IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ගයාන් - අශාන් විශිෂ්ට දස්කම් දක්වති

‘සීගිරි රැළි ක්‍රොස්’ තරගාවලියේ දක්‍ෂතම යතුරු පැදි ධාවකයා ලෙස ගයාන් සඳරුවන්ද දක්ෂතම රියදුරා වශයෙන් අශාන් සිල්වාද සම්මාන දිනාගත්හ.

යතුරු පැදි අංශයේ කණ්ඩායම් ශූරතාව ගයාන් සඳරුවන් සහ ඔහුගේ සොහොයුරු ශානුක සඳරුවන් නියෝජනය කරන ‘හොන්ඩා’ කණ්ඩායම විසින් දිනාගනිද්දී මෝටර් රථ අංශයේ කණ්ඩායම් ශූරතාව අශාන් සිල්වා සහ ඉර්ෆාන් ෆෝඞ් නියෝජනය කළ ‘මාග්නි රේසිං’ කණ්ඩායම විසින් දිනාගනු ලැබීය.

මෙම තරගාවලිය පසුගිය ඉරිදා (12 වැනිදා) සීගිරිය ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්විණ. එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මෝටර් ක්‍රොස් පළමු යතුරු පැදි තරගය දෙවැනියා ලෙසින්ද, දෙවැනි තරගයේ ජයග‍්‍රාහකයා ලෙසින්ද නිමා කරමින් ගයාන් සඳරුවන් දක්ෂතම යතුරු පැදි ධාවකයාට හිමි කුසලානයට දිනාගත්තේය.

පළමු තරගය ආරම්භයේදී සිදුවූ අනතුරක් හේතුවෙන් තරමක ප‍්‍රමාදයකින් යුතුව තරගය ඇරඹූ ගයාන් ඔහුට ඉදිරියෙන් සිටි අනිකුත් තරග කරුවන් අභිබවා යමින් දෙවැනියා ලෙස තරගය නිමා කළේ පැමිණ සිටි නරඹන්නන්ගේ ජය ඝෝෂා මැදය.

ගයාන්ට අභියෝගයක් විය හැකි කී‍්‍රඩකයන් දෙදෙනෙකු වන ශෙහාන් සී. අධිකාරි එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) දෙවැනි මෝටර්ක්‍රොස් තරගයේදී, යතුරු පැදියේ මතුවූ යාන්තී‍්‍රක දෝශයක් හේතුවෙන් තරගය අතරමැද තරගයෙන් ඉවත්වීමට සිදුවිය. පුහුණුවීම් අතරතුර සිදුවූ අනතුරක් හේතුවෙන් ඉශාන් දසනායකද අවසන් මොහොතේ තරගාවලියට සහභාගී නොවීය.

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) දෙවැනි මෝටර් රථ තරගයේදී ප‍්‍රථම ස්ථානය දිනාගත් අශාන් සිල්වා, එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ තරග 2 ම ජය ගනිමින් දක්ෂතම රියැදුරා බවට පත්විය.

පසුගිය වරසරේ දක්ෂතම රියැදුරා බවට පත්වූ දිනේෂ් දෙහෙරගොඩට මෙවර දිනාගත හැකිවූයේ එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) දෙවැනි මෝටර් රථ තරගයේ දෙවැනි ස්ථානය පමණි. එම කාණ්ඩයේ පළමු තරගය ඔහු අවසන් කළේ සිව්වැනියා ලෙසය.

ප‍්‍රවීණ රියැදුරු උපුල්වන් සේරසිංහ ඔහුගේ ප‍්‍රියතම තරග ඉසව්ව වන එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ තරගය ජයගත්තේ අනිකුත් තරග කරුවන්ට වඩා මීටර 250 ක් පමණ ඉදිරියෙන් සිටිමිනි. ඉන් නොනැවතුන ඔහු එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ තරගයේ ප‍්‍රථම ස්ථානයත්, එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ තරග දෙකේම දෙවැනි ස්ථානත් දිනා ගත්තේ තවමත් ඔහු මෙම කී‍්‍රඩාවට තරුණ බව කියාපාමිනි.

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සුපිරි යතුරු පැදි තරගය දෙවැනියා ලෙසන් අවසන් කළ උදේශ් වෙඩිසිංහ එම කාණ්ඩයේම (සි. ධා. 450 දක්වා) සුපිරි යතුරු පැදි තරගය ජයගනිමින් සුපිරි යතුරු පැදි තරග වලදී වැඩි ගෞරව හිමිකරගැනීමට සමත්විය. ඔහුගේ සොහොයුරු ප‍්‍රවීණ යතුරු පැදි ධාවක ආනන්ද වෙඩිසිංහට එම තරගයේදී හිමිවූයේ තෙවැනි ස්ථානයයි.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් මෝටර්කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (SLADA) සමග එක්ව සංවිධානය කරණු ලැබූ මෙම තරගාවලියේ තරග කිහිපයක්ම විවිධ හේතූන් මත නොපැවැත්වුණ අතර අවුරුදු 10 න් පහළ, අවුරුදු 13 න් පහළ, අවුරුදු 16 න් පහළ තරගද එ අතර විය.

