IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ගුරු විරෝධයට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

(ළහිරු හර්ෂණ සහ ගයාන් සූරියආරච්චි)

ගුරු විදුහල්පතිවරුන් ගේ විරෝධයට මිට සුළු වේලාවකට පෙර පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ජල ප්‍රහාර ද කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළේය. මේ හේතුවෙන් කොටුව අවට තද වාහන තදබදක් පවතී


විරෝධතාවෙන් කොටුව කලබලයි

2024-06-26
12:21 pm

(ළහිරු හර්ෂණ)

ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් විරෝධතාවයේ නිරත ගුරු විදුහල්පතිවරු පොලිස් බැරියර් කඩාගෙන ලෝටර් පාර දෙසට ගමන් කරන බව වාර්තා වේ.

මේ හේතුවෙන් පිටකොටුව සහ ඕල්කොට් මාවත සහ අවට මාර්ග වල දැඩි වාහන තදබදයක් පවතින බව පොලිසිය කියයි. 

විරෝධතාවය හේතුවෙන් ලෝටස් මාර්ගය වසා දැමූ බව පොලිසිය සඳහන් කරයි.


ගුරු - විදුහල්පති කොටුවේ විරෝධයක

2024-06-26
11:57 am

ඉල්ලීම් කීපයක් මුල්කරග ගනිමින්  ගුරු - විදුහල්පතිවරු කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධයක් ආරම්භ කර ඇත.

මේ හේතුවෙන් කොටුව අවට සුළු වාහන තදබදයක් ඇතැයි පොලිසිය පවසයි. 

5000කට ආසන්න පිරිසක් මෙම විරෝධයට එක්ව සිටිතියි අප වාර්තාකාරවෝ පවසති.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (39)

ගුරු විරෝධයට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

Kasun Wednesday, 26 June 2024 12:26 PM

ඔක්කොම පාඩම් ඩිජිටල් විදියට ළමයිට දුන්නා නම් ගුරුවරුන්ට විරෝධ කරන කොට ළමයි ඉස්කෝලේ ඉගෙන ගන්නවා. එකම පාඩම රිපිට් කිරිමට ගුරුවරු ඕනි නෑ

:       68       73

Prabha Wednesday, 26 June 2024 01:53 PM

කසුන්, ලොකේ දියුණුයි කියන රටවල්වලත් පාසල් ගුරුවරු එනවානේ. පාසලකින් ළමයෙක්ට ලැබෙන්නේ පොතේ දැනුම විතරයිද?

:       19       58

KasunWednesday, 26 June 2024 02:39 PM

මෙහෙම ගුරුවරුන්ගෙන් මොනවද ලැබෙන්නේ? දැන් හැමෝම වීඩියෝ බලලා ඉගෙන ගන්නවා. දැන් ළමයි අවුරුද්දකට කළින් උ/පෙළ ලියලා කැම්පස් යනවා... පාඩමක් තේරුණේ නැතිනම් නැවත බලලා ඉගෙන ගන්නවා. නියම නිදහස් අධ්‍යාපනය තියෙන්නේ දැන්.. ගුරුවරු ස්ට්‍රයික් කරලා එනකන් ළමයි ඉන්නේ නෑ.

:       26       26

ABWednesday, 26 June 2024 05:42 PM

උත්ගෝෂණ සහ විරෝධතාවයන් ප්‍රජාත්න්ත්‍රවාදයේ කොටසකි. එසේ වුවත් ශ්‍රී ලංකව ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබෙන අවස්ථාවක ගුරු විදුහල්පතිවරුන් සහ විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩල, වැටුප් සහ දීමනා පිළිබඳව රජය සමග සාකච්ඡා කර විසඳා ගැනීමට කටයුතු කළයුතු වේ. සියලු පාර්ශ්ව නම්‍යශීලිව කටයුතු කළයුතු වේ. ලංකාවේ පවතින ගැටළු සහගත වැටුප් ක්‍රමවේදයෙන් ක්‍රමයෙන් ඉවත්ව ගෝලීය වශයෙන් පිළිගත් වැටුප් ගෙවීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුවේ. එසේ නොවන්නට ලංකාවේ රජය සේවයේ පවතින වැටුප් ගෙවීමේ ගැටළු පවතින පැරණි ක්‍රමවේදයෙන් විසඳිය නොහැකිය...

