හලාවත - මුගුණුවටවන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු පැහැර ගෙන ගොස් පොරොන්දු නෝට්ටුවකට බලහත්කාරයෙන් අස්සන් ගත් බව කියන ගම්පහ කොට්ඨාස රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත පෙරේරා සහ හලාවත පදිංචි වර්ණකුලසූරිය ෂෙල්ටන් ප්‍රනාන්දු මැයි මස 07 වැනි දින දක්වා රිමාන්ඩ් කරණ ලෙස හලාවත දිසා විනිසුරු ජගත් කහදගම මහතා අද නියෝග කළේය.
අධිකරණය මග හරිමින් සිටි ගම්පහ කොට්ඨාස රථවාහන අංශයේ ස්ථානාධිපති නීතිඥයෙකු මගින් අධිකරණයට බාරවූයේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දන්නේ නැහැ . මේක පරණ දිග කතාවක්. පොලිසියත් ,අධිකරණයත් බල ගත්තාවේ ! (අ)
නිල ඇඳුම ඇන්දහම ඕනෙම දෙයක් කරන්න පුළුවන් කියල තමි මේ පොලිස් නිලධාරින් සිතන්නේ. ඔවුන් ගේ කල්ක්රියාවන් කිසිසේත්ම අනුමත කරන්න බැහැ. දඬුවම් දෙන්න අධිකරණයට පමණි ඇත්තේ තියෙන්නේ. සමහර විට අහිංසක මිනිසුන්ට මේ වගේ නිලධාරින් තිරිසන්නු වගේ සලකන්නේ. උපරිම දඬුවම් ලබාදෙන්න. (අ)
පොලිසියේම ලොකු මහත්තුරු මේ වගේ නම් රටේ සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාද ? රටට ගිය කලක් (අ)
එල්ලපියබය නැතිව
බයවෙන්න එපා..(අ)
පොරොන්දු නෝට්ටුවකට බලහත්කාරයෙන් අස්සන් ගන්න මට බැරිද? පුළුවන්....පුළුවන්. මොකද බැරි? (නි)
අනේ මේ කාර්යශූර නිලදරුවාට සුදුසු යමක් කරන්න. (නි)
මාත් නිශාන්ත එක්කයි. තව කවුද එන්නේ අපිත් එක්ක? (නි)
ඔහොම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුත් වැරදි කළා නම් ලිස්ට් එකේ ඉන්න අනිත් අයට ඒ.එස්.පී. වෙන්න තියෙන තරගය අඩු වෙනවා (නි)
නයි නළඟන එයා පෝට් එකේදී අත්අඩංගුවට ගන්න කියල ආගමන විගමන පාලකට නියෝග කරන ලෙස අධිකරණයෙන් ඉල්ලපු පොලිසියට, නගරාධිපතිව පැය කිහිපයක් ඇතුලත අල්ලපු පොලිසියට මෙයාව හොයා ගන්න බැරි වුණා එයාම ඇවිත් උසාවියට බාර වෙනකල්. ඒ දක්ෂකමට සැලකීමක් හැටියට හැංගිලා හිටපු කාලයට වැටුප් සහිත රාජකාරි නිවාඩු දෙන්න වටිනවා. (නි)
පොලිසිය මොකද මේ මෙච්චරටම හොරු සමග හෙළුවෙන්? (නි)
හොරා පොලිස්.... (නි)
ඔන්න ඔහේ මේක සමාදාන කරලා දාන්න (නි)
මෙයාගෙන් ප්‍රශ්න කරයි ? ඒත් හෙට අපිට අහන්න ලැබෙයිද දන්නෙ නැහැ අර පැමිණිල්ල දාපු කෙනා කුඩුවේ කියලා ....? (නි)
යම්කිසි ප්‍රකාශයක් ලියාගත් පසු එය කියවීමට මහජනයාට ඉඩ දිය යුතයි! ඇහැලියගොඩ පොලිස් එස් අයි කෙනෙකු වරක් කීවා , මහජනයාට පොලිසිය ලියන දෙය බලන්න උවමනා නැ, නමුත් එයට අත්සන් කල යුතයි කියල , මොකක්ද මේකේ නීත්‍යනුකුල පැත්ත? (නදී)
දුමින්ද මහත්තයට ට කල දේ වසන්ත පෙරේරාට කරනවා එහෙම නෙවෙයි.(නදී)