IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ගුරුකම හොරකමෙන් අරඹයි

පාසල් ගුරුවරියකගේ බැංකු ගිණුමකින් රුපියල් 380,000 ක් වංචා සහගත ලෙස  ගුරුවරියක හා ඇගේ පෙම්වතා බව කියන අපොස උසස් පෙළ සිසුවෙක් අත්අඩංගුවට ගත් බව ත්‍රිකුණාමලය වරාය පොලීසිය කියයි.

ගුරුවරියන් දෙදෙනා එකම නවාතැනක සිට පාසල් දෙකක සේවයට ගියහ.

පැමිණිලිකාර පාසල් ගුරුවරියගේ බැංකු ගිණුම් පොත සොරකම් කර ඉන් සූක්ෂම ලෙස හෝ අත්සන් යොදා රුපියල් 380 000ක් වංචා කළ සැකකාර ගුරුවරිය  මුදල් කුණ්ඩසාලේ පාසලක ඉගෙනුම ලබන පෙම්වතාගේ ගිණුමට බැර කර ඇතැයි පොලීසිය කියයි.



අදහස් (0)

ගුරුකම හොරකමෙන් අරඹයි

ක්‍රිෂ් Friday, 17 May 2013 10:50 AM

අද කාලේ පාසල් ගුරුවරියකගේ ගිණුමක එතරම් මුදලක් ඉතිරි වී තිබීමත් පුදුමයක්නේ. (ස)

:       0       0

චමිල Friday, 17 May 2013 10:53 AM

ගුරු හෙරක්, උගන්වන දේ පිළිබඳවත් සැක සහිතයි. දරුවන් අනාතයි. (ස)

:       0       0

චාමර Friday, 17 May 2013 10:55 AM

"ගුරුවරියක හා ඇගේ පෙම්වතා බව කියන අපොස උසස් පෙළ සිසුවෙක්" අනේ කාලේ වනේ වාසේ........... (නි)

:       0       0

ශශීමාල් Friday, 17 May 2013 10:55 AM

නියම ගුරුවරු තමයි. යාලු තමන්ගේ ගෝලයෝ එක්ක.ඒ මදිවට හොරකමුත් කරනවා. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 17 May 2013 09:23 PM

ගුරුවරී ප්‍රායෝගික පාඩම් එහෙමත් කියාදෙන්න ඇති. මගෙ අප්පේ! (නි)

:       0       0

ෂෙරිෆ් Friday, 17 May 2013 11:04 AM

අර පැත්තේ ගුරුවරයෙක් දිගට හරහට තම පාසලේ කුඩා දැරියන්ට අතවර කරලා ළමා අපචාරවල පැටලිලා. මේ පැත්තේ ගුරුවරියක් අපොස උසස් පෙළ සිසුවෙක් සමග ප්‍රසිද්ධියේ මුදලුත් හොරකම් කරලා මගුලුත් නටනවා. රටේ වගකිව යුත්තෝ බහුතරය අපරාධ ගොඩක පැටලිලා. (නි)

:       0       0

ශ්‍රී කාන්ත මාමඩුව Friday, 17 May 2013 11:12 AM

අපේ ගුරුවරුන්ට සදාචාරය ගැන වෙනම කියලා දෙන්න වේවි ගුරුවරු මෙහෙම නම් දරුවෝ කොහොම වේවිද ? (ස)

:       0       0

සංජීවනී Friday, 17 May 2013 11:16 AM

උපාධිදාරි තරුණියන් බොහොමයක් හීන දැක දැක ඉන්නවා ගුරු වෘත්තිය ලැබෙන තුරු. මේ මිනිසුන්ට ලැබිල තියෙන දේ ගෞරවය රැකගෙන දරුවන්ට යහමග උගන්වන්න බෑ. දරුවනුත් තමන්ගේ වැරදිවලට සහකරුවන් කරගන්නවා. (ස)

:       0       0

අමල් Friday, 17 May 2013 11:20 AM

දරුවන්ට දෙවියන්ගේම පිහිටයි. මෙයාලගෙන් ඉගෙනගත්තොත්. (ස)

