හලාවත මුගුණුවටන ව්‍යාපාරිකයකුගෙන් බලෙන් පොරොන්දු පත්‍රයක් අත්සන් කරවා ගත් බව කියන ගම්පහ කොට්ඨාස රථවාහන අංශයේ පොලිස් නිලධරයා අත්අඩංගුවට ගෙන නැතැයි පොලිස් ආරංචි කියයි.
ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පති එන් කේ ඉලංගකොන් මහතා නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කළින් ප්‍රකාශ කර තිබිණි.
පුත්තලම පොලීසියේ උසස් නිලධරයෝ අද විශේෂ සාකච්ඡාවක් පවත්වමින් සිටින බව ද දැනගන්නට ඇත.
මේ අතර මේ සිද්ධියට සම්බන්ධ බව කියන යක්කල ව්‍යාපාරික ජයමාල් සිරි තිසේරා හලාවත මහේස්ත්‍රාත් ජගත් කහඳගම මහතා විසින් ලබන නම වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නයි නළගන ගැන තියෙන කලබලේ මෙම 'හොරා' සම්බන්ධව පොලිසියට නැහැනේ.(නදී)
සම්පත් මල්ලී, මම තරහා නැහැ. දැන්වත් තේරෙනවද මෙයා යන එන අත.(නදී)
නිකම්ම නිකම් පොලිස් ලොක්කෙක් වෙන්න බැහැ. සුපිරි ගනයේ දෙසපාලන ලොක්කෙක් වගේ.(නදී) .
පොලිස්පතිටත් වඩා ප්‍රබලයෝ පොලිසියේ ඉන්නවා වගේ. පොලිස්පතිතුමාත් ඉස්සර හිටිය උන්දලා වගේ නෙවෙයි. ටිකක් සාධාරණයි. කෙලින් වැඩ. හැබැයි කරගන්න පුළුවන් වේවිද තමයි ප්‍රශ්නේ?(නදී)
අපි සැමෝමද මෙම සිද්ධිය දෙස බලා සිටින බව අමතක නොකරන්න. (නි)
ලංකාවේ පොලිසිය ගැන කතා කරන්න හරිම අප්පිරියයි. ඔක්කොටම ඉස්සෙල්ලා ලක්ෂ ගණන් පගා ගහන හොර තක්කඩිකම් කරන නිලධාරීන් නීතියේ රැහැනට අල්ලා ගන්න. (නි)
ගම්පහ පොලිස් ලොක්කා තාම එළියේ කියන්නේ ව්‍යාපාරිකයා ඇතුළේ කියන එකද? (නි)
මම අහලා තියෙනවා සමහර තරහා කාරයන්ට කුඩු ගංජා සාක්කු වලට නොතේරෙන්න දමා අල්ලා ගන්න බව. සමහරු අසරණකම නිසා දඩුවම් විදපු අවස්ථාත් තියෙනවා.(නදී)
නිතිය කාටත් එනයි නේද?(නදී)
පොලිස් ලොක්ක අල්ලන්න බැරි , එයා ඉන්දියාවට පැනලා ගිහින්වද්ද? (නි)
අනේ දයාගේ මොලේ!(ස)
වහාම අත්අඩංගුවට ගන්න (දී)
අනිතියට ඉඩක් නැත (දී)
එහෙම වෙන්න බැහැ, වහාම අත්අඩංගුවට ගන්න (දී)
එහෙම අත් අඩංගුවට ගන්න පුලුවන්ද? මෙයා අපේ පොලිසියේ ලොක්කෙක්නේ??? (නි)
කැකිල්ලේ රජු දවස නඩුවකට වෙච්ච වින්නැහියක් වගේ මේකත් (ස)
එතකොට ව්‍යාපාරිකයා රිමාන්ඩ් කළේ ඇයි? (නි)