යක්කල හංදියේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකුට පහරදුන්නැයි සැකපිට තවත් දෙදෙනකු මැයි හය දක්වා රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ ගම්පහ මහේස්ත්‍රාත් ප්‍රදීප් ජයතිලක මහතා සැකකාර නගරාධිපති එරංග සේනානායක පෙර ඇප මතම මුදා හරින ලෙස නියෝග කළේය.
දේශපාලනඥයන් සමාජයට ආදර්ශවත් අන්දමින් කටයුතු කළ යුතු බව ද මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ පැවසුවේය.
නගරාධිපතිගේ සම්බන්ධීකරණ ලේකම් සිරිසේන නානායක්කාර සහ හිරන්ත දිල්රුක් එලෙස රිමාන්ඩ් කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා ඔය එක එක්කෙනා කියන තරමටම නරක නැහැ කියලයි අපි දන්නේ (නි)
මේ ඈප දීම නීතියට පිටින් ගිය එකක් බව ඉතාමත් පෑහෑදිලියි. මෙම පුද්ගලයා නිලධාරියාට පහර දෙන දර්ශණය දහස් ගනනක් දෑක්ක. හිරේට නොදා ඈප දීමෙන් වෙන්නෙ හෙට තව එකෙක් ගුටිකන එකයි.(නදී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. සාමාන්‍ය වැසියෙක් පොලිසියට පහර දුන්නොත් ඔය වගේම ඇප ලැබෙයිද? (නි)
විනිසුරුවරුන් දිවුරුම් දෙනවා "බියෙන් හෝ අගතියෙන් තොරව නීතිය ක්‍රියාත්මක කරමි" කියලා. (නි)
මේ වගේ අය දේශපාලනයට කරද්දී රට ගැන මොන කතා ද? (නි)
රණා, ඔයා ගම්පහ කෙනෙක් වෙන්න බැහැ. හැබැයි ලංකාවේ නීතියේ හැටියට නම් ගුටිකාපු පොලිස් රාළහාමිලා දෙන්නවයි බන්ධනාගාරගත කරන්න තිබුනේ. (නි)
රණා, ඔයා මොනවද පුරපති ගැන හොඳ දෙයක් දන්නේ? (නි)
ලංකාවේ ඔහොම තමයි. අයි ඩෝන්ට් නෝ වයි?... (නි)
ගුටි කාපු පොලිසියේ දෙන්නා රිමාන්ඩ් කළා නම් හරි මම හිතන්නේ. (නි)
තව මාසෙකින් රාළහාමිලා දෙන්නා මාරු කරයිද කියලයි මට සැක. මොකුත් දන්නෙත් නැති වෙයි කවුරුවත්ම. ආයෙම අපේ මෝඩ ඡන්ද දායකයෝ ඊළඟ ඡන්දෙදිත් එයාලව දිනවයි (නි)
වැරදි නම් කවුරු කළත් වැරදියි. (නි)
මම ලලිත් සමග සියයට සියයක්ම එකගයි.මෙය ආදර්ශයට අරන් තියෙන්නේ කවුද (අ)
අර ඕපදූප වාහිනි වල 8 ට රස කරකර පෙන්නන මෙලෝ වැදගත්කමක් නැති ඕපාදූප එක්ක රෑ තිස්සෙම ටෙලිනාට්‍ය බලන අපේ බොහෝ දෙනෙක් මේ වගේ දෙයක් වුණත් දන්නෙත් නැහැ. දැනගත්තත් ඕවායේ ගානකුත් නැහැ. (නි)