තරග ප‍්‍රතිඵල

සන්නද්ධ සේවා ( සි. ධා. 125 දක්වා) යතුරු පැදි
1  නිහාල් විජේරත්න
2  මධුර පීරිස්
3  රංජිත් සමරවීර

එස්. එල්. ඒ කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) කුඩා මෝටර් රථ
1  චතුර විජේරත්න
2  ලක්මාල් විජේරත්න
3  කේ. පරමේෂ්වරන්

එම්. එක්ස්. කාණ්ඩයේ සන්නද්ධ සේවා (සි. ධා. 125 දක්වා) තරග යතුරු පැදි
1  සමීර පේ‍්‍රමරත්න
2  මිතුන් ජයසංක
3  නිහාල් විජේරත්න

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ
1  උපුල්වන් සේරසිංහ
2  කුෂාන් පීරිස්
3  දමිත් වීරසිංහ

එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ - පළමු තරගය
1  අශාන් සිල්වා
2  පසිදු පීරිස්
3  අරවින්ද පේ‍්‍රමදාස

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සුපිරි යතුරු පැදි
1  උදික ශී‍්‍රමාල් මලවිගේ
2  උදේශ් වෙඩිසිංහ
3  චමින්ද ද සිල්වා

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මෝටර්ක්‍රොස් යතුරු පැදි
1  ශෙහාන් සී. අධිකාරි
2  රුමීෂ බුල්ජන්ස්
3  සමීර පේ‍්‍රමරත්න

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) සාමාන්‍ය මෝටර් රථ
1  උශාන් ද සිල්වා
2  බුද්ධික ද සිල්වා
3  ගයාන් රණතුංග

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍යය සහ නවීකරණය කරන ලද යතුරු පැදි (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්) - පළමු තරගය
1  ලහිරු ජීවන්ත
2  ශානුක සඳරුවන්
3  සම්පත් කුමාර

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ
1  උපුල්වන් සේරසිංහ
2  චමින්ද වීරසූරිය
3  කුෂාන් පීරිස්

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මෝටර්ක්‍රොස් යතුරු පැදි - පළමු තරගය
1  ශෙහාන් සී. අධිකාරි
2  ගයාන් සඳරුවන්
3  සමීර පේ‍්‍රමරත්න

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) පළමු මෝටර් රථ
1  පසිඳු පීරිස්
2  උපුල්වන් සේරසිංහ
3  ජනක ඩයස්

ට‍්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත තරගය
1  දිනේෂ් සේනානායක
2  ඉශ්රාක් වහබ්
3  සංජය සේදර සෙනරත්

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරු පැදි (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්) - දෙවැනි තරගය
1  ශානුක සඳරුවන්
2  ලහිරු ජීවන්ත
3  සම්පත් කුමාර

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 450 දක්වා) සුපිරි යතුරු පැදි
1  උදේශ් වෙඩිසිංහ
2  තුසිත ගුණසේකර
3  ආනන්ද වෙඩිසිංහ

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ - දෙවැනි තරගය
1  අශාන් සිල්වා
2  උපුල්වන් සේරසිංහ
3  ලක්මාල් විජේරත්න

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබරු මෝටර් රථ තරගය
1  ටිරෝන් හෙන්දාවිතාරණ
2  සංජය සේදර සෙනරත්
3  චවින්ද ධර්මවර්ධන

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මෝටර්ක්‍රොස් යතුරු පැදි - දෙවැනි තරගය
1  ගයාන් සඳරුවන්
2  සමීර පේ‍්‍රමරත්න
3  ශානුක සඳරුවන්.

එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) දෙවැනි මෝටර් රථ තරගය
1  අශාන් සිල්වා
2  දිනේෂ් දෙහෙරගොඩ
3  ජනක ඩයස්

 

(ඡායාරූප - ශාන්ත රත්නායක)



අදහස් (0)

ගයාන් - අශාන් විශිෂ්ට දස්කම් දක්වති

චන්දි Tuesday, 14 May 2013 11:46 PM

ඉදිරියටම යන්න හරිම ආඩම්බර හිතෙනවා.(නදී)

:       0       0

විජේරත්න Wednesday, 15 May 2013 05:42 PM

නියමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 261 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 238 0

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 382 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 980 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 415 0

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


දෙබරු ඇන 10 කට තුවාල
2024 සැප්තැම්බර් මස 30 86 0

බදුල්ල නගරයේ සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාව අසල ආර් .එච් .ගුණවර්ධන මාවතේ විදුලි කනුවක බැද තිබූ දෙබර කූඩුවක් අද (30) දහවල් ඇව්ස්සීමෙන් දසදෙනකු පමණ දෙබර ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38212 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25165 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 256 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 294 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site