IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ගබ්සා පෙති, පිස්සු පෙති වනසයි

ඉන්දියාවෙන් හා  පාකිස්ථාකයෙන්  නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වටිනා  ඖෂධ වර්ග 22 ක් විනාශ කිරීමට රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතා අද කටුනායකදී නියෝග කළේය.

මේවා රජයේ ඖෂධ සංස්ථාවෙන් හෝ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින්  තොරව මෙරටට ගෙන ඒමට උත්සහ කරද්දී  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගුනිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ  ඖෂධය.

මේ අතර ගබ්සා කිරීම සඳහා උපයෝගී කර ගන්නා බාල එන්නත් හා පෙති වර්ග, උපත්පාලන පෙති සහ එන්නත්, මානසික ලෙඩුන්ට දෙනු ලබන පෙති වර්ග,  වකුගඩු  බද්ධ කිරීමේදී දෙනු ලබන බෙහෙත් වර්ග,  හෘද රෝගීන්ට දෙනු ලබන බෙහෙත් මෙන්ම පිලිකා රෝගීන්ට දෙනු ලබන බෙහෙත් වර්ගද විය.

මෙම ඖෂධ වර්ග පරික්ෂා කිරීම සඳහා රේගු අධ්‍යක්ෂක ජනරලා් ජගත් පී විජේවීර, අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල්වරුන් වන  තිලක් පෙරේරා, එම්. ප‍්‍රමිහරන්, රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී, ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් සහ රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්ෂක අතුල ලංකාදේව යන නිලධාරීහු ගුවන්තොටුපොළට පැමිණියහ.
 එහිදි රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී ව්ජේවීර මහතා පැවසූවේ මෙම බෙහෙත් වර්ග වල  ඇති විෂ රසායනික තත්වය පිළිබඳ නොදන්නා මහජනතාව වෙළඳපොළෙන් මිළදී ගතහොත් ඉන් සිදුවන හානිය ඉමහත් බවය. 
එමෙන්ම මේවා ප‍්‍රවාහනය කිරීමේදී  බොහෝවිට ගුවන් මගීහු අනවසර අයුරින් ගමන් බෑග් තුළ සගවාගෙන ගෙන හෝ ශරීරයේ සගවාගෙන එන බැවින් නිසි උෂ්ණත්වය හා ප‍්‍රමිතියද නැති බැවින් භාවිතය හානිකර බවය..
ඖෂධ මෙරටට ගෙන ඒමේ සංවිධානාත්මක ව්‍යාපාරයක්  දීර්ඝ කාලයක් පුරා පවතින බවත් මෙමගින් ඇතැම් ව්‍යාපාරිකයින් අතිවිශාල ලෙස  මුුදල් උපයන බවත් පැවසූ රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා මෙවැනි ජාවාරම් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙසද  මහජනාතාවගෙන් ඉල්ලා සිටින බවද කීය.
තවද ගුවන්තොටුපොළ තොරතුරු ලබා ගැනීමේ ඔත්තු සේවාවන් දියුණු කරන බවත්  රේගු නිලධාරීන්ට මේ පිළිබදව විශේෂ  පුහුණුවක් ලබා දෙන බවද කීය.

 

 

 

 

 


 

 

 



අදහස් (0)

ගබ්සා පෙති, පිස්සු පෙති වනසයි

ඉන්ද්‍රජිත් Wednesday, 08 May 2013 05:15 PM

ෂුවර් එකටම උපත් පාලනය නම් හම්බයෙක් ගෑවිලා ඇති. (නි)

:       0       0

ධර්මපාල-නිව් යෝක් Wednesday, 08 May 2013 05:28 PM

ධර්මපාලතුමාගේ කතාව කියවන්න. සිංහල විදිහට කවුරුත් හිතන්න. සිංහල ජාතිය විනාශ කිරීමට හැම දෙයක්ම සිදු කරගෙන යනවා. කවුරුත් මේක තේරුම් ගෙන නියම සිංහලයෝ විදිහට වැඩ කරන්න ඕනෑ. (නි)

:       0       0

දානේෂ් Wednesday, 08 May 2013 05:40 PM

මේවා ගෙනාපු අයට මොකුත් ඇක්ෂන් එකක් නැද්ද? (නදී)

:       0       0

සරත් Wednesday, 08 May 2013 06:13 PM

තව තවත් මේවගේ වැටලීම් කිරීමට හැකිවේවා! මේකට සම්බන්ධ වූ සියලුම දෙනාටම බොහොම පින්! (නි)

:       0       0

චතුල වෙරෝන Wednesday, 08 May 2013 06:34 PM

මෙය ඉතාමත් හොඳ ආරම්භයක්. රේගුවට අපේ ආචාරය පුද කළ යුතුයි. හොර ෆාමසි රටපුරා වැහි වැහැලා. ඒත් මේවට හොර කිව්වට තියෙන්නෙ නගර මැදමයි. සෞඛ්‍ය බලධාරින් මේ ගැනත් බැලිය යුතුයි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 08 May 2013 07:21 PM

මෙම බෙහෙත් තොගය මිලදී ගන්න පකිස්තානයටයි, ඉන්දියාවටයි දෙන්න ඇත්තේ ලංකා රුපියල් නේද? එතකොට බෙහෙත් විනාශ කරලා විතරක් සෑහෙනවද ? (නි)

