පාසල් ගුරුවරියකගේ බැංකු ගිණුමකින් රුපියල් 380,000 ක් වංචා සහගත ලෙස ගුරුවරියක හා ඇගේ පෙම්වතා බව කියන අපොස උසස් පෙළ සිසුවෙක් අත්අඩංගුවට ගත් බව ත්‍රිකුණාමලය වරාය පොලීසිය කියයි.
ගුරුවරියන් දෙදෙනා එකම නවාතැනක සිට පාසල් දෙකක සේවයට ගියහ.
පැමිණිලිකාර පාසල් ගුරුවරියගේ බැංකු ගිණුම් පොත සොරකම් කර ඉන් සූක්ෂම ලෙස හෝ අත්සන් යොදා රුපියල් 380 000ක් වංචා කළ සැකකාර ගුරුවරිය මුදල් කුණ්ඩසාලේ පාසලක ඉගෙනුම ලබන පෙම්වතාගේ ගිණුමට බැර කර ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"නෙපටිසම්" කියන වචනෙට හරි සිංහල තේරුමක් එක වචනෙකින් දෙන්න බැහැ.අන්න ඒ වචනෙන් අදහස් කරන දේ ලංකාවේ රාජ්‍ය සහ පුද්ගලික අංශයේත් සිවිල් සමාජෙත් ඔඩු දුවලා ඉවරයි.ලංකාවේ කිසිම රස්සාවක් දෙන්නේ නැහැ මේ වචනෙන් අදහස් කරන සම්බන්ධය නැතිනම්.එකේ ප්‍රතිපල තමයි ඔය. (නි)
ගුරුවරී ප්‍රායෝගික පාඩම් එහෙමත් කියාදෙන්න ඇති. මගෙ අප්පේ! (නි)
ළමයා 16 ට අඩුනම් ලමා අපචාර. ගුරුකමත් නැති කරලා අවුරුදු 10 විතර මහ උලු ගෙදර යවන්නත් පුලුවන් (නි)
ගුරු ගෞරවයටත් හානියක්. ළමයෙක් එක්ක ගිහින් ඒ පන්තියටම කොහොම ඉගැන්නුවද මන්දා. අනිත් ලමයින් වත් බලන්න මොනවා උගන්නලද දන්නෙ නැහැ. අනික ඕවා දැන් විලාසිතාවක් වෙලා. අගලවත්ත පැත්තෙ අම්මා කෙනෙක් දූගෙ පන්තියෙ කොල්ලෙක් එක්ක ගිහින් තිබුනේ (නි)
කොල්ලගේ හරිකාලය ආවහම කොල්ලා තමන්ට ගැළපෙන කෙනෙක් හොයාගනී. බලන්නකෝ ගුරුතුමියට වෙන දේ. (නි)
ඔව් දිසානායක, මට කියන්න තියෙන්නෙත් ඔය ටික තමා. අපේ පත්තරේ ඉන්න දරුවොනේ මේවා ඉස්සෙල්ලම බලන්නේ. ඒ අයව සළකලා හිතේ තියෙන දේ නොලියා ඉදිමු නේද? (නි)
කෝ සේනාව. (ස)
මේ ගුරුවරිය ලවා හොරකම් කරන සිසුන් ටිකක් අනාගතයට හදලා අපේ පාර්ලිමේන්තුවට අරින්න (නි)
හිතට එනදේ ලියන්න නම් පුළුවන්. එත් පලවෙවිද දන්නෙ නෑ.(ස)
මෙහමත් ගුරු හොරු, මෙයාල උගත්කමට පත් උනාද? මන්ත්‍රීගෙන් පත් උනාද? කොහොම උනත් ආදරේට ඇස් නැතිලුනේ. බැංකු හිමි අනිත් ගුරුවරියගේ ජීවිතේ ඉතුරු කරාට පොදු සමාවක් දෙන්න වටිනවා. (ස)
පන්දම් වලට රස්සා දෙන අයත් එහෙම රස්සා දෙන සිගාලයන්ට ඡන්දෙ දෙන අයත් මේවාගේ වගකීම තනි තනිව බාරගන්න. පිටිපස්සේ ගිහින් කියන කියන අතට නැමිලා,හුරේ දාලා,රස්සා අරන් රටම කාලකන්නි කරන අයට යන්න අපායවල් නැහැ. (නි)
ඉතින් ඒ ගුරුවරියට ගුරුහරුකම් දෙන්න ඇත්තෙත් ඒ වගේම ගුරුවරු තමයි. ලබා ගත්තු අත්දැකීම ක්‍රියාවට නංවනවා.කොහොමද මේ වගේ අය ළඟ දරුවන්ට රැකවරණයක් උගත්කමක් ලැබෙන්නේ? නීතියෙන් නෙමේ සමාජයෙනුයි දඬුවම් කරන්න ඕනෑ.අවාසනාවට ඉතින් අපේ සමාජයත් අතේ පතේ කීයක් හරි තියෙනවුන්ට නේ සලකන්නේ. (නි)
