නව වසර උදාවත් සමග පුංවි එංගලන්තයට වසන්තය උදාවෙයි. දීරිඝ නිවාඩුවත් සමග බොහෝ පිරිසක් නුවරඑළියේ සිසිල් සුව විදීමට කැමැත්තක් දක්වති. ජල කී‍්‍රඩා, තුරග තරග, කාර් මෝටර් බයිසිකල් තරග, සංගීත සංදර්ශන, කානිවල් ආදියෙන් නුවරඑළිය විසිතුරු වෙයි.
ශී‍්‍ර ලංකා නාවික හමුදාවෙන් ඔරු. පාරු, බෝට්ටු තරග මෙන්ම ජල සංදර්ශනයක්ද ඉදිරිපත් කළහ. ග්‍රෙගරි වැවේදී මෙම සංදර්ශනය පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුවරඑලියට එන ඔබ සියළු දෙනාගෙන්ම මම ඉල්ලා සිටින්නේ කරුණාකරලා මේ සුන්දර පරිසරය විනාශ නොකර සුන්දරත්වය විදගන්න කියලා. වසන්ත සමයත් එක්කම සිදු වෙන පරිසර විනාශය ඉතා විශාලයි (නි)
මුස්ලිම් දමිල සිංහල අය සමගියෙන් වසන නගරයක් තමයි නුවරඑලිය. අනේ ප්‍රශ්න නම් ඇති කරන්න එපා (නි)
අජිත් මහත්තයෝ, ලෝකයේ ඉන්න හැමෝම බෝට්ටු පදින්නේ නැහැ. ටික දෙනෙක් පදින විට වැඩි දෙනක් නරඹනවා. ඒ හැමෝම සතුටක් ලබනවා. ඒකයි ඇත්ත. මිනිස්සු සතුටක් ලබන්නේ කෑමෙන්ම පමණක් කියා ඔබට හිතනවා නම් ? උත්තරය ඔයාම තිරණය කරන්න. (නි)
ඔබ හැම වසන්ත සමයකම නුවරඑළියේ විනෝද වෙන අතරතුර, අපේ රටේම සහෝදරයෝ ටිකක් කන්න බොන්න නැතුව වැසිකිලි පහසුකමක්වත් නැතුව ජීවත් වෙන්න මුදලක් හොයන්න සෞදි ගිහින් අද මේ මොහොතේ අපා දුක් විඳිමින් ඉන්න බවත් අමතක කරන්න එපා. (නි)
ශාන්, නිකන් මෝඩකතා කියන්න එපා (නි)
වසන්ත සමය ආරම්භයත් සමගම නුවරඑළිය නගරයේ සංගීත සංදර්ශනයක් එක්කම කාන්තාවන්ගේ නිරුවත් විලාසිතා සංදර්ශනයක් තිබිල තියෙනවා. අපේ ගෙදර අයත් පොඩි අයත් එක්ක මේක බලන්න ගිහින් හරිම අපහසුතාවයකට මුහුණ දුන්නේ. වගකිවයුත්තන් මේ ගැන හොයල බැලුවොත් හොදයි. සීසන් එකත් එක්ක අපේ සංස්කෘතියත් විනාශ ෙවනවා. (නදී)
මමත් මෙදා පාර නුවර එලිය ගිහිල්ලා ආවා. අපේ කට්ටියත් ඉන්නවා හරි හරියට. හරි ක්‍රමයට විනෝද වෙන්න තියෙනවානන් අපිට කොයි අවුරුද්දත් එකයි. හෑබෑයි ශානිකා ඔයා නුවර එලියේ නම් වෙන්න බෑ.(නදී)
ජෙග්, අපේ රටේ කරන සේරම් වැඩ කෙරෙන්නේ ලෝකෙට ණයවෙලා. ඒවා ගෙවන්නේ අපේ පන්තියේ පිරිස විදේශ රටවල දුක් විඳගෙන රැකියා කරලා එවන සල්ලිවලින්. ඒගොල්ලන්ට මෙහෙම බෝට්ටු පදින්න හැකියාවක් තිබෙනවාද කියල හිතන්න. රටේ කොච්චර පිරිසක් මේවා බලල සතුටුවෙනවද? දුක්වෙනවද කියල ඔයාලගේ ගමේ ඇවිදලා බලන්න. එතකොට ඔයාට හිතෙයි මම ඒවා මේවා ලියල ජරාව ගාගත්ත නිසා නාගත්තනම් හොඳයි කියල.(නදී)
අපේ නගරයේ පරිසරයේ ලස්සන නැති කරන්න එපා.(නදී)
ශානිකා නංගී, මුස්ලම් අයගේ නොපැනීම නිමා ව්‍යපාර අඩුයි. ලිදේ ගෙම්බා වගේ ඉන්නේ නැතුව අනිත් තැන් වලටත් ගිහින් බලන්න තේරෙයි.(නදී)
ලංකාදීප ඔයාලට බොහොම ස්තුතියි , පින්තූර දැම්මට. (නි)
ලස්සනයි බලන්න සුන්දර දසුන් දිහා... (නි)
මුස්ලිම් ජාතිකයා එදා ඉඳලා සිංහල අපෙත් එක්ක එකට සිටියා. එදා සිට ඒ මිනිස්සු ඒ මිනිස්සුන්ගේ දහම අනුව හලාල් කෑම පමණි කෑවේ. අපිට ඒ ගැන තියෙන අමාරුව පුදුම දෙයක්නේ බලනකොට. අවුරුදු සිය ගණනක් අපිට තිබුනෙ නැති අමාරුවක් එකපාරට යුද්දෙන් පස්සේ රටේ උද්දමනය වැඩි වුණාට පස්සේ හතු පිපිලා වගේ ආ විදිය පුදුමයි. (නි)