:       0       0

මහසෙන් Friday, 17 May 2013 11:21 AM

රටේ අනෙක් ඒවා වගේම ගුරු වෘතියත් පිරිහිලා. විශේෂයෙන් ගුරුවරියන් අද තම ගරුත්වය ආරක්ෂා කරගන්න දන්නේ නෑ. සමහර ගුරුවරියන් ඉන්නවා, චරිතය ගණිකාවන් හා සමානයි. රටේ සංකල්පමය වෙනසක් අත්‍යවශ්‍යයි. (ස)

:       0       0

චතුල වෙරෝනා Friday, 17 May 2013 11:30 AM

වයසක ගුරුවරියක් නම් පෙම්වතාට එපා වෙලා ඇති. (නි)

:       0       0

ආනන්ද ආර් Friday, 17 May 2013 11:35 AM

"ගුරුවරියක හා ඇගේ පෙම්වතා බව කියන අපොස උසස් පෙළ සිසුවෙක්" අනේ මේවා පත්තරවල පල කරන්න එපා. වෙන කොහේ හරි දාන්න. (නි)

:       0       0

වීරසිංහ Friday, 17 May 2013 11:42 AM

අපෝ! මේ වගේ කාන්තාවන් පාසල් පැත්තටවත් ගන්න එපා (නි)

:       0       0

ශාන් Friday, 17 May 2013 03:53 PM

කෝ සේනාව. (ස)

:       0       0

රූපා Friday, 17 May 2013 12:00 PM

හොරකම් නම් හැමතැනම වෙනවනේ.හොරකන් දැන් පදුරකට පයින් ගැහුවත් විසිවෙන ගානට වැඩි වෙලා. ඒක නෙවේ ප්‍රශ්නේ.ප්‍රශ්නේ මේ ප්‍රේම සම්බන්දෙ.පුදුම වැඩනේ මේවා.(ස)

:       0       0

සුපුන් Friday, 17 May 2013 12:01 PM

පන්දමට රස්සා දෙනකොට ඔහොම සමාජ කඩාවැටීම් වෙනවා.පන්දමට රස්සා දෙන අයට ඡන්දෙ දෙනකොටත් ඔහොම දේවල් වෙනවා.දැන් හු කියලා වැඩක් නැහැ. (නි)

:       0       0

චන්දි Friday, 17 May 2013 04:08 PM

ඔව් දිසානායක, මට කියන්න තියෙන්නෙත් ඔය ටික තමා. අපේ පත්තරේ ඉන්න දරුවොනේ මේවා ඉස්සෙල්ලම බලන්නේ. ඒ අයව සළකලා හිතේ තියෙන දේ නොලියා ඉදිමු නේද? (නි)

:       0       0

පාල Friday, 17 May 2013 12:03 PM

"නෙපටිසම්" කියන වචනෙට හරි සිංහල තේරුමක් එක වචනෙකින් දෙන්න බැහැ.අන්න ඒ වචනෙන් අදහස් කරන දේ ලංකාවේ රාජ්‍ය සහ පුද්ගලික අංශයේත් සිවිල් සමාජෙත් ඔඩු දුවලා ඉවරයි.ලංකාවේ කිසිම රස්සාවක් දෙන්නේ නැහැ මේ වචනෙන් අදහස් කරන සම්බන්ධය නැතිනම්.එකේ ප්‍රතිපල තමයි ඔය. (නි)

:       0       0

පාල Friday, 17 May 2013 12:18 PM

අපේ අධ්‍යාපන ක්‍රමයෙන් නිෂ්පදනේ කරන්නේ "සෙල්ෆ් එස්ටීම්", "සෙල්ෆ් කන්ෆිඩන්ස්" "ක්‍රිරිටිකල් තින්කින්"කියන දේවල් නැති කරපු කාගෙවත් පිටිපස්සේ යන්න හුරු කරන "රෝට්" සිස්ටම් එකක්. මෙම ක්‍රමේ කාර්මික විප්ලවයට කලින් ලෝකේ පාවිච්චි වුණේ. මේකේ ප්‍රතිපල තමා මේ. (නි)

:       0       0

සෙනරත් Friday, 17 May 2013 12:23 PM

ෂා පෙම්වතා ට ගොඩක් ආදරේ කරන පෙම්වතියක් නේ, අපිට හමුවුනේ නැනේ මේ වගේ පෙම්වතියක්. (ස)