:       1       10

Dinesh Wednesday, 26 June 2024 06:53 PM

ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ඇවිත් කියලා අරයා කියන්නේ...!

:       0       0

නිමල් Wednesday, 26 June 2024 12:28 PM

මේ ස්ටාලිනය ජාතියට කරන්නෙ මහා විනාශයක්. අර උලපනයට මොකද උනේ දන්නැහැ. මුන් ඔක්කොම එක්කො ජෙප්පො නැතිනම් පෙරෙට්ටෝ. මුන් දෙගොල්ල තමයි රටට ලොකුම හෙනේ...

:       71       90

Kumara Wednesday, 26 June 2024 12:42 PM

රට කන්නේ මුන් තමයි තව රටේ පාලනයත් එල්ලනවා

:       66       80

NimalWednesday, 26 June 2024 04:54 PM

කළින් කරපු අය රට සුඛිත මුදිත කරලාද තියෙන්නේ?

:       0       0

Kumari Kumari Wednesday, 26 June 2024 12:52 PM

ඉස්සෙල්ලා ඉස්කොලේ වහලා හරියට උගන්නලා හිටියා නම් හොඳයි නේද? ඔතන ඉන්න බාගෙට හරක්. විෂය හරියට බෑ අපි ටියුෂන් වලට වෙනම වියදම් කරන්න ඕනෑ දවසට පැය 8 ක් වත් රාජකාරි කරන්නෙත් නෑ. කරන ටික හරියට කරන්නෙත් නෑ

:       33       65

නිමල් Wednesday, 26 June 2024 01:08 PM

ඇයි මේ ස්ටාලින්ට ගුරුවරුන් මේ තරම් බය, නිවට...? මිනිහාට වුවමනා නම් අනික් අය පාරට බහින්න ඕනෑ. දැන් අර උලපන උන්නැහැ නම පැත්ත වැටිලා. මේ ජෙප්පොයි, පෙරෙට්ටොයි තමයි අපේ රටේ අධ්‍යාපනය විනාශයට පත්කරන්නේ...!

:       41       62

Dinesh Wednesday, 26 June 2024 06:57 PM

ජෙප්පොයි, පෙරෙට්ටොයි නැතිනම් අපේ රට සුර පුරයක්...

:       2       12

casmir Wednesday, 26 June 2024 01:21 PM

ගෞරවනීය වෘත්තියක් කාලකන්නි දේශපාලන අමනයින් විසින් පාරට ඇද දමා ඇත. මෙයට මුල්වන දේශපාලකයින්ගේ සටන් පාටයි "අපි බලයට එන්නෙත් නැහැ.. අපිට බලය ගන්නත් බැහැ.. අනිත් අය රට කරන්න දෙන්නෙත් නැහැ "අපි සමාජවාදීන් 1971 ඉඳන්...

:       34       63

රංබොඩ Wednesday, 26 June 2024 01:21 PM

ස්ටාලින් කියන හාදයගේ මාෆියාවට අහුවුණු අහිංසක ගුරුවරුන්... අකැමැත්⁣තෙන් මේවාට සහභාගි වෙන අය බොහෝයි. බලන්න විනයක් නැති හැසිරීම්... ඉතින් දරුවන්ට විනය උගන්වන්නේ කොහොමද?

:       37       64

Bandula Wednesday, 26 June 2024 01:29 PM

අපේ ළමයි අනාථයි... මේ විකාර වැඩ වලින්...

:       33       54

යෝගා Wednesday, 26 June 2024 01:32 PM

ජල ප්‍රහාර මදි. බැටන් ප්‍රහාර දෙන්න මාසයක් තෙල් බේත් කරන්න. රට අවුල් කරලා ඡන්ද ගන්න හදන වුන්ට උණ ගන්න...

