IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


ගල් ඉබ්බන් මැරූ දෙන්නෙක් කොටුවේ

ගාල්ල ගිං ගඟ මෝය කට අසල වැල්ලේ ගල්ඉබ්බන් මරා මස් කරමින් සිටි දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලීසිය කියයි. ඉබි මස් කිලෝ 35ක්ද, ඉබ්බන්ගේ ඔළු 25ක්ද, ඉබි කටු 50ක්ද එහි තිබී ඇත.



අදහස් (0)

ගල් ඉබ්බන් මැරූ දෙන්නෙක් කොටුවේ

Monday, 14 May 2012 04:27 PM

හෙළ කුල සිරිතට ඇල් හාලේ බත් කන අයනේ ගාල්ලේ අපි

:       0       0

අසංක Monday, 14 May 2012 04:36 PM

මේ නම් මහ ගල් ඉබ්බෙක්ද කොහෙද??

:       0       0

ගොනා Monday, 14 May 2012 05:12 PM

රැකියා නැති අයට නේද පාර්ලිමේන්තුව තියෙන්නේ? එහෙ ගියානම් එබී මස් විතරක් නෙමෙය් සෙරප්පු සුපුත් බොන්න ඇහෙකිනේ

:       0       0

සමරසිංහ Tuesday, 15 May 2012 09:42 AM

අහිංස ඉබ්බන්ට කළ දේ මේ මිනිස්සුන්ටත් පළ දෙයි. ‘කරන කළට පව් මිහිය මී සේ - විඳින කලට දුක් වැඩිවෙයි ගිනි සේ‘

:       0       0

කුමාර Tuesday, 15 May 2012 09:47 AM

ඉබ්බා අවුරුදු 300 විතර ජීවත් වෙනවා. රස්සාවක් නැති කම නිදහසට කරුණක් නොවේ.ශරීරය මහන්සි කරල ජීවත් වෙන්න තියන අලසකම

:       0       0

අර්ජුන Monday, 14 May 2012 07:07 PM

උඩ එල්ලලයි ගහන්න ඕනේ

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 14 May 2012 07:30 PM

මේ මෝඩ මිනිස්සුන්ගේ ඔලුගෙඩිවලට වැරදි අදහසක් දාලා තියෙනවා ඉබිමස් කෑවම ඇඟ සවි ශක්තිය වැඩෙනවා කියලා. ඒ කියපු කෙනා කවුරුවුනත් ඒ කතාව නිසා ඉබ්බන්ට තමයි කරදරේ වුනේ. මේ වගේ මිත්‍යා අදහස් කොයි තරම් අපේ සමාජයේ ව්‍යාප්ත වෙලා තියෙනවාද? අනේ අපේ මෝඩ මිනිස්සුන්ට මොනව හරි කිව්වම මොන තරම් රැවටෙනවද? මේ වගේම කතාවක් තමයි පුරා වස්තුවල නිධන් හා වටිනා වස්තු සම්භාර වළලා තිබෙන බව. මේ මෝඩ කතාව අහලා නේද මේ රටේ ඉන්න මෝඩ මිනිස්සු රටේ තියන තරමක් බුදුපිළිම, චෛත්‍යය , පුරා වස්තු බැකෝ දාලා හාරන්නේ. මේ වගේ මිනිස්සු මන්ද බුද්ධික කරන කතා පතුරවන අයට එරෙහිව දැඩි පියවර ගන්න ඕනේ. අනික් අතට කොයි දෙයක් ඇහුවත් අහන දේ පිළිබඳව තමන් විචාර පූර්වක හිතන්න කල්පනා කරන්න මිනිස්සුන්ට පුළුවන් වෙන්න ඕන. කියන්නා කෙසේ කීවත් අහන්නා සැලකිලිමත් විය යුතුබව කියලා තිබෙන්නේ නිකම් කට කහනවට නෙවෙයි..