:       0       0

ලලිත් Thursday, 09 May 2013 08:45 AM

අනේ මහත්වරුනේ, මේවා පෙන්න පෙන්න ඉන්න එපා. දුටු තැනම විනාශ කරලා දානවා නම් ඉවරයි නේද ? ඔච්චරනේ අහු වුණේ, කොච්චරක් එළියේද කාටද කියන්න පුලුවන්. (නි)

:       0       0

මනෝජ් Wednesday, 08 May 2013 07:38 PM

සිංහලයා නැති කරලා දාන්ට සිංහල විරෝදී කුමන්ත්‍රණකරුවන් විසින් කරන තවත් එක උපක්‍රමයක් තමයි ඔය. (නි)

:       0       0

මහේෂ් දිල්ෂාන් Wednesday, 08 May 2013 07:47 PM

පලමුව මෙම කාර්‍යය කළ සියලු දෙනාම ඉතා ඉහළින් අපි අගය කරනවා. ඔවුන්ට බොහෝ පින්. නමුත් ගැටලුව මෑතකදි මේ සම්බන්ධව අපේ හාමුදුරුවරු කතා කිරීමෙන් පසුව හිටිහැටියෙම මේවා අහුවෙන එක. මේවා මීට කලින් ඉදන් වෙන්න තිබුන ඒවා. කොහොම වුණත් දැන් හරි මේව නවත්තලා අපේ සිංහලයන්ව බේරගන්න උත්සහ කරනවා නම් ඔබලාට ඒ පිනම ඇති. (නි)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 08 May 2013 08:04 PM

ගුවන් තොටුපොල රේගු නිලධාරීන්ට පැසසුම් කළ යුතුයි රටට විනාශකාරී බෙහෙත් අත්‍ අඩංගුවට ගෙන මහා ව්‍යසනයකින් රට බේරා ගත්තට. ගුවනින් ගෙනාපු නිසා අහුවුණා. නැවෙන් ගෙනවා නම් මෙලහකටත් වෙළඳ පොලට ගිහින්.මේවා රටට ගෙන්වපු පුද්ගලයා කව්ද? (නි)

:       0       0

නෙතුමි Wednesday, 08 May 2013 08:06 PM

මේවායේ වටිනාකම කෝටිගානක් වුණත් මේවායෙන් මිනිස් ජීවිතයට අබමල් රේණුවක වටිනාකමක් නැහැ. මේවා විනාශ කිරීමෙන් වෙන පාඩුවට වඩා රටට ලෝකයක වෙන යහපත ගැන හිතලා හිතහදාගන්න කියන්න. (නි)

:       0       0

තරිදු Thursday, 09 May 2013 08:53 PM

රේගුවට අපේ ආචාරය.සම්බන්ධ වූ සියලුම දෙනාටම ගොඩක් පින්.(නදී)

:       0       0

සෑම් Wednesday, 08 May 2013 09:11 PM

ඔන්න ජාතික සමගිය,සහජීවනය... සිංහල අපට දෙන තෑගි... (නි)

:       0       0

විජේසිංහ Thursday, 09 May 2013 11:43 AM

මේක නම් හොඳ දෙයක්. මේ ව‍ගේ කොච්චර ප්‍රමිතියෙන් තොර බෙහෙත් ගෙන්වනවා ඇද්ද? අපි මේවද ගන්න බෙහෙත්. (නි)

:       0       0

අශෝක Wednesday, 08 May 2013 11:32 PM

මුසලීම් ජාතිකයෝ සිංහල ජාතිය වනසන්න කරන වැඩ දැන්වත් තේරෙන්නෙ නැද්ද? ඔවුන් ගබ්සා කරන්නේ නැත. කාටද මේවා? රට දෙන්න මිසක් රට රැකගන්න ඕනෑ නැද්ද? මේක කාගේ අවාසනාවද? (නි)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 08 May 2013 03:40 PM

රේගු අධ්‍යක්ෂකතුමනි, මේ කරපු මානුසික මෙහෙවර පින් මහිමයෙන් ඔබ තුමාට මතු බුදු කෙනෙකු හෝ මහරහත් කෙනෙකුන්ම වේවා!(නදී)

:       0       0

දමිත් Wednesday, 08 May 2013 04:22 PM

ඔයවගේ අයට බුරුලක් දෙන්න එපා, එයාලා අපිව පාලනය කරන්න ගොඩක් උත්සාහ කරනවා නේ (නි)

:       0       0

රාජි Wednesday, 08 May 2013 04:30 PM

ගොඩක් පින් ඔබ සැමට (නි)

:       0       0

බන්දුල Thursday, 09 May 2013 02:38 AM

මොනවා හෙළිදරවු කළත් වැඩක් නැහැ. මේවා ගෙන්වපු උදවිය පිළිබඳව හෙළිදරවු නොකරන්නේ මෙලහකටත් මේකට කවුරුහරි දේශපාලන බලවතෙක් සම්බන්ධ වෙලා ඇති. (නි)

:       0       0

පුබුදු Wednesday, 08 May 2013 04:45 PM

කවුද මේවා ගෙන්නුවේ ? කොහොමද මේවවට මුදල් යැව්වේ? දෙන්න ඕනෑ හොද දඩයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 157 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1026 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 276 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 166 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


“පක්‍ෂය පාවාදුන් අයට නාමයෝජනා දෙන්නේ නෑ“
2024 සැප්තැම්බර් මස 30 366 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත


මට ගහන්න කවුරුත් එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 30 935 0

ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25225 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site