:       34       35

Susantha Gamhewage Wednesday, 26 June 2024 01:38 PM

ගෑස් ගැහිලි ජල ප්‍රහාර ගහන එකේ ඇති කිසිම වැඩක් නැහැ රබර් උණ්ඩ හෝ ජීව උණ්ඩ භාවිතා කළ යුතුයි මොකක්ද මේ කරන්නේ හැමදාම හැම තිස්සේම හැම වෙලාවේම ගියවර මාස 7ක් පුංචි එවුන්ට බරපතල අසාධාරණයක් කරා ඒ කරපු පාඩුව තාම පියව ගන්න බැරුව ආණ්ඩුව ළමයින් ඇතුළු දෙමව්පියන් තාම දුක් විදිනවා අනික උතුරෙන් හෝ නැගෙනහිරින් මේවාට ඇවිත් ඇති 10ක් 12ක් විතර ඒ හැර කිසිම කෙනෙක් මේවාට එන්නේ නැහැ මොන ජරමර කරත් උන් උන්ගේ ළමයින්ට තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරනවා සෑම වසරකම වෙලාවටත් කලින් විෂය නිර්දේශය සම්පූර්ණ කරන්නේ උතුරේ හා නැහෙනහිර ගුරුවරු පමණයි වසර අවසන්වීමට පෙර පුනරීක්ෂණත් කරලා දරුවෝ විභාග සදහා සූදානම් කරලා ඉවරයි ඒකට අපේ මහත්තුරු ඒක නිසා කියන්නේ එක්කෝ මේක පෞද්ගලිකකරණය කරන්න ඕන නැත්නම් රබර් උණ්ඩ හෝ ජීව උණ්ඩවලින් ගහලා දාන්න ඕන මොළ කුඩු වෙන කරන්න දෙයක් නැහැ

:       44       50

සමීරWednesday, 26 June 2024 02:30 PM

ගියවර මාස 7ක් ඉගැන්නුවේ නැත්තේ covid කාලේ තමන්ගේ අතින් data වියදම් කරන් කරපු online ඉගැන්නිල්ල. ඒ වෙලේ ආණ්ඩුවෙන් ළමයින්ගේ අධ්‍යාපනය වෙන්න සත පහක වැඩක් කළේ නෑ. මෙලෝ මඟුලක අවබෝධයක් නැතුව කට තිබිච්ච පලියට කියවන්න එපා.. නොදන්න මිනිස්සු ඉස්සරහ පොර වෙන්න...

:       12       39

Amila Wednesday, 26 June 2024 01:40 PM

නිකන් ඉන්නවට පඩි ගන්න ස්ටාලින්ගෙයි මහින්ද ජයසිංහ ගෙයි පහත් දේශපාලන අරමුණු ඉටුකර දෙන්න එන උදවියට කදුළු ගෑස් ගහලා පැන්නුව එක හොදයි . නැතිනම් කොළඹට එන ජනතාවට ට්‍රැෆික්වල රස්තියාදු වෙන්න වෙනවා . මුන්ට ස්ට්‍රයික් කරන දවසට පඩි කපන්න ඕනෙ

:       36       55

hemantha Wednesday, 26 June 2024 01:40 PM

ගුරුන් නැතුවත් ශිල්ප සැදේ. මෙතන ඉන්නේ ඇත්තටම ගුරුවරු වෙන්න බෑ

:       28       42

විජිත් Wednesday, 26 June 2024 02:03 PM

අනිකුත් පක්ශවල දේශපාලකයින් හොරකම් කලා යයි කියන ජේවීපී එක හැත්තෑ එකේ සිට කරමින් ඉන්නේ රජ්‍ය දේපොල අවභාවිතාවයි, ජේවීපී අපේක්ශක මහින්ද ජයසින්හ ගුරු සංගම් නායකයෙක්, තම දේශපාලන අරමුනු වෙනුවෙන් පාසල් ළමයින් ඇතුළු රාජ්‍ය සම්පත් අවභාවිතය හෙළා දකිමු

:       25       36

තිසර Wednesday, 26 June 2024 02:05 PM

ජනපතිවරණ වලට මුදල් නාස්ති කිරීමෙන් වළකින්න, බන්කොලොත් රටේ මොන මැතීවරනද? රනිල් මහතා දිගටම පාලනයේ රැදී සිටින්න, රට අස්තාවර කරන්න දෙන්න එපා

:       40       24

Krishna Wednesday, 26 June 2024 02:10 PM

තව පෝය 4 කින් එයාලාගේ ආණ්ඩුවක් එනවානං එදාට ඉල්ලීම් දෙගුණ තෙගුණ කරලා ගන්න පුළුවන්නේ...ඇයි මේ කළබලෙන් මේ ඉල්ලිම් ගන්න තදියම..