:       0       0

අරුණ Monday, 14 May 2012 07:46 PM

රජකාලේ දඩුවම්ම තමයි දෙන්න ඕනේ

:       0       0

ශාන් Monday, 14 May 2012 08:23 PM

තිරිසන්නු

:       0       0

රෝහිත Tuesday, 15 May 2012 01:07 PM

ඉබ්බෝ අවුරුදු 100 ක් ජීවත් වෙනව.මහ පව් වැඩ ඕවා....

:       0       0

ජගත් Monday, 14 May 2012 12:04 PM

අපොයි දෙයියනේ. මෙහෙමත් මිනිස්සු?

:       0       0

චමින්ද Monday, 14 May 2012 12:06 PM

ආ................වනජීවී එකට ඉබ්බො භාරදුන්නද? එහෙනම් ඉබ්බොන්ට සොරිම තමයි.

:       0       0

දිනේෂ්, සෞදි Monday, 14 May 2012 12:19 PM

දොරට දාන්නද දන්නෙ නැහැ ඇල්ලුවෙ....

:       0       0

ෂෙරීෆ් Monday, 14 May 2012 10:21 PM

ඇප දෙන්න නම් එපා ඔන්න

:       0       0

කොස්තා Monday, 14 May 2012 01:11 PM

බල්ල පිදුරු කන්නෙත් නෑ කන මිනිහට දෙන්නෙත් නෑ.....

:       0       0

මලින්ද. Tuesday, 15 May 2012 12:05 AM

ටූන්,මිනිස්සු මේ දේ කරන්නෙ නිසි රෑකියාවක් නෑතිනිසා නෙවෙයි,ලෑජ්ජාව සහ බය නෑති නිසයි.

:       0       0

අලිබබා Monday, 14 May 2012 01:27 PM

ඔය ඉබිබෝටික හාඩිවෙයාර් එකකට භාරදුන්නනමි හරි.

:       0       0

චරිත් Monday, 14 May 2012 01:31 PM

අලි බබා, ඔය වගේ කමෙන්ට්ස් දාන්න එපා.......

:       0       0

සෝමේ Monday, 14 May 2012 01:39 PM

ඉබ්බො ටික කොහේ ඇද්ද?

:       0       0

සුජිත් ප්‍රසන්න Monday, 14 May 2012 01:57 PM

විහිළුවක් නොවෙයි මිනිසුනේ මේක මහා බරපතල අපරාධයක්. අපේ ළමයින්ට දැන් හරිම අමාරුයි ඉබ්බෙක් දකින්න. අපි පොඩි කාලේ හිටපු ඉබ්බෝ !අනේ මොනවා උනාද කියල හිතෙනවා උන්ට. අපේ ගම්වල හිටපු වැලි කුකුලෝ හබන් කුකුලෝ තලගොයි මීමින්නෝ හාවෝ බරපතල විදියට අඩුවෙලා. ඇළ දොළ වල හිටපු මාළු ජාතිත් එහෙමයි. ඔය පිට රට යවන්න අල්ලන ලේ තිත්තය බුලත්හපය ඕනේ තරම් හිටිය. දැන් වන්දවෙන්න ලගයි. ඉස්සර පොඩි අතංගු වලින් ඇල්ලුවේ පස්සේ විදුලි සර වද්දල ලොකු පොඩි සේරම අල්ලාගෙන ගියා. නගරයෙන් ආපු පරිසර පාලුවෝ ගමේ රස්සාවක් නැති කොල්ලෙකුට තුට්ටු දෙකක් දීල අත්ඔරලෝසු රේඩියෝ කැමරා වගේ අරුමෝසම් බඩු දීල මාළුවෝ අල්ලාගෙන ගියා. මේ ඉබි මසුත් හෝටල් වලට විකුණන්න වෙන්න ඇති. මේවට දඬුවම් දෙන්න ඕනේ. ඒ වගේම අපිත් හිතන්න ඕනේ මම මේ මගේ රටට නේද මේ අපරාධය කරන්නේ කියල.

