(තිලකරත්න දිසානායක)
ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් මෝරුපොල ප්‍රදේශයේදී ඉකුත් 3 වෙනි දින ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනකදී, ලේ පරිත්‍යාග කළ කිහිපදෙනෙකුම කොවිඩ් -19 වයිරසය ආසාදිතයින් බවට තහවුරුවී තිබේ.
එබැවින් එම රුධිර ප්‍රමාණය ඉවත් කරන්නැයි දැනුම් දීමට පියවර ගත් බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පැවසීය.
මෙම ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහන ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හෝ ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හෝ දැනුවත් නොකර පවත්වා ඇත.
ලේ පරිත්‍යාග කළ අය අතරින් එකම පවුලේ තිදෙනෙකු ඇතුලු 4දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් බව තහවුරුවීම මත එම ප්‍රදේශයේ පවුල් 19 ක සාමාජිකයින් 100 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව මෝරුපොල ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත බණ්ඩාර මහතා සදහන් කළේය.
එම වැඩසටහනට සහභාගි වී ඇති විදුලි බල මණ්ඩලයේ සේවය කරනු ලබන අයෙකුට සහ වරාය අධිකාරියෙහි සේවය කරන අයෙකුට හා ඔහුගේ බිරිදටත් , සොහොයුරාටත් වයිරසය ආසාදනය වී ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.
ආසාදිතයෙකුව සිටින විදුලි බල මණ්ඩලයේ සේවය කරනු ලබන තැනැත්තාගේ පියා බස් රියදුරෙකු ලෙස මාතර - කොළඹ බස් රථයක සේවය කරන අයෙකු බවද අනාවරණය වී ඇති බව සදහන් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඔහුද පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීමට පියවර ගන්නා බවද කීය.
ඉකුත් 3 වෙනි දින ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනට එක්වූ දැනට ආසාදිතව සිටින්නන් ඇතුළු ග්‍රාමයෙහි පිරිසක් සාදයක් පවත්වා ඇති බවක්ද අනාවරණය වී ඇතැයි සදහන් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත බණ්ඩාර මහතා කියා සිටියේ, මේ සම්බන්ධයෙන් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දැනුවත් කරමින් එම පිරිස හදුනා ගැනීමට කටයුතු කරමින් සිටින බවය.
මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු
උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක
කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස
තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගම්පහදී කොරෝනා ආසාදිතයන් තිදෙනෙක් ලේ දන්දීලා
මොහම්මද් Friday, 08 January 2021 12:37 PM
මුස්ලිම් කොරොනාවට ජයවේවා..!!!
Kamal Friday, 08 January 2021 02:58 PM
මෙම රෝගය ලේ හරහා සම්ප්‍රේෂණය වෙනවාද?
Dilshad Friday, 08 January 2021 06:05 PM
ඒ නමුත් ලේ දෙන්නේ හොඳ හිතින්නේ...
නෙවිල් ගුණසේකර Saturday, 09 January 2021 04:41 AM
ලේ දුන්න අය කොහොම වෙතත්, ලේ ගත්ත මෝඩ රාජ්‍ය නිලධාරීන් දැනගන්න ඕනෑ නේද? අදාල බලධාරීන් දැනුවත් කිරීමට සහ මේ වගේ අවස්ථාවක අවශ්‍ය ආරක්ෂා පියවර ගැනීමට.''