna Monday, 24 March 2025 12:20 PM

ආණ්ඩුව සුපිරියට පුරුදු පුහුණු වුණු වැඩ ටික කරගෙන යනවා අයිඑම්එෆ් එකෙන් කියලා තියෙනවා ලංකාවේ ජනග්‍රහණය වැඩියි කියලා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඇල්ලේ නායයෑමෙන් රථවාහන ධාවනයට බාධා
2025 අප්‍රේල් මස 01 306 0

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේ මීට සුලු මොහොතකට පෙර අද (01) සිදු වූ නායයාමක් හේතුවෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතයි ආපදා කළමනාක


අකිල එජාප උප නායක ධූරයට
2025 අප්‍රේල් මස 01 495 0

එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරය සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කරනු ලැබ තිබේ.


ආලංකුලම වැව් ඉස්මත්තේ අනවසර ගොඩනැගිල්ලක්
2025 අප්‍රේල් මස 01 800 0

අනුරාධපුර ආලංකූලම වැව් ඉස්මත්තේ ඇති වගුරු සහිත කුඹුරු බිම සහ හග්ගමුව කැලේ සහිත අක්කර ගණනාවක භූමිය ලබා දී ඇත්තේ නිසි ක්‍රමවේදයට නොවන ආකාරයට ගොවිජන සංව


ඉන්ධන ලොරිය වෙළට පෙරළේ
2025 අප්‍රේල් මස 01 588 0

කොලොන්නාව සිට මඩකලපුව බලා ධාවනය වූ ඩීසල් හා පෙට්‍රල් ප්‍රවාහන බවුසරයක් මනම්පිටිය ආච්චිබෝක්කුව ප්‍රදේශයේදී අද සවස 4.00 ට පමණ පාරෙන් ඉවතට පෙරළී මෙන් එහි


අඩුවට කෑම දෙන ආණ්ඩුවේ හෝටලේ ඇරැඹෙයි
2025 අප්‍රේල් මස 01 1759 0

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා දීමට රජය හඳුන්වාදුන් වැඩසටහන නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ “පැ


ගුරුවරයාගේ පහරකෑමෙන් සිසුවා රෝහලේ
2025 අප්‍රේල් මස 01 521 0

ගාල්ලේ විදුහලක ගුරුවරයෙකුගේ පහරදීමකින් කනට බර පතල තුවාල සිදුව ඇති සිසුවෙකු අද (01) සවස කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 150 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 736 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 764 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site