IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ගුරු සංගම් නමයක් පාර දිගේ ඉසුරුපායට

ගුරුවරුන්ගේ හා විදුහල්පතින්ගේ වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් හයක් ඉදිරිපත් කරමින් ගුරු- විදුහල්පති වෘත්තීය සමිති නමයක් රාජගිරියේ ඇන් ඇම් පෙරේරා පිළිරුව අසලින් බදාදා බත්තරමුල්ලේ ඉසුරුපායට පයින් යෑමට නියමිතය. අතුරු වැටුප් යෝජනා, ගුරු-විදුහල්පති උසස්වීම්, ආපදා හා දේපළ ණය ආදිය ඉල්ලීම් අතර වේ. දළ දේශීය නිශ්පාදනයෙන් අඩුම වශයෙන් සියයට හයක්වත් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කැර ගැනීම ද තවත් ඉල්ලීමකි. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනය ද මීට සහාය දක්වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කියයි. ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ජාතික අධ්‍යාපන සේවක සංගමය, පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, සමස්ත ලංකා විදුහල්පති සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහපති සංගමය සහ ස්වාධීන ලංකා ගුරු සංගමය ද පාගමනට එක්වන බව ස්ටාලින් මහතා පවසයි.



අදහස් (0)

ගුරු සංගම් නමයක් පාර දිගේ ඉසුරුපායට

සිල්වා තබුක් Tuesday, 23 October 2012 06:26 PM

නොනවතින රළ හෙට අනිද්දා හෙදියෝ දුම්රිය සේවකයෝ..!(නු)

:       0       0

දිනේෂ් සෞදි Tuesday, 23 October 2012 06:27 PM

කොහොම හරි කමක් නැහැ අහිංසක දූ දරුවන්ගේ ඉගෙනුවට බාදා නොකර ...මොකද දරුවන් පළි නැහැ මේවට...!(නු)

:       0       0

ලලිත් කටාර් Tuesday, 23 October 2012 07:09 PM

දැන් ඔය දාලා තියෙන 6% අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළොත් එහෙම හැම මාසෙම දරුවන්ට ගේන්න කියන අමතර මුදල් (පහසුකම් ගාස්තුවලට අමතරව) ගේන්න ඕන නැද්ද? ගුරුවරු පොත්වල ලියලා එවන දේවල් අම්මලා තාත්තලා ළමයින් කියලා දෙන්න ඕන නැද්ද? එහෙම නම් මමත් ඒකට එක පයිම්ම සහයෝගය දක්වනවා !(නු)

:       0       0

නන්දි Tuesday, 23 October 2012 07:04 PM

තවත් සංගම් නැද්ද ඕවට එකතු වෙන්න? (ත)

:       0       0

ජානක Tuesday, 23 October 2012 07:39 PM

හොද ගුරුවරයෙකුට කළු ලෑල්ලකුයි හුණු කූරකුයි තිබුණානම් හොදටම ඇති.. ආයෙ 6% වෙන් කරන්න ඕන නැහැ..!(නු)

:       0       0

තුල්සි Wednesday, 24 October 2012 03:29 PM

ලලිත් කටාර්, ඔබ කියන කතාවට පියෙක් වශයෙන් මමත් එකඟයි.ස්තුතියි. මගේ දරුවා ඉගෙනගන්නේත් ලොකු ජාතික පාසලක තමා. එහි ඇතැම් ගුරුවරියන්ගේ අමන වැඩ දකිනකොට හිතෙනවා දරුවා දමන්න මීට වඩා පොඩි ඉස්කෝලයක් කිට්ටුව තිබුණා නම් කියා. ගිය අවුරුද්ද මුලදී ලැයිස්තුවට ඇනවුම් කළ මිල අධික සමහර පොත් කවදාවත් පාවිච්චි කෙරුනේ නැහැ. මොන තරම් ලස්සන කවර තිබෙන පොත් ගෙනාවත් ඒගොල්ල කියන සැම්පලෙන් කවර දාලා ඉටිකොලත් දාන්න ඕනෑ. සමහරදාට බර වියදම් යන දේවල් ගෙනෙන්න කියනවා. අනේ ඉතින් අපිත් කොහොම හරි සපයලා යවනවා. දරුවා ඇවිත් කියනවා ටීචර් බැලුවේවත් නැහැ කියලා. ඉතින් අර සේරම අහක යනවා. එළිපිටම මානසික අල්ලස් ගැනිල්ලක් නම් මේ විදුහලේ නැහැ. එහෙත් සමහර තැේ වල අම්මලා සාරි එහෙම අරන් යනවා අපි දකිනවා. කොහොම වුණත් ගුරුවරු අතරේ මේ ගැනත් කතිකාවක් ඇති වුණොත් හොඳයි. (නි)

:       0       0

තුවාන් ෂෙරිෆ් Tuesday, 23 October 2012 09:37 PM

මේ ගොල්ලන් අමතර පන්තිවලින් අය කරන්නේ පැය ගානට.. (නු)

:       0       0

දිසාපාමොක් Tuesday, 23 October 2012 10:52 PM

ජානක මහත්තයෝ කළු ලෑල්ලයි හුණු කුරයි දුන්නම ගුරුවරු කන්නේ පිදුරුද? (ත)

:       0       0

අමිලා Tuesday, 23 October 2012 11:13 PM

ඔය වැඩ නතර කරන්න.. ඔබලා පාසල් ගිහිල්ලා ඔය ළමයි ටිකගේ ඔළු හදන්න මේ රටේ දේශපාලකයන් බිහිවීම වලක්වන්න.. මේ රට උගතුන් බිහිවෙන දවසට ඔබලාගේ ප්‍රශ්ණ සේරම විසදේවි..!(නු)

:       0       0

රාවන් Tuesday, 23 October 2012 06:04 PM

ඔබතුමාලාට 6% නැතිව අනිත් සේරම දෙනවා.. මොකද කියන්නෙ..?(නු)

:       0       0

හිරන්ත Tuesday, 23 October 2012 06:17 PM

දළ දේශීය නිශ්පාදනයට ගුරු සේවයෙන් දායකත්වයක් නැති නිසා වැටුප් වැඩිකිරීමක් අවශ්‍ය නැත..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 250 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 979 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 202 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1015 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 398 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1034 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39632 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25781 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site