:       22       40

ලලිත් පුෂ්පකුමාර Wednesday, 26 June 2024 02:14 PM

ගුරුවරුන්ගෙග ජීවන තත්ත්වය උසස් කරන්න බැරිනම් හිරගෙවල් අරින්න වෙනවා. අද රටට වෙලා තියෙන නස්පැත්තිය ඒක. ගුරු ඉල්ලීම් සාධාරණයි ඒවා ඉටු කරානම් ප්‍රශ්නෙ ඉවරයි • වැටුප් විශමතා ඉවත් කරන්න • පාසල් වෙනුවෙන් දෙමාපියන්ට දරන්න වෙලා තියෙන අධික බර ඉවත් කරන්න • පාසල් උපකරණ වල බදු ඉවත් කරන්න • අධ්‍යාපනයට අය වැයෙන් වෙන් කරන මුදල වැඩි කරන්න මේවා සාධාරණ හැමෝගෙම හිතසුව පිනිස කරන සටන් මෙතන කමන්ට් කරපු කීදෙනෙක්ගෙ දරුවො ඇතිද ?

:       25       44

ජනිත Wednesday, 26 June 2024 02:25 PM

මෙතැන භාගෙට දැනගෙන කියවන උදවිය හැම මාසෙම 30000ක් අඩුවෙන් පඩි අරන් බලප්ල්ලාකෝ.

:       19       39

Kasun Wednesday, 26 June 2024 02:31 PM

ලලිත් කියනවා වගේ ඔක්කොම නිකන් දීලා වුණු විපත කල්පනා වෙන්නේ නැද්ද? යුනිවර්සිටි නිකන් නිසා ළමයි ඔක්කොම ඉන්නේ පාරේ. කිසිම දෙයක් නිකන් එපා. රටක් වලපල්ලට ගියේ නිකන් දීලා. දුප්පත් අයටත් දියුණු රටවල් වල ක්‍රමයක් හදලා තියෙනවා ඉගෙන ගන්න. දුප්පත් කියලා කාගෙන්වත් ඉල්ලන්න ඕනැ නෑ...

:       14       18

ලලිත් පුෂ්පකුමාර Wednesday, 26 June 2024 03:13 PM

දැන් කවුද මෙතැන නිකම් දෙන්න කියලා ඉල්ලලා තියෙන්නේ? කසුන් කියන්නකෝ නිකම් කාලා පිනට යැපෙන්නේ ජනතාවද? පාලකයෝද?

:       10       17

අරවින්ද මොනරවිල Wednesday, 26 June 2024 02:40 PM

රනිල් රාජපක්ෂ කල්ලියේ මූසිලයන් තමන්ගේ කුලී වැටුප වෙනුවෙන් ගුරුවරුන්ට ගරහනවා. නින්දා අපහාස කරනවා. ගුරුවරුන් ඉල්ලන්නේ තමන්ට නොදුන් හා දෙන්න පොරොන්දු වූ වැටුප් වැඩිවීමයි. එහෙම නැතුව රට කාබාසිනියා කෙරුවා දේශපාලකයින් මෙන්ම සුඛෝපභෝගි නිලනිවාස සමග ඒවායේ ජල, විදූලි හා දුරකථන බිල්පත් ගෙවන ලෙසවත්, බද්දෙන් නිදහස් වාහන බලපත්‍රයක් හෝ බාර් ලයින් නොවන බව පාසල් නොගිය මහත්වරුන් දැනගත යුතුයි.

:       18       38

සමන්තWednesday, 26 June 2024 06:22 PM

කවුරු හරි රනිල් හොඳයි, රට ගොඩ දැම්මා කියනවා නම් උන් ඔක්කොම සල්ලි වලට කඩේ යන උන්. උන් හිතන විදිහ වැරදි! ඇතත උනත් බොරු උනත් අපි හිතන විදිහ ව්තරයි හරි. කුහකයො කියන්නේ මෙන්න මුන්ට. මම නම් එකෙක් ගෙන් වත් තඹ සතයක් ඇරගෙනත් නෑ, අබමල් රේණුවක් වත් උදව්වක් ඉල්ලලත් නෑ, ඇරගෙනත් නෑ. ඒත් රනිල් ඔය ටීම් එක එක්ක රට ගොඩ දැම්මා කියන දේ නොපැකිලව පිලි ගන්නවා. ඒක තමයි ඇත්ත​. මම දන්න දේශපාලනය අනුව නම්, පූර්ණ අත් දැකීම් සහ ප්‍රවීන දේශපාලඥයින් සමග වැඩකල් අත් දැකීම් සමග කියන්නේ, රනිල් හැර පවත්නා තත්වයෙන් රට ගොඩ ගත හැකි වෙන කිසිවෙක් අද දේශපාලනයේ නැත​​. සිටියත් අත් දැකීම් නැත​. සම් බන්ධතාද නැත​. එබැවින් කල හැකි දෙයක්ද නැත​.​

