ගල්කිරියාගම මානේරුව මහ විදුහලේ ප්‍රාථමිකයට ද, පොළොන්නරුව මැදිවැව හත වැනි ශ්‍රේණියට ද ගුරුවරු ඉල්ලා මව්පියෝ අද ගල්කිරියාගමත් පොළොන්නරුතේ උද්ඝෝෂණය කළහ.
ගල්කිරියාගම මව්පියෝ පිරිසක් විදුහල්පතිවරයකු හා ගුරුවරයකු කොට්ටාස අධ්‍යාපන කාර්යාලයේ සිර කළහ.
ඔවුහු පොලීසිය සමග ද ගැටුනහ.
පොලීසිය විදුහල්පති හා ගුරුවරයා මුදා ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුවරු ඔක්කොම නගරබද පාසල් වලට උගන්වන්න ගිහිල්ලා හවසට ටියුෂන් යනවා. ඉතින් කොයින්ද ප්‍රාථමික පාසල් වලට ගුරුවරු? (නි)
ගුරුවරුත් එකයි. අම්මලත් එකයි. (නි)
ඇත්තට එන්න ඉන්න ගුරුවරු බය වෙනවා තමයි. මොකද ගුරු ගෝල සබදතාවය මෙවැනි දේවලින් කැඩෙනවානේ. (නි)
දැන් හැමදාම උද්ඝෝෂණ. මොනවද මේ විකාර වැඩ? (නි)
ඩෙස් පුටු ගොඩනැගිලි නම් කාට හරි හදලා දෙන්න පුළුවං.. ඒත් ගුරුවරු දෙන්නෙ කොහොමද? පේෂල ජයරත්න ඇමතිතුමා මේකට මොනවා හරි කරන්න..! (නු)
දැන් ඉතින් එන්න හිටපු ගුරුවරුත් බය වෙනවා. (ස)
තිලක්,ටිකක් ඉවසලා ඉන්නකෝ දරුවෝ. තවම පැය 48 නීතිය සම්මත කරගත්තා විතරනේ. (නි)
පාරේ පස් කාලා, කිරිබත් කාලා පනත් සම්මත කරගනිද්දී අපි ඒත් හිතුවා ඔහොම වෙයි කියලා. (නි)
අපේ අනාගත දරුවන් අවුරුදු 30-40ක් යද්දී දත් නැති ජාතියක් බවට පත්වේවි. (නි)
හිල්මි කියන විදියට මටත් හිතෙන්නේ ඔක්කොම ගුරුවරියෝ කියලා තමයි. (නි)
මේ පාසැල්වලට කෝප්රල් සර්ලා දාන්න බැරිද? එහෙම නැත්නම් සාජන් සර්ලා? (නි)
ආසියාවේ ආශ්චර්‍යය දැක්කහම බය හිතෙනවා (ස)
ඕකතමා අපි කීවෙ පනත ගේනකොට. හුරේ දාපු කට්ටිය කෝ? (නි)
කරන උද්ඝෝෂණයක් සාමකාමීව කළහම තමයි ඒකේ නියම ප්‍රතිඵල ලැබෙන්නේ. (නි)
ඔය ඉන්න සියලුම කාන්තාවන් කට්ටිය ගුරුතුමීලද එතකොට? (නි)
ඉස්සර නම් කවදාවත් මිනිස්සු මෙහෙම පාරට බැස්සේ නැහැ. (නි)
මට න්ම දැනෙන්නේ පුදුම සතුටක්. ඔහොම තමයි ඔය වගේ දේවල් වලට උත්තර ගන්න ඕනෑ. (නි)
හිර කරන්න තිබුණේ කලාපයේ අධ්‍යාපන වගකිවයුත්තෝ ටිකවයි. (නි)
තව පැය 24 සම්මත වුණා විතරනේ. ඔහොම ඉන්නකෝ. (ත)
බලධාරීන් නිදිද? ඇයි මේ ගැන හොයලා බලන්නේ නැත්තේ? (නි)
මේක මාර වැඩක්නේ. හැමතැනම උද්ඝෝෂණ, මිනීමැරුම්, අපරාධ... (නි)