ගාලු පුරපති මෙත්සිරි ද සිල්වා මහතා සභික ධූරයෙන් සහ පුරපති පදවියෙන් ඉවත් කළ බව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා පවසයි. ඔහුට එරෙහිව පැවති පරිපාලන සහ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ චෝදනා දාසයකින් දෙකකට ඔහු වරදකරු වී ඇතැයි ප්‍රධාන අමාත්‍යවරයා කියයි. චෝදනා විභාග කැරුණේ විශ්‍රාමලත් විනිසුරු එම්.ඒ.සිල්වා මහතා විසිනි. නියෝජ්‍ය නගරාධිපති කැළුම් සෙනෙවිරත්න මහතාගේ නම පුරපති ධූරය සඳහා ඉදිරියෙන්ම ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. නගරාධිපතිවරයා ඉවත් කිරීම සඳහා වන ගැසට් නිවේදනය මීට ස්වල්ප වේලාවකට පෙර නිකුත් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු ගාල්ලට වැඩක් කරපු කෙනෙක්. (නි)
ගාල්ලේ හොරු සියල්ලම අයින්කරලා දාන්න. (නි)
ගාලුපුරේ සිරි.... අහෝ දකුණ! (නි)
ජන්ජාලයයි.....මෙන්න බොලේ තවත් නඩුවක් (ස)
නයනා දන්නවාද මේ තීරණයේ පසුබිම හොඳද නරකද කියන්න? (නි)
කාගේ කාගේත් වැරදි නිවැරදි කරගන්න එයාලා උනන්දු වෙනවා නම් මෙහෙම දේවල් මතුවට වෙන එකක් නැහැ. (නි)
අනෙක් අයටත් ඉදිරියේදි මොනවා වෙයිද? අනේ අපොයි! (නි)
ආදර්ශවත් ගුරුවරයෙක්. (නි)
මේ අපේ සර් නේද? අයියෝ! (නි)
සාමාන්‍ය දෙයක්නේ මේක . චෝදනා 16 න් 2 යි නේ වැරදි..හොඳ තීන්දුවක්.(ස)
දකුණු පළාත් ඇමතිතුමා රටටම ආඩම්බරයක්. ජය වේවා! (නි)
මම දකින ලෙසට මෙය හොද තීරණයක් නොවේ. (නි)
නයනා හොද තීරණයක් කියන්නේ එයාගේ සතුට ප්‍රකාශ කරන තවත් විදියකටයි.. කියලා හිතෙනවා.. ඉන්ද්‍රජිත්ගේ උදාහරණය මෙතනට වඩා ඒ සිදුවීම යටතේ දැම්මනම් අගෙයි.. ඉන්ද්‍රජිත්ලා මෙවැනි අදහස් නිසා තමයි මම අදහස් දාන්න පෙළඹුනේ.. පුවතේ නියම විස්තර දැනගන්න අවශ්‍යයි..!(නු)
උසාවි ගිහින් තහනම් නියෝගයක් ගත්තනම් වැඩේ ඉවරයි (ස)
මෙවන් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් ඉවත් කිරීම මහ අපරාධයක්. (නි)
දැන් ඉතින් මොනවා කරන්නද ? (ස)
මෙතුමා අවංක දක්ෂ පරිපාලකයෙක්. (නි)
මෙය දේශපාලනික පළිගැනීමක්ද? (නි)
මමත් ගාල්ලේ තමයි. මේ වගේ දක්ෂ පුරපති කෙනෙක් නැති වීම ඇත්තටම කණගාටුයි. මේ කියන මුල්‍ය අක්‍රමිකතා ගැන නම් මම දන්නේ නැහැ. නමුත් මෙතුමා ආවට පස්සේ ගාල්ලේ පැහැදිලි වෙනසක් ආවා. කාටත් නීතිය ක්‍රියාත්මක වුණා. (නි)
දෙයියෝ සාක්කි! මේ ගාලු පුරේ විනාශයද? (නි)
ඇත්තටම මේ මොකක්ද වුණේ? (නි)
හොද තීරණයක්. (නි)
එයාගෙන් මෙයාට... මෙයාගෙන් එයාට... (නි)
ආයෙත් දෝෂාභියෝගයක් එයිද? (නි)
මෙහෙම ගියොත් මොනවා වේවිද දන්නෙ නැහැ. (නි)
දැන් ඉතින් අපි උන්නත් එකයි මැරුණත් එකයි (ස)
ඉවරයි ඒකත් (ස)
හරි හරි ඔහොම යමුකෝ. (නි)
දකනු ඇමතිට රුහුණු පුතුන්ගේ ප්‍රණාමය (ස)
මේ වගේ සියළුම වංචා දූෂකයන් ඉවත් කරන්න ඕනේ. (ස)
ගාල්ලෙනේ ඕව වැඩිපුර ගණන් ගන්න එපා. (ස)
පළාත් සභා ක්‍රමය ලංකාවට සුදුසු නෑ . පළාත් සභා ක්‍රමය ලංකාවෙන් තුරන් කල යුතුයි (ස)
හැම එකකටම "හොඳ තීරණයක්" කියන උදවියගෙන් ඉල්ලන්න කැමතියි මේවා හොඳ තීරණ බව ඔයාලා කියන්නේ මොන හේතු අනුවද කියා පැහැදිලිව කියන්න කියලා. එතකොට අපට පුවතේ කෙටියෙන් දැක්වෙන සිදුවීමේ පසුබිම් කතාවත් වටහාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කමෙන්ටුව සත පහක වැඩක් ඇත්තේ නෑ. උදාහරණයකට, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වී සිටි විශේෂඥ වෛද්‍යවරයා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් ලෙස මාරුකළ වතාවෙත් සමහරු පුරුද්දට "හොඳ තීරණයක්" කියලා තිබුනා. (ස)
එයා විතරද වැරදි කරන්නේ? (නි)
මම මේ සර්ගෙ පන්ති ගිහිල්ලත් තියෙනවා. (නි)
ඔහු දූෂණය පිටුදැකපු අයෙක්ද? මම නම් ඔහු ගැන දන්නෙ නැහැ. (නි)