මගේ කට වහගෙන ඉන්න මට අමාරුයි. ඒ හින්දා මම වෙන මුකුත් කියන්නේ නැහැ. මොකද මේවා ඉස්සෙල්ලාම බලන්නේ ලංකාදීපේ ඉන්න අපේ අදහස් සංස්කරණය කරන ළමයි. එයාලා කියයි දිසානායක නරක මිනිහෙක් කියලා. (නි)
ෂා පෙම්වතා ට ගොඩක් ආදරේ කරන පෙම්වතියක් නේ, අපිට හමුවුනේ නැනේ මේ වගේ පෙම්වතියක්. (ස)
අපේ අධ්‍යාපන ක්‍රමයෙන් නිෂ්පදනේ කරන්නේ "සෙල්ෆ් එස්ටීම්", "සෙල්ෆ් කන්ෆිඩන්ස්" "ක්‍රිරිටිකල් තින්කින්"කියන දේවල් නැති කරපු කාගෙවත් පිටිපස්සේ යන්න හුරු කරන "රෝට්" සිස්ටම් එකක්. මෙම ක්‍රමේ කාර්මික විප්ලවයට කලින් ලෝකේ පාවිච්චි වුණේ. මේකේ ප්‍රතිපල තමා මේ. (නි)
අද කාලේ පාසල් ගුරුවරියකගේ ගිණුමක එතරම් මුදලක් ඉතිරි වී තිබීමත් පුදුමයක්නේ. (ස)
පන්දමට රස්සා දෙනකොට ඔහොම සමාජ කඩාවැටීම් වෙනවා.පන්දමට රස්සා දෙන අයට ඡන්දෙ දෙනකොටත් ඔහොම දේවල් වෙනවා.දැන් හු කියලා වැඩක් නැහැ. (නි)
හොරකම් නම් හැමතැනම වෙනවනේ.හොරකන් දැන් පදුරකට පයින් ගැහුවත් විසිවෙන ගානට වැඩි වෙලා. ඒක නෙවේ ප්‍රශ්නේ.ප්‍රශ්නේ මේ ප්‍රේම සම්බන්දෙ.පුදුම වැඩනේ මේවා.(ස)
අපෝ! මේ වගේ කාන්තාවන් පාසල් පැත්තටවත් ගන්න එපා (නි)
"ගුරුවරියක හා ඇගේ පෙම්වතා බව කියන අපොස උසස් පෙළ සිසුවෙක්" අනේ මේවා පත්තරවල පල කරන්න එපා. වෙන කොහේ හරි දාන්න. (නි)
වයසක ගුරුවරියක් නම් පෙම්වතාට එපා වෙලා ඇති. (නි)
රටේ අනෙක් ඒවා වගේම ගුරු වෘතියත් පිරිහිලා. විශේෂයෙන් ගුරුවරියන් අද තම ගරුත්වය ආරක්ෂා කරගන්න දන්නේ නෑ. සමහර ගුරුවරියන් ඉන්නවා, චරිතය ගණිකාවන් හා සමානයි. රටේ සංකල්පමය වෙනසක් අත්‍යවශ්‍යයි. (ස)
දරුවන්ට දෙවියන්ගේම පිහිටයි. මෙයාලගෙන් ඉගෙනගත්තොත්. (ස)
උපාධිදාරි තරුණියන් බොහොමයක් හීන දැක දැක ඉන්නවා ගුරු වෘත්තිය ලැබෙන තුරු. මේ මිනිසුන්ට ලැබිල තියෙන දේ ගෞරවය රැකගෙන දරුවන්ට යහමග උගන්වන්න බෑ. දරුවනුත් තමන්ගේ වැරදිවලට සහකරුවන් කරගන්නවා. (ස)
අපේ ගුරුවරුන්ට සදාචාරය ගැන වෙනම කියලා දෙන්න වේවි ගුරුවරු මෙහෙම නම් දරුවෝ කොහොම වේවිද ? (ස)
අර පැත්තේ ගුරුවරයෙක් දිගට හරහට තම පාසලේ කුඩා දැරියන්ට අතවර කරලා ළමා අපචාරවල පැටලිලා. මේ පැත්තේ ගුරුවරියක් අපොස උසස් පෙළ සිසුවෙක් සමග ප්‍රසිද්ධියේ මුදලුත් හොරකම් කරලා මගුලුත් නටනවා. රටේ වගකිව යුත්තෝ බහුතරය අපරාධ ගොඩක පැටලිලා. (නි)
නියම ගුරුවරු තමයි. යාලු තමන්ගේ ගෝලයෝ එක්ක.ඒ මදිවට හොරකමුත් කරනවා. (නි)
"ගුරුවරියක හා ඇගේ පෙම්වතා බව කියන අපොස උසස් පෙළ සිසුවෙක්" අනේ කාලේ වනේ වාසේ........... (නි)
ගුරු හෙරක්, උගන්වන දේ පිළිබඳවත් සැක සහිතයි. දරුවන් අනාතයි. (ස)