2012 අපොස උසස් පෙළ විභාගයේ විෂය ධාරා හතරෙන් ගමිපහ දිස්ත්‍රික්කයේ පළමු ස්ථාන තුනක්ම දිනාගනා ගනිමින් විශිෂ්ට ප්‍රතිඵල පෙන්වීමට ගමිපහ බණ්ඩාරනායක විද්‍යාලය සමත්විය.
වාණිජ අංශයේ දිවයිනෙන් දෙවැනි ස්ථානයත්, එම අංශයෙන්ම ගමිපහ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය සහ දෙවැනි ස්ථානයත් , ගණිත අංශයෙන් දිස්ත්‍රික්කයේ පළමුවැනි ස්ථානයත්, ජීව විද්‍යා අංශයෙන් දිස්ත්‍රික්කයේ පළමු
ස්ථානයත්, කලා අංශයෙන් දිස්ත්‍රික්කයේ සිව්වැනි ස්ථානයත් ගමිපහ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුහු හිමිකර ගත්හ.
මෙම විද්‍යාලයේ වාණිජ අංශයෙන් ඉගෙනුම ලැබූ 13 එල් පන්තියේ තිසර පහන් මධුෂංක එම අංශයෙන් දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හා මුළු දිවයිනෙන් දෙවන ස්ථානය ලබා ගත්තේය.
එසේම වාණිජ අංශයෙන් ගමිපහ දිස්ත්‍රික්කයෙන් දෙවන ස්ථානයත් මුළු දිවයිනෙන් නව වන ස්ථානයත් හිමිකරගැනීමට එම පාසැලේම රසිඳු දිල්ෂාන් මධුෂංක සමත්විය.
විද්‍යාලයීය විද්‍යා හා ගණිත අංශයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබූ සිසුන් අතර විද්‍යා අංශයේ ඉගෙනුම ලැබූ රුමේෂ් බුද්ධික දිල්ෂාන් සෝමරත්න දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානය හා දිවයිනෙන් 14 වන ස්ථානය හිමිකරගත්තේය.
ගණිත අංශයෙන් ඉගෙනුම ලැබූ චානක දිනේෂ් කුමාර ශිෂ්‍යයා ගමිපහ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයත් මුළු දිවයිනෙන් 34 වන ස්ථානයත් හිමිකරගෙන ඇත.
විදුහල්පති ලාල් දිසානායක මහතාගේ නිවැරදි දැක්ම හා මෙහෙයවීම මත විද්‍යාලයීය සියළුම ගුරු භවතුන්ගේ පූර්ණ කැපවීම හා මහන්සියේ ප්‍රථීඵලයක් ලෙස මෙම ජයග්‍රහණ හිමි කර ගත් බව සිසුහු පැවසූහ.
විදුහල්පති ලාල් දිසානායක මහතා පැවසුවේ දරුවන් ලැබූ ජයග්‍රහණ පිළිබඳව තමන්ට විශාල සතුටක් සහ නිහතමාණී ආඩම්බරයක් දැනෙන බවයි. මේ දරුවන් ගම්පහ දිස්ත්‍රික්කයටම ආඩම්බරයක් බව ද දිසානායක මහතා පැවසීය.
තම විදුහලට කීර්තියක් අත්කර දීම පිළිබඳ මෙම ශිෂ්‍යන් හට ස්තුතිවන්ත වන බව කී විදුහල්පතිවරයා බණ්ඩාරනායක විදුහල් නාමය ආරක්ෂා කරගෙන ඉදිරියටම ගොස් රටට වැඩදායී යහපත් පුරවැසියකු වීමට සුබ පතන බව ද කීවේය.
විද්‍යා, ගණිත, වාණිජ සහ කලා අංශවල සියලුම ගුරු මහත්ම මහත්මීන් මේ ජයග්‍රහණය සඳහා කැපවූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්ඩාරනායක මෑනියන් සදාකල් දිලේවා.(නදී)
ගම්පහ දිස්ත්‍රික්කයේ සමහර පාසල් තියෙනවා ගුරුමණ්ඩලයේ විනය පිරිහීම නිසා සිසුන් අයාලේ යන. ඒවාට පිලියමක් යොදන්න (ස)
සාර්ථක ප්‍රථිපල නෙලා ගැනීමට දරුවන්ගේ දක්ෂතාවය වගේම පාසැලේ මගපෙන්වීමත් ඉතාම වැදගත්(නදී)
ගුරුවරුන්ගේ ඉගැන්වීමට ඇති දක්ෂතාවය හා මග පෙන්වීම සාර්ථක ප්‍රථිඵල නෙලා ගැනීමට ප්‍රධානතම හේතුවයි.(නදී)
අපගේ විදු මෑණියන්ට කීර්තියක් ගෙන දුන් මල්ලිලාට අපේ සුභ පැතුම්...!!! ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සදාකල් දිනේවා...!!! (ස)
හැම පාසැලකම සාර්ථක අධ්‍යාපන ක්‍රමවේදයක් තිබිබ නමි අද ඔය කියන තරගකාරිත්වය නැහැ.(නදී)
මාගේ විදු මව චිරාත් කාලයක් වැජඹේවා (ස)