:       0       0

අනුර කුමාර සමරනායක Wednesday, 26 June 2024 02:45 PM

රටක් ජාතියක් ගොඩනගන්න අපරිමිත කැපවිම් නළ ගුරු දෙවියන් අපහසුතාවයට පත්කරන රජයේ මුරබල්ලෝ උසිගන්නපු මජර මීහරක් දේශපාළුවනි ජාතික ප්‍රතිපත්ති සකසා සේවාවන් විධිමත්කර මේ ප්‍රශ්නය විසදිමට ඇහුන්කන් දිම යුතුමකි

:       18       32

ජයනාත් Wednesday, 26 June 2024 02:54 PM

ප්‍රශ්නය තමන්ගේ වෙනකං ඒක ප්‍රශ්නය ලෙස දකින්නේ නැහැ . මම දෙමාපියන් හැටියට ගුරු ඉල්ලීම් සාධාරණ බව පේනවා . එයාල බහුතරයක් ගන්නේ මාසෙකට පනස්දහසකට ආසන්න හෝ ඊට අඩුවෙන් . ඕටී ගමන් වියදම් නැහැ . එනිසා ඒ ඉල්ලීම් සාධාරණ යි.

:       18       31

Saman Wednesday, 26 June 2024 02:57 PM

මේ වසරේදී වැටුප් වැඩි කල නොහැකී.. බිග් බොස් කිව්වේ.

:       11       10

අරවින්ද මොනරවිල Wednesday, 26 June 2024 03:20 PM

ගුරුවරුන්ගේ වැටුප් ඉල්ලීම අති සාධාරණයි. ඒ නිසා එය ලබාදිය යුතුමයි. ඒ වගේම මේ වෙලාවේ වැටුප් සටන පෙරට එන්න හේතුව විය හැක්කේ ළඟ ළඟ එන ජනාධිපතිවරණයට පෙර මේ ආණ්ඩුවෙන් තම ආර්ථිකය ඉල්ලීම් දිනා ගැනීම පහසුවේ යයි සිතන වෘත්තිය සමිති නායකයින්ගෙන් උපදෙස් නිසා විය හැකියි. එසේත් නැත්නම් සාමාන්‍යයෙන් රටේ බහුතරය සිතන්නේ වැඩ වර්ජන උද්ගෝෂණය කරන්නේ ජ.වි.පෙ. හා සම්බන්ධ වෘත්තිය සමිති විසින් බවයි. එබැවින් මෙය ජනාධිපතිවරණයට ආසන්න කාලයක් වන නිසා ජාතික ජනබල වේගය අපහසුතාවයට පත් කරන අදහසින් එයට විරුද්ධ දේශපාලන මත දරන ආණ්ඩුවේ සහ විපක්ෂයේ පක්ෂ හා කණ්ඩායම් තම වෘත්තිය සමිති හරහා කරන වැඩ වර්ජනයක් විය යුතුයි. එය වඩාත් තහවුරු වෙන්නේ ජ.වි.පෙ.ට සම්බන්ධ වෘත්තිය සමිති මෙම වැඩ වර්ජන හා උද්ගෝෂණය වලට සම්බන්ධ නොවීමත් සමගයි...

:       16       20

SirikaanthaWednesday, 26 June 2024 05:45 PM

එහෙම කියන්නේ කොහොමද ගුරු සංගමේ ලොක්කෙක් තමයි මාලිමාවේ මහින්ද කියන්නේ? ඔවුන් තමයි වර්ජනය මෙහෙයවීම කරන්නේ යම් විදියකින් පඩි වැඩිවීමක් ලැබුණොත් කියාවි මාලිමාව නිසා පඩි වැඩිවුණා.. තවත් ඕනෑ නම් මාලිමාව දිනවපල්ලා කියලා... ඒක තමයි වෙන්නේ...!

:       4       9

tissa Wednesday, 26 June 2024 04:17 PM

කලබල වෙන්ට එපා. අනුර මහත්තයා ආවම ඔය හැමෝටම ලක්ෂයකින් පඩි වැඩි කරනවා. එතකොට හැමෝටම සොමියේ ඉන්ට පුළුවන්.