මම කාටත් සපෝර්ට් කරන්නේ නැහැ. මම ඇත්ත කියන්නේ. නුවරඑලියට වැඩියෙන්ම එන්නේ මුස්ලිම් කට්ටිය තමයි. ඒ ගොල්ලන් වියදම් කරන්න ලෝභ නැහැ. සිංහල කට්ට්ය ගණන් කරලයි වියදම් කරන්නේ (නි)
මුස්ලිම් අය නැතුව වසන්ත සමය නැහැ වගේනේ කෑ ගැහුවේ. දැන් බලන්නකෝ ඉන්න සෙනග ගොඩ. (නි)
පුළුවන්නම් පින්තූර ටිකක් වැඩුප්ර දාන්න යන්න බැරි එකේ බලන්නත් ආසයි.(නදී)
අපේ රටේ ඇති නැති පරතරය බලාගන්න ඕනෑ කෙනෙක් ඉන්නවා නම් යන්න නුවරඑලියට. මිනිස්සු හිතනවා නම් මේක කරුමේ කියලා, ඒක බොරු. මොකද? තියෙන සම්පත් සමානව බෙදීමක් නොවන නිසයි මෙහෙම වෙන්නේ (නි)
දිය දෙබෑ කරගෙන ගියාම බහියි බඩු මිල, බලාගෙන ඉන්න. (නි)
රිස්වාන්, ඔයාට ඔලුව නැති වුණාට අනිත් අය මක් කරන්නද ? අජිත්, ඔයා රිස්වාන් සමග ඔයාගේ පුතාට ගෙනාපු බෝට්ටුවේ නැගලා ඈත මුහුදට ගිහින් හොදට පෙගිලා නාගෙන ඇවිත් ගමේ කැමති උත්සවයක් තියන්න. සුනිල්, ඔයා හරියට හරි. පුතාට හොදට මොලය තියන පියෙක් ලැබුනොතින් රටම ගොඩ.! (නි)
මේක නම් හරිම හොද වැඩක්. ඒකාකාරී ජීවිතයෙන් මිදිලා පොඩි හරි විවේකයක් ගන්න මේ වගේ දේවල් තියෙන්න ඕනෑ (නි)
ඔය කට වාචාල කමට කියව කියවා ඉන්න අයට මේ කියන්නේ. ඉරිසියා හිතන්න එපා. හැදෙන්න. පොඩි කාලේ කන්නවත් හරියට නැතුව හිටි මගේ මාසික අදායම රුපියල් ලක්ස එක හමාරක්. මම මහන්සි වෙලා වැඩ කළා. (නි)
නුවරඑළියේ රජයේ නිලනිවාස, ගෙවල් තියෙන අයට, බක්මහට තමා බෝනස් එකක් ලැබෙන්නේ. ගෙවල් කුලියට දීලා. පවුල ළමයි නිවාඩුවට ගමේ යවනවා අයිතිකරු කුස්සියේ නිදාගන්නවා. කාමර හිග කාලයේ ඇත්තෙන්ම ඔවුන් කරන්නේ ලොකු සේවයක්!(නදී)
අනේ මේ කුරුවිට මහත්තයා හැම තැනකටම ඔලුව දානවා.(නදී)
කුරුවිට, මේ කාලෙට නුවරඑළියේ යන්නේ සල්ලිකාරයෝ විතරයි. මමත් අවුරුදු 04 ක් ඔය පළාතේ සේවය කළා. ඒක නිසා මම ඔය ගැන හොඳට දන්නවා. රටේ අනිත් පලාත් වල මේපාර හරියට අවුරුදු උත්සවයක් වත් තිබ්බේ නැහැ. (නි)
ලංකාවේ පමණක් නොවේ. ලෝකයේ අනිකුත් රටවලත් ඇති අය හා නැතී අය සිටිනවා. කුහක ලෙස බලන්න එපා. මගේ රට හරිම සුන්දරයි. නමුත් අනවශ ලෙස ක්‍රියාවන් කර අනාගත පරපුරට ඇති සම්පත් විනාස කර නොදමන්න වග බලා ගත යුතුයි.(නදී).
පුතාට මොලේ තියෙන තාත්තෙක් ලැබුනොත් හොදයි.(නදී)
නව වසර උදාවත් සමග පුංවි එංගලන්තයට වසන්තය උදාවෙයි. දීරිඝ නිවාඩුවත් සමග බොහෝ පිරිසක් නුවරඑළියේ සිසිල් සුව විදීමට කැමැත්තක් දක්වති. මෙහෙම තමයි වාසනාවන්ත අය ජීවත් වෙන්නේ. ඒත් අනේ යන්තම් දිවි ගැට ගහගෙන ඉන්න දහසක් දෙනා නුවරඑළියේ සිසිල් සුව විදීමට අකමැතිව නොවෙයි මේවට නොයන්නේ. (නදී)
අජිත්, ඔය ලෙඩේට බෙහෙත් නැහැ, කන්ඩ නැහැ, අවුරුදු නැහැ, සල්ලි නැහැ කියන අය ටිකක් මේ පලාතට ඇවිත් බලන්න.(නදී)
මේ අපේ පුතාලට ගෙනාපු බෝට්ටු දෙකෙන් එකක්ද මන්ද?(නදී)