අපේ කොල්ලෝ එදත් අදත් හෙටත් දක්ෂයෝ bc 94 සෙට් එකෙන් උණුසුම් සුභ පැතුම් (ස)
මම ඇමරිකාවේ ජීවත් වුණත් මට මගේ පාසල ගැන ආඩම්බරයි (ස)
අපේ පාසලට ජය වේවා....(ස)
ආඩමිබරයි ඔබ ගැන, බන්ඩාරකායක විදු මවිනි. (නදී)i
අපිට ගොඩක් සතුටුයි.(නදී)
ඒ වුනාට ලංකාවෙම මුල් තැන රාජපක්ෂ විද්‍යාලයටනේ.(නදී)
හොදයි හොදයි.... (නි)
ගමිපහ බන්ඩාරනයක විදුහල සෑම වසරකම දිවයිනෙන් සහ දිස්ත්‍රික්කයේ විශිෂ්ඨයෝ බිහි කරනවා. අපිට අපේ පාසැල ගැන ආඩමිබරයි.(නදී)
සුභ පැතුම්..!(නු)
මාත් ඉගෙනගත්ත ඉස්කෝලේ , මවුනි ඔබට සදා ජය !!! ඉදිරියටම යන්න මල්ලිලා , අපිට ආඩමිබරයි.(නු)
සුබ පැතුම් බණ්ඩාරණායක විදුහලට 2006 (නු)
විශේෂත්වයක් නැහැ..!(නු)
නමදිමු බණ්ඩාරනායක විදුහල් මාතා.. බැතිනි ..නිතිනි....පුදමු මවිනි... ඔබ වෙත ගි මල් මාලා.... (නි)
හැමදාමත් ඉතින් අපේ කොල්ලො ටිකනේ. ජයෙන් ජය! (නි)
නියමයි. ඉදිරියටම යන්න. (නි)
සමහරු නම් මේක අවතක්සේරු කරලා කතාකරන්න හදනවා. ඒත් ඇත්ත තමා බණ්ඩාරනායකයන් දක්ෂයි. ඒක සාමාන්‍ය පෙළේ ඉඳන් උසස්පෙළ දක්වාත් සාමාන්‍ය ගෘහස්ත ක්‍රීඩාවල ඉඳන් ශිෂ්‍ය භට තූර්යවාදක ඛණ්ඩ දක්වාත් ජය කෙහෙළි නංවන එකම පිරිමි පාසල බණ්ඩාරනායකය කියලා මම බණ්ඩාරනායකයෙක් විදිහට තදින්ම විශ්වාස කරනවා වගේම තදින්ම ඒක අපිට දැනෙනවා. (නි)
බණ්ඩාරනායකවරුන් ගැන ආඩම්බරයි. එය දිගටම පවත්වාගෙන යන්න. (නදී)
මෙි සියළු දේ සමග විනය තිබුනොත් අපි වටිටන්න කාටවත් බෑ........ (දී)
අපේ පාසල හැමදාම ඉදිරියෙන් (ස)
බණ්ඩාරනායක විද්‍යාලයට ජය වේවා! (නි)
ජය වේවා ළමයිනේ! (නි)
මමත් ඉගෙනගත්ත ඉස්කෝලේ. මටත් හරි ආඩම්බරයි. (නි)
ඉතාම සතුටුයි සිසුවනි, මාගේත් විදුපියස මෙයයි. ඔබලාගේ ඉදිරි ගමනට තවත් දිරිය ලැබේවා! (නි)
ගම්පහ ජනතාව වෙනුවෙන් මේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්‍ය මණ්ඩලයටත්, සිසු දරුවන්ටත් සුබ පැතුම් එක් කරනවා (ස)
මගේ පාසැල සදා කල් දිනේවා!(නදී)
මගේ පාසැල සදා කල් දිනේවා!(නදී)
දින කීපයකට පෙර පළ වූ ප්‍රශ්න පත්‍ර පිටවීම සමග මෙම සිද්ධිය සසදන්න එපා. (නි)
බන්ඩාරනායකේ ප්‍රථිඵල ගැන අපේ අයට සැකයක් තවම ඇති වුනේ නැත්තේ ඇයි?(නදී)
අපේ බංඩාරනායක විදුහල් මාතා සදාකල් දිනේවා!(නදී)
ගම්පහ දිස්ත්‍රික්කයේ හැමෝම සිංහයෝ, ලොකු ආඩමිබරයක්.(නදී)
සැක හිතන්නේ ඇයි?(නදී)
ගොඩක් ආඩම්බරයි! (නි)
නියමයි, අපිට ආඩමිබරයි.(නදී)
ටියුෂන් ගියෙ කොහාටද? (නි)
ආඩමිබරයි අපේ පාසැල ගැන.(නදී)
නියමයි. BC ..සුබ පැතුම් (ස)
අපගේ විදු මෑණියන්ට කීර්තියක් ගෙන දුන් මල්ලිලාට අපේ සුබ පැතුම් (ස)
සුබ පැතුම් ඔබ සැමට (ස)
ගමිපහ බන්ඩාරනයක විදුහල කියන්නේ ලෝකයට අති දක්ෂයින් බිහිකරන ලංකාවේ තියෙන ප්‍රමුඛ පෙළේ ප්‍රසිද්ද පිරිමි පැසැලක්, මේක පුදුමයක් නෙමෙයි, සෑම වසරකම දිවයිනෙන් සහ දිස්ත්‍රික්කයේ විශිෂ්ඨයෝ බිහි කරනවා. මට මගේ පාසැල ගැන ආඩමිබරයි.(නදී)
නියමයි මල්ලි (ස)
සුබ පැතුම් බණ්ඩාරණායක විදුහලට (ස)
මගේ විදුහල් මෑණියෝ සැමදා දිනේවා. අපේ සහෝදර මල්ලිලාට සුබ පැතුම් (ස)
සාර්ථක ප්‍රථිඵල නෙලාගැනීඹ පාසැල තුලින් ඇතිවිය යුතුයි, විදුහල්පතිතුමා ඇතුළු ගුරු මන්ඩලයට මගේ ප්‍රනාමය(නදී)
ඉතා හොඳයි...