:       0       0

ලලිත් Monday, 14 May 2012 02:13 PM

දැක්කම හිතෙනව මේව කරන්නෙ මිනිස්සුද කියල.

:       0       0

ලාමා Tuesday, 15 May 2012 02:53 AM

ඇදුරුතුමාගේ කතාව හරි. ඒත් මෙවන් අයට වහාම නීතියෙන් දඬුවම් දිය යුතුයි.

:       0       0

ටූන් Monday, 14 May 2012 02:23 PM

මිනිස්සු මේ වගේ දේ කරන්නෙ නිසි රැකියාවක් නැති නිසයි.

:       0       0

අර්ජුන Tuesday, 15 May 2012 04:08 AM

අනේ පවු අහිංසක සත්තු.මේ මිනිස්සුන්ට හොදක් නම් වෙන්න එපා

:       0       0

ධම්මික Tuesday, 15 May 2012 06:35 AM

කවුද දන්නේ ඉබ්බෝ ටික සිය දිවි නසා ගත්තද කියලා

:       0       0

ලාමා Wednesday, 16 May 2012 02:06 AM

කමල් සහෝදරයා, දෙකම ප්‍රාණගාත තමා.ඒත් ඉබ්බා වදවී යන සත්ව විශේෂයක් නේද?

:       0       0

සුසිල් Monday, 14 May 2012 03:10 PM

මෙහෙම යද්දි මිනිස් මසුත් කන්න ගනියිද දන්නේ නෑ.

:       0       0

කමල් Tuesday, 15 May 2012 04:00 PM

සමහරු කතා කරන්නේ හරියට කුකුල් මස් ගස් වලින් කඩනවා වගෙයි.

:       0       0

කුමාර Monday, 14 May 2012 03:50 PM

මේ වගේ දේ කරන්නෙ රස්සාවක් නැති කොල්ලෝ. කන්න බොන්න නැති නැති නිසයි.අනික මුවන් ගොනුන් මරා මස් කරන රටට ඔය ඉබිබෝටික............ ????

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෞඛ්‍ය නොතකන දන්සල් අවලංගුයි
2025 අප්‍රේල් මස 30 131 0

වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට නියමිත දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පොදු උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.


රාජ්‍ය සේවකයෝ 21,000ක් නිවාඩු පිට
2025 අප්‍රේල් මස 30 468 1

මෙරට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගෙන් 21,928 ක් විශේෂ නිවාඩු මත සිටින බවත් ඉන් 13,396 ක් විදේශ ගතවීම සඳහාත්, 8,532 ක් දේශීය රාජකාරී කටයුතු සඳහාත් එම විශේෂ නිවාඩු ල


මැර කල්ලියක් කඩු සමඟ අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 30 259 0

බණ්ඩාරගම යටියන ප්‍රදේශයේ නිවසකට කඩා වැදී පුද්ගලයෙකුට පහර දී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොන්ත්‍රාත් කල්ලියක සාමාජිකයන් වන පිය පු


ජීඑස්පී ප්ලස් ගැන අද තීරණයක්
2025 අප්‍රේල් මස 30 422 1

ජීඑස්පී ප්ලස් පිළිබඳව කරුණු සොයා බැලීමට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පැවැත්වේ.


හෙට විශේෂ ආරක්ෂාවක්
2025 අප්‍රේල් මස 30 322 1

ලෝක කම්කරු දිනයනිමිත්තෙන් හෙට (1) විශේෂ පොලිස් ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.


අද සිට ජන්ද කාඩ් ළගම තැපැල් කාර්යාලයෙන්
2025 අප්‍රේල් මස 30 98 0

තැපැල් මගින් නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට අද (30) සිට තමන්ට ලිපි බෙදීම සිදුකරන තැපැල් කාර්යාලයෙන් හෝ උප තැපැල් කාර්යාලය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 172 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 46 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1078 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site