අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් විනිසුරුවරුන්ගේ රැස්වීමේදී අද ගන්නා ඕනෑම තීරණයකට සහයෝගය දෙන බවත් බදාදා රාජකාරී තීරණය වනුයේ ඒ අනුව බවත් ගාල්ල නීතීඥ සංගමයේ ලේකම් අමරදිවාකර ලියනාරච්චි මහතා කියයි.
ඔවුහු අද වැඩවරා උසාවි සංකීර්ණය ඉදිරිපිට උද්ඝෝෂණය කර ගාල්ල නගරයට පැමිණ බස්නැවතුම ඉදිරිපිට ද විරෝධය පෑහ. ඔවුන් එසේ කළේ අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට ගල්කිස්සේදී එල්ලකළ ප්‍රහාරය හෙළා දකිමිනි. බොහෝ උසාවිවල සේවකයෝ ද විරෝධය පල කළහ.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ට හෝ තමාගේ පාර්ශවයකට තර්ජනයක් මතුවුවහොත් පමණයි ඔවුන් සිතනුයේ රටේ කාලීන සමාජ ධර්මතාවය තමාට ද පොදුයි කියා. එතෙක් ඔහුන් තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයේම නිරත වෙයි. (නි)
එතනත් ජෙප්පො රිංගලා කියයි නේ ද?(ස)
නීතියක් නැති රටක් (ස)
මේ අයද අපේ රටේ උගතුන් ??????. ඇයි මේ ?? (ස)
තමන්ගේ කෙනෙක් ගුටි කෑවට පස්සේ තමයි මේ අයට අධිකරණයේ ස්වාධීනත්වය තේරුණේ.(ස)
මේ ගහලා තියෙන්නේ මංජුල තිලකරත්න මහ්තතයාට නෙමෙයි, රටේ ප්‍රජාතන්ත්‍රවාදයට. (නි)
ඇයි ඒ කියලා නොතේරෙන මෝඩයොත් ලංකාවේ ඉන්නවද ?(ස)
ඔබතුමන්ලාගේ මෙම ක්‍රියාව ඉතා සාධාරණයි. ඒ වාගෙම ඔබතුමන්ලා ඉදිරියේදීවත් නඩුවක දෙපැත්ත නොකා සේවා දායකයාට අසාධාරණයක් නොවන ආකාරයට,මිනිසුන්ගේ ආර්ථිකයට සරිලන ගාස්තු අයකරනවා නම් , මේ වගේ අවස්ථාවක පොදු ජනතාවත් ඔබලා සමග අත්වැල් බැද ගැනීමට එයි. "නැත්නම් ඕවත්, ඔය කොයි දෙයත් විධායකයට යටත් නේ?" නඩුකාර මහතුනි, බලන්න. ඔබතුමන්ලා නඩු කල් අරින දුර ,ඇත්තටම අසාධාරණයි නේද? (නි)
අමල් සමරවීර දැං ඒ අය දන්නවා ජනතා බලය කොහොමද කියලා..!(නු)
මේ රට පිරිහෙන්න ගත්තේ අද ඊයෙක නෙමෙයි .අනික තමයි ඒකට වගකියන්න ඕනි පාලකයෝ විතරක්මත් නෙමෙයි. නිර්මලාගේ අදහසට මාත් එකඟයි (ස)
"නිර්මලා 2012-10-09 12:11:06 තමන්ට හෝ තමාගේ පාර්ශවයකට තර්ජනයක් මතුවුවහොත් පමණයි ඔවුන් සිතනුයේ රටේ කාලීන සමාජ ධර්මතාවය තමාට ද පොදුයි කියා. එතෙක් ඔහුන් තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයේම නිරත වෙයි" ඔයා එහෙම නැති එක ගැන සන්තෝෂයි. කරුණාකරලා ඉන්න තැන කියනවාද.. අපි නිරත වෙන රස්සාවල් වල ප්‍රශ්න මතු වුණහම ඔයාට දන්වන්නම්. ගන්නා ක්‍රියාමාර්ග වලට ඔයා අපිට ඉස්සෙල්ලාම එක් වෙයි කියා හිතනවා. මේ මැඩම්, ඉරිසියාව තිබුණට මෝඩ කතා කියන්න එපා. අනුන්ගේ ප්‍රශ්න වලට ඉල්ලලා මැදිහත් වෙන ශක්‍රයා වත් දැන් එහෙම කරන එක නවත්වලා. ඔයා ඇයි මේ මිනිස්සුන්ගේ වැරැද්ද විතරක් දකින්නේ? වෙන කවුද අනුන්ට විසඳුම් ලබාදෙන්න එළියට බහින්නේ? (නි)
ඉන්ද්‍රජිත් මහත්තයාට තේරුණේ නැතිවුණාට මා මුලින්ම දාලා තියෙන අදහස ගැන මම පැහැදිලි කරන්නම්. මම මේ දේ කිවුවේ නීතීඥවරුන්ම ඉලක්ක කරලා නොවේ. අද ඔයාලා කරන උද්ඝෝෂණයටත් රටේ සමහර පිරිස් ගණන් ගන්නේ නෑහැ. සමහරු හිනාවෙනවා. ඒ අය තමන්ට අසාධාරණයක් වුණොත් විතරයි, අපිටත් මෙම සමාජ ක්‍රමයේ ආධීනව විදින්න වෙනවා කියලා හිතන්නේ. මම එම අදහස විශේෂයෙන් ලිවුවේ උද්ඝෝෂණය දිහා බලලා හිනැහෙන අනිත් අයට තේරුම් ගන්න. අඩුම ගණනේ බලන්න මේ උද්ඝෝෂණය තියෙන ප්‍රවෘත්තියම කී දෙනාද බලලා තියෙන්නේ කියලා. මේ දිග අදහස තමයි මම වචන කීපයකින් කිවුවේ. ඔබට එය නොතේරෙන එක මගේ වරදක් නොවේ. (නි)