ගාල්ල ගිං ගඟ මෝය කට අසල වැල්ලේ ගල්ඉබ්බන් මරා මස් කරමින් සිටි දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලීසිය කියයි.
ඉබි මස් කිලෝ 35ක්ද, ඉබ්බන්ගේ ඔළු 25ක්ද, ඉබි කටු 50ක්ද එහි තිබී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැකියා නැති අයට නේද පාර්ලිමේන්තුව තියෙන්නේ? එහෙ ගියානම් එබී මස් විතරක් නෙමෙය් සෙරප්පු සුපුත් බොන්න ඇහෙකිනේ
කමල් සහෝදරයා, දෙකම ප්‍රාණගාත තමා.ඒත් ඉබ්බා වදවී යන සත්ව විශේෂයක් නේද?
සමහරු කතා කරන්නේ හරියට කුකුල් මස් ගස් වලින් කඩනවා වගෙයි.
ඉබ්බෝ අවුරුදු 100 ක් ජීවත් වෙනව.මහ පව් වැඩ ඕවා....
ඉබ්බා අවුරුදු 300 විතර ජීවත් වෙනවා. රස්සාවක් නැති කම නිදහසට කරුණක් නොවේ.ශරීරය මහන්සි කරල ජීවත් වෙන්න තියන අලසකම
අහිංස ඉබ්බන්ට කළ දේ මේ මිනිස්සුන්ටත් පළ දෙයි. ‘කරන කළට පව් මිහිය මී සේ - විඳින කලට දුක් වැඩිවෙයි ගිනි සේ‘
කවුද දන්නේ ඉබ්බෝ ටික සිය දිවි නසා ගත්තද කියලා
අනේ පවු අහිංසක සත්තු.මේ මිනිස්සුන්ට හොදක් නම් වෙන්න එපා
ඇදුරුතුමාගේ කතාව හරි. ඒත් මෙවන් අයට වහාම නීතියෙන් දඬුවම් දිය යුතුයි.
ටූන්,මිනිස්සු මේ දේ කරන්නෙ නිසි රෑකියාවක් නෑතිනිසා නෙවෙයි,ලෑජ්ජාව සහ බය නෑති නිසයි.
ඇප දෙන්න නම් එපා ඔන්න
තිරිසන්නු
රජකාලේ දඩුවම්ම තමයි දෙන්න ඕනේ
මේ මෝඩ මිනිස්සුන්ගේ ඔලුගෙඩිවලට වැරදි අදහසක් දාලා තියෙනවා ඉබිමස් කෑවම ඇඟ සවි ශක්තිය වැඩෙනවා කියලා. ඒ කියපු කෙනා කවුරුවුනත් ඒ කතාව නිසා ඉබ්බන්ට තමයි කරදරේ වුනේ. මේ වගේ මිත්‍යා අදහස් කොයි තරම් අපේ සමාජයේ ව්‍යාප්ත වෙලා තියෙනවාද? අනේ අපේ මෝඩ මිනිස්සුන්ට මොනව හරි කිව්වම මොන තරම් රැවටෙනවද? මේ වගේම කතාවක් තමයි පුරා වස්තුවල නිධන් හා වටිනා වස්තු සම්භාර වළලා තිබෙන බව. මේ මෝඩ කතාව අහලා නේද මේ රටේ ඉන්න මෝඩ මිනිස්සු රටේ තියන තරමක් බුදුපිළිම, චෛත්‍යය , පුරා වස්තු බැකෝ දාලා හාරන්නේ. මේ වගේ මිනිස්සු මන්ද බුද්ධික කරන කතා පතුරවන අයට එරෙහිව දැඩි පියවර ගන්න ඕනේ. අනික් අතට කොයි දෙයක් ඇහුවත් අහන දේ පිළිබඳව තමන් විචාර පූර්වක හිතන්න කල්පනා කරන්න මිනිස්සුන්ට පුළුවන් වෙන්න ඕන. කියන්නා කෙසේ කීවත් අහන්නා සැලකිලිමත් විය යුතුබව කියලා තිබෙන්නේ නිකම් කට කහනවට නෙවෙයි..
උඩ එල්ලලයි ගහන්න ඕනේ
අපොයි දෙයියනේ. මෙහෙමත් මිනිස්සු?
මේ නම් මහ ගල් ඉබ්බෙක්ද කොහෙද??
හෙළ කුල සිරිතට ඇල් හාලේ බත් කන අයනේ ගාල්ලේ අපි
මේ වගේ දේ කරන්නෙ රස්සාවක් නැති කොල්ලෝ. කන්න බොන්න නැති නැති නිසයි.අනික මුවන් ගොනුන් මරා මස් කරන රටට ඔය ඉබිබෝටික............ ????
මෙහෙම යද්දි මිනිස් මසුත් කන්න ගනියිද දන්නේ නෑ.
මිනිස්සු මේ වගේ දේ කරන්නෙ නිසි රැකියාවක් නැති නිසයි.
දැක්කම හිතෙනව මේව කරන්නෙ මිනිස්සුද කියල.
විහිළුවක් නොවෙයි මිනිසුනේ මේක මහා බරපතල අපරාධයක්. අපේ ළමයින්ට දැන් හරිම අමාරුයි ඉබ්බෙක් දකින්න. අපි පොඩි කාලේ හිටපු ඉබ්බෝ !අනේ මොනවා උනාද කියල හිතෙනවා උන්ට. අපේ ගම්වල හිටපු වැලි කුකුලෝ හබන් කුකුලෝ තලගොයි මීමින්නෝ හාවෝ බරපතල විදියට අඩුවෙලා. ඇළ දොළ වල හිටපු මාළු ජාතිත් එහෙමයි. ඔය පිට රට යවන්න අල්ලන ලේ තිත්තය බුලත්හපය ඕනේ තරම් හිටිය. දැන් වන්දවෙන්න ලගයි. ඉස්සර පොඩි අතංගු වලින් ඇල්ලුවේ පස්සේ විදුලි සර වද්දල ලොකු පොඩි සේරම අල්ලාගෙන ගියා. නගරයෙන් ආපු පරිසර පාලුවෝ ගමේ රස්සාවක් නැති කොල්ලෙකුට තුට්ටු දෙකක් දීල අත්ඔරලෝසු රේඩියෝ කැමරා වගේ අරුමෝසම් බඩු දීල මාළුවෝ අල්ලාගෙන ගියා. මේ ඉබි මසුත් හෝටල් වලට විකුණන්න වෙන්න ඇති. මේවට දඬුවම් දෙන්න ඕනේ. ඒ වගේම අපිත් හිතන්න ඕනේ මම මේ මගේ රටට නේද මේ අපරාධය කරන්නේ කියල.
ඉබ්බො ටික කොහේ ඇද්ද?
අලි බබා, ඔය වගේ කමෙන්ට්ස් දාන්න එපා.......
ඔය ඉබිබෝටික හාඩිවෙයාර් එකකට භාරදුන්නනමි හරි.
බල්ල පිදුරු කන්නෙත් නෑ කන මිනිහට දෙන්නෙත් නෑ.....
දොරට දාන්නද දන්නෙ නැහැ ඇල්ලුවෙ....
ආ................වනජීවී එකට ඉබ්බො භාරදුන්නද? එහෙනම් ඉබ්බොන්ට සොරිම තමයි.