කෙනකුගේ ඕනෑ එපාකම් සලකා බලනවාට වඩා සමාජයට දිය යුතු යහපත සොයා බැලීම අධිකරණයේ වගකීම බව කුඩු ග්‍රෑම් 7.4ක් අළෙවි කළ තුන්දරු පියකුට මරණ දඩුවම නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා ප්‍රකාශ කළේය.
සින්නයියා කදිරවේලු මට්ටක්කුලිය කිඹුලා ඇල ප්‍රදේශයේ කුඩු බෙදා හැරීමේ ප්‍රධාන මධ්‍යස්ථානයකදී මේ වරද කළ බවට සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වී ඇතැයි නඩුවේදී සදහන් විය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වැටලීම කරන ලද්දේ 2005 ජනවාරි 26 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ තාමත් බැරිවුනානේ එක කුඩු මුදලාලි කෙනෙකුට මරණ දන්ඩනය දෙන්න. අහිංසක දරුපවුල. මේ අයත් පුනරුත්තාපනය කරලා සමාජයේ හොද පුරවැසියන් කරන්න බැරිද? (නදී)
අපි රට හදන්න ඕනා. ඒත් මේවා ගෙන්නන අයට දඩුවම ලංකාව තුල ක්‍රියාත්මක වෙනවද? එයාලා මොකුත් මතක නෑ කිවම නිදොස්කොට නිදහස් කරනවා. ඔක්කොන්ටම අපි නිතිය ක්‍රියාත්මක කරමුද?(නදී)
මේ මනුස්සයා ග්රෑම් 7.6 බෙදාහරින්න ලබාගත්තේ කොහෙන්ද කියලා හොයාගත්තනම් නේද ගොඩක් වටින්නේ. තෝරු, මෝරු රිංගන මහා තැන් තියෙද්දී කූඹි ගුල් වහලා වැඩක් නැහැ. සේරම නීතිය පොඩි මිනිහට විතරයි. (නදී)
උපාලි උබේ මොලේ තමයි මොලේ.(නදී)
කුඩු කප්පිත්තන් වන අනාචාර්ය වරයාට පාර කැපී නැත.(නදී)
බන්දුල, එහෙම වෙන්නේ මේ කුඩු ප්‍රමාණයේ තියෙන අංශු කෝටි ගණන ගනින්න කල් යන නිසයි. ඒ අනුව කිලෝ ගණනක් ගනින්න ඔබ කිව්වා වගේ අවුරුදු සීයක් හමාරක් යනවා. ඒ නිසා ඒකටත් කෙටි ක්‍රම තියෙනවා. (නි)
කුඩු විකුනන එක මහා අපරාදයක් බව ඇත්ත. ඒත් ග්රෑම් 7.4 මරණීය දණ්ඩනය. කිලෝ ගණන් වලින් අසුවන අය එක්කෝ හිරේ නැතිනම් නිදහස් මේක ත්රුම් ගන්න අමරුයි.(නදී)
කිලෝ ගනන්නම් අහුවෙන කට්ටියට දෙන දඩුවම මොකක්ද අපේ නිතිය තියෙන්නේ. සෞදි මිනිහට විතරද තෝරු මෝරු එළියේ හාල්මස්සෝ ඇතුලේ. ශ්‍රිලංකාවේ මිනිස්සු කවදාවත් හැදෙන්නේ නැහැ. මට හරි දුකයි. මගේ රට ගැන.(නදී)
මම දන්නේ නැති නිසා අහන්නේ ඔය මනුස්සයට කුඩු ආවේ ඉර්දියෙන්ද?(නදී)
ඔව් ඉතින් ලොකු අය අල්ලන්න බැහැනේ ඇල්ලුවත් නිදොස් කොට නිදහස්? පොඩි එකාට දඩුවම. පාට අනුව ඕක තමා අද රටේ ආස්චර්ය.(නදී)
ඕවා ගෙන්වන බෙදාහරින අයව අහුවෙන්නෙම නැද්ද? (නි)
විශිෂ්ටයි! (නි)
කුඩු ගෙන්නන ලොක්කෝ එළියේ සොක්කෝ පෝරකේට.(නදී)
මේ විදිහට නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම් එක්කෝ අද අපේ රට ඇත්තටම ධර්මද්වීපයක්. නැත්නම් එකම උසාවියකවත් නඩු අහන්න එකම නඩුකාරතුමෙක් නැති වෙලා. (නි)
ආශ්චර්යය පෙන්නන්නේත් මේ වගේ අහිංසකයන්ට තමයි. ආශ්චර්යය
කුඩු ග්රෑම් හතක නඩුවක වරද ඔප්පු කරගන්න අවුරුදු අටක්, කිලෝ ගණනක් එහෙම අහු උනානම් අඩුම තරමේ අවුරුදු සියයක් වත් ගතවේවි නේද...? (නදී)
කැකිල්ලේ නිති . සැලුයුට් ගහන්නේ කව්ද?(නදී)
තුන්දරු පියා පෝරකේට කියලයි දාන්න තිබුනෙ. (නි)
අරයගේ කුඩුද? (නදී)
වැරදි කරද්දී පොඩි මිනිහට ලොකු දඩුවම්. ලොකු මිනිහට කිසිම දඩුවමක් නැහැ. අල්ලන්නකෝ ගිහින් කුඩු රජාව.නිතිය කාටත් සාධාරණ ලෙස කළා නම් හොදයි නේද? ඇත්තටම පිඩිත පන්තියට කෙනහෙලිකම් කරන අසාධාරණ පක්ෂපාති වූවන්ට අපි ගරු කළ යුතුද ? (නි)
නීතය කොච්චර කාර්යක්ෂමද? 2005 නඩුවෙ තීන්දුව 2013දි.. (නි)
වැටලීම කළ අයට ස්තුතියි.(නදී)
කොහොමත් මෙයාලා හැදෙන්නේ නැ නේ. එක නිසා අනිත් අයට වත් හැදෙන්න දීපු දඬුවම බොහොම හොඳයි.(නදී)