:       4       23

GurugedaraWednesday, 26 June 2024 05:41 PM

අනුර මහත්තයාගේ අනුදැනුම මත කරන මෙම වර්ජනය නිසා දරුවෝ කලබල නැතත් දෙමාපියන් කලබලවෙලා ඉන්නවා...

:       6       10

Wijekon Wednesday, 26 June 2024 05:39 PM

අදහස් බලන්න ඉස්සර වෙලා මම මේ කියන්නේ අද උදේ එක අම්මා කෙනෙක් කියපු කතාවක් තමයි... ඉතින් ඒ අම්මාගේ දරුවා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ලියන්න නියමිත වුණත් දැනට 11 වසරේ හිටියා වුණත් තවමත් එම දරුවන්ට 10 වසරේ සිලබස් කවර් කරලා නැතිලු.. එම දරුවෝ වෙනුවෙන් වාර පරීක්ෂණ කරලා නැහැ. විෂයයන් ඉතාමත් දුර්වලයි කියලා කිව්වාම අපිට ඇඬෙන්න එනවා... අපි කුඩා කාලයේ අහලා තියෙනවා දරුවන්ට අධ්‍යාපනය නොදෙන ගුරුවරු මතු ආත්මවල මන්ද බුද්ධිකයින්ව උපදිනවා කියලා ඒක කොහොම වුණත් දරුවන්ට හරියට ඉගැන්වීම නොකර මුදල් පසුපස යාම නිසා ඔවුන්ට සදාකාලිකවම බුද්ධියක් ලබන්න නොහැකි වේවි... මොකද සෑම දෙමාපියෙක්ම ඉගැන්වීම නොකර වර්ජනය කරන හා කරවන සැමටම ශාප කරනවා. මම කියන්නේ නම් දරුවෝ ඉන්න අම්මලා, තාත්තලා මාලිමාව මේ වර්ජන මෙහෙයවන නිසා මාලිමාවට ඡන්දය දීමෙන් වළකින්න කියලා පමණයි...

:       9       6

සමන් Wednesday, 26 June 2024 05:43 PM

අනුරයයි, එයාගේ සහෝදරයොයි මෙච්චර මොරදිදී කියද්දීත් තව දින ගණනකින් අනුර ජනාධිපති වෙනවා කියලා එයාලාගේ හොඳම ගොලයින් වෙච්චි මහින්දටයි ස්ටාලින්ටයි ඒක විශ්වාස නැතිව ඇති මේ දැන් වර්ජන කරන්නේ. නැතිනම් එයාලාටවත් අනුර විශ්වාස නැතිද දන්නැහැ.

:       9       12

සමන්ත Wednesday, 26 June 2024 06:23 PM

කවුරු හරි රනිල් හොඳයි, රට ගොඩ දැම්මා කියනවා නම් උන් ඔක්කොම සල්ලි වලට කඩේ යන උන්. උන් හිතන විදිහ වැරදි! ඇතත උනත් බොරු උනත් අපි හිතන විදිහ විතරයි හරි. කුහකයො කියන්නේ මෙන්න මුන්ට. මම නම් එකෙක් ගෙන් වත් තඹ සතයක් ඇරගෙනත් නෑ, අබමල් රේණුවක් වත් උදව්වක් ඉල්ලලත් නෑ, ඇරගෙනත් නෑ. ඒත් රනිල් ඔය ටීම් එක එක්ක රට ගොඩ දැම්මා කියන දේ නොපැකිලව පිලි ගන්නවා. ඒක තමයි ඇත්ත​. මම දන්න දේශපාලනය අනුව නම්, පූර්ණ අත් දැකීම් සහ ප්‍රවීන දේශපාලඥයින් සමග වැඩකල් අත් දැකීම් සමග කියන්නේ, රනිල් හැර පවත්නා තත්වයෙන් රට ගොඩ ගත හැකි වෙන කිසිවෙක් අද දේශපාලනයේ නැත​​. සිටියත් අත් දැකීම් නැත​. සම් බන්ධතාද නැත​. එබැවින් කල හැකි දෙයක්ද නැත​. සමන්ත​

:       0       0

nus Wednesday, 26 June 2024 06:47 PM

සමහරක් කියනවා දැක්ක ස්ටාලින් J.V.P කියලා​. ඕකුන් තමයි රෑට හිරු දෙරන බලලා ගිහින් නිදාගන්න අය...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 72 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2408 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1306 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 532 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 867 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1504 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24715 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 689 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site