බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයෙන් සහ ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් සිදු කළ විශේෂ විමර්ශන දෙකකින් පසු ස්ථාන මාරු කිරීමට නිර්දේශ කළ ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලයේ විදුහල්පති වහා ක්‍රියාත්මක වන පරිදි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනියුක්ත කර ඇතැයි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු ආරංචි කියයි.
එම විද්‍යාලයේ නව විදුහල්පති ලෙස මිනුවන්ගොඩ යටියන මහා විද්‍යාලයයේ විදුහල්පති පත් කර ඇතැයි ද එම ආරංචි සඳහන් කරයි.
ඉකුත් ජනවාරි සහ පෙබරවාරි මාස වල සිදු කළ විමර්ශනවලින් පසු මේ විද්‍යාලයයේ විදුහල්පති ද, නියෝජ්‍ය විදුහල්පතිවරුද, අනධ්‍යයන සේවකයකු ද ස්ථාන මාරු කිරීමට නිර්දේශ කැරිණි.
එලෙස නිර්දේශ කර තිබියදී එය ක්‍රියාත්මක නොවූ තැන ඒ ගැන මාධ්‍ය මගින් හෙළිදරව් කළ අතර, ලංකා ගුරු සංගම්යේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතාගේ අත්සනින් පළාත් අධ්‍යාපන ලේකම්ට ලිඛිතව ඉල්ලා තිබුණේ හැකි ඉක්මනින් නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසයි.
ඉන් පසු මේ සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුහල්පති ස්ථාන මාරු කර ඇත. පාළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසුවේ විමර්ශනවල එක් නිර්දේශයක් පමණක් ක්‍රියාත්මක කර අනෙක් නිර්දේශ ක්‍රියාත්මක නොකර සිටියහොත් ඊළඟට එන විදුහල්පතිට එම විද්‍යාලයේ රාජකාරි කිරීමේදී ගැටළු මතුවිය හැකි බවයි.
එම නිසා විමර්ශනවලින් දුන් නිර්දේශ අනුව හැකි ඉක්මණින් නියෝජ්‍ය විදුහල්පතිවරු ද, අනධ්‍යයන සේවකයකුද ස්ථානමාරු කර විද්‍යාලයේ පරිපාලනයට අනිසි ලෙස මැදිහත්වන ආදිශිෂ්‍යයන්ට අවවාද කර ලිපි යැවිය යුතු බව ද එම නිලධාරියා පැවසීය.
බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත
බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය
මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගම්පහ බණ්ඩාරවත්තට නව විදුහල්පතිවරයෙක්
දයා අලහකෝන් Wednesday, 24 April 2013 02:49 PM
අන්න හරි, ආදි සිසුවොත් ඉන්නවනේ තමුන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න බැරි කොටසකුත්.(නදී)
නැතුමී Thursday, 25 April 2013 10:23 AM
අනේ හොඳයි මොන ඉස්කෝලේ වුණත් දියුණු වෙනවා නම් කාටත් වැඩදායකනේ. (නි)
දෙමිතා Thursday, 25 April 2013 12:25 AM
පැතුම්, බණ්ඩාරවත්ත කියන්නේ එක පාසලක්. බණ්ඩාරනායක කියන්නේ තව පාසලක්. ඔයා ඔය කියවන්නේ බණ්ඩාරනායක එක ගැන. (නි)
පැතුම් Wednesday, 24 April 2013 04:56 PM
ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන හොඳම පිරිමි විදුහල. එහෙත් පරිපාලනයේ දුර්වලතා නිසා පිරිහිලා ගිහින්. දැන්වත් හොඳ වෙයිද බලමු. (නි)