:       0       0

දිසානායක Friday, 17 May 2013 12:32 PM

මගේ කට වහගෙන ඉන්න මට අමාරුයි. ඒ හින්දා මම වෙන මුකුත් කියන්නේ නැහැ. මොකද මේවා ඉස්සෙල්ලාම බලන්නේ ලංකාදීපේ ඉන්න අපේ අදහස් සංස්කරණය කරන ළමයි. එයාලා කියයි දිසානායක නරක මිනිහෙක් කියලා. (නි)

:       0       0

හුසේන් Friday, 17 May 2013 12:38 PM

ඉතින් ඒ ගුරුවරියට ගුරුහරුකම් දෙන්න ඇත්තෙත් ඒ වගේම ගුරුවරු තමයි. ලබා ගත්තු අත්දැකීම ක්‍රියාවට නංවනවා.කොහොමද මේ වගේ අය ළඟ දරුවන්ට රැකවරණයක් උගත්කමක් ලැබෙන්නේ? නීතියෙන් නෙමේ සමාජයෙනුයි දඬුවම් කරන්න ඕනෑ.අවාසනාවට ඉතින් අපේ සමාජයත් අතේ පතේ කීයක් හරි තියෙනවුන්ට නේ සලකන්නේ. (නි)

:       0       0

චූලා Friday, 17 May 2013 12:45 PM

පන්දම් වලට රස්සා දෙන අයත් එහෙම රස්සා දෙන සිගාලයන්ට ඡන්දෙ දෙන අයත් මේවාගේ වගකීම තනි තනිව බාරගන්න. පිටිපස්සේ ගිහින් කියන කියන අතට නැමිලා,හුරේ දාලා,රස්සා අරන් රටම කාලකන්නි කරන අයට යන්න අපායවල් නැහැ. (නි)

:       0       0

රන්ජනී Friday, 17 May 2013 01:00 PM

මෙහමත් ගුරු හොරු, මෙයාල උගත්කමට පත් උනාද? මන්ත්‍රීගෙන් පත් උනාද? කොහොම උනත් ආදරේට ඇස් නැතිලුනේ. බැංකු හිමි අනිත් ගුරුවරියගේ ජීවිතේ ඉතුරු කරාට පොදු සමාවක් දෙන්න වටිනවා. (ස)

:       0       0

අමිල කටුනායක Friday, 17 May 2013 05:46 PM

කොල්ලගේ හරිකාලය ආවහම කොල්ලා තමන්ට ගැළපෙන කෙනෙක් හොයාගනී. බලන්නකෝ ගුරුතුමියට වෙන දේ. (නි)

:       0       0

සරත් Friday, 17 May 2013 02:22 PM

හිතට එනදේ ලියන්න නම් පුළුවන්. එත් පලවෙවිද දන්නෙ නෑ.(ස)

:       0       0

මීගහතැන්න Friday, 17 May 2013 07:25 PM

ගුරු ගෞරවයටත් හානියක්. ළමයෙක් එක්ක ගිහින් ඒ පන්තියටම කොහොම ඉගැන්නුවද මන්දා. අනිත් ලමයින් වත් බලන්න මොනවා උගන්නලද දන්නෙ නැහැ. අනික ඕවා දැන් විලාසිතාවක් වෙලා. අගලවත්ත පැත්තෙ අම්මා කෙනෙක් දූගෙ පන්තියෙ කොල්ලෙක් එක්ක ගිහින් තිබුනේ (නි)

:       0       0

දිලිනි Friday, 17 May 2013 07:27 PM

ළමයා 16 ට අඩුනම් ලමා අපචාර. ගුරුකමත් නැති කරලා අවුරුදු 10 විතර මහ උලු ගෙදර යවන්නත් පුලුවන් (නි)

:       0       0

සේරම් පැරිස් Friday, 17 May 2013 02:36 PM

මේ ගුරුවරිය ලවා හොරකම් කරන සිසුන් ටිකක් අනාගතයට හදලා අපේ පාර්ලිමේන්තුවට අරින්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 129 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 524 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 103 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 549 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 330 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 969 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38163 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site