ගම්පහ නගරාධිපති එරංග සේනානායක ඇතුළු පිරිසක් ගම්පහ පොලීසියේ කොස්තාපල්වරයකුට පහර දුන්නැයි කියන නඩුවේ දෙවැනි සහ තෙවැනි සැකකරුවන් වන සිරිසේන නානායක්කාර සහ ශිරන්ත දිල්රුක්ට ගම්පහ පොලීසියට ගොස් කටඋත්තර දෙන්නැයි නියෝග කළ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රදීප් ජයතිලක මහතා සැප්තැම්බර් 23 වැනිදා දක්වා නඩුව කල් තැබීය.
පසුගිය අප්‍රේල් 16 වැනිදා රාත්‍රී අංක තහඩු නැති යතුරුපැදියක් පරීක්ෂා කිරද්දී එතැනට ආ නගරාධිපති එරංග සේනානායක ඇතුළු පිරිස කොස්තාපල්ට බැන, තර්ජනය කර පහර දුන්නැයි පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
ගම්පහ පොලිස් අධිකාරී නියමයෙන් අත්අඩංගුවට ගත් නගරාධිපති අධිකරණයට ඉදිරිපත් කළ අතර එදින වැඩ බලන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ නිමල් රණසිංහ මහතා විසින් මුදල් හා ශරීර ඇප මත ඔහු මුදා හරිනු ලැබීය. දෙවැනි නඩු දිනයේ උසාවියට ඉදිරිපත් වූ නගරාධිපතිගේ ලේකම් සිරිසේන නානායක්කාර සහ ශිරන්ත දිල්රුක් රිමාන්ඩ් කැරුණු අතර පසුගිය සතියේ මෝසමක් මගින් නඩුව කැදවා ඇප ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෑන් ආයුධ දීලලුනෙ තියෙන්නේ. ඈදලා අරින්නයි තියෙන්නේ.(නදී)
පොලිස්කාරයා තනියම ගහගත්තද දන්නෙ නෑ.(නදී)
ගුටිකන පීසීලා පොලිසියට වුවමනාද නැද්ද කියලා හිතලා බලන්න ඕනෑ නේද? (නි)
පොලිස් නිලධාරීන් කොහොමත් උගත් කට්ටිය. ඉතින් ලංකාවේ කොහෙට මාරුකළත් කොන්ද කෙලින් තියාගෙන රස්සාව කරන්න. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. පොඩි මිනිහෙක් කළා නම් ඒත් මෙහෙමම වෙයිද? (නි)
පොලිස් අධිකාරී නියමයෙන් අත්අඩංගුවට... එලියට දාන නියමය මොකද මෙච්චර පරක්කු? (නි)
හැම වෙලේම තමන් කරන රැකියාවට ගරුකන්න ඕනෑ. එවිට තමා ආත්ම ගරුත්වය රැකෙන්නේ (නි)
රුපවති, ඔයා හරි නමුත් කීදෙනාද එහෙම කරන්නේ අද ඒවාට ඉඩක් නැහැ. (ස)