බිංගිරිය හල්මිල්ලවැව ගල් කොරියක ගල්බෝරයකින් විසිවූ ගල්පතුරකින් අසල ගල් වැඩපොළේ මඩුවක සිටි පස් හැවිරිදි දැරියක මියගිය බව හලාවත රෝහල කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුංචි පැටියට නිවන් සුව....! (ස)
අහිංසකාවියට නිවන්සුව...ඇයි අපේ දරුවන්ටම මෙහෙම වෙන්නේ....(ස)
දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනි. චුටි දුවේ ඔයාට නිවන් සැප ලැබේවා! (ස)
ඔන්න පුතේ ආශ්චර්ය.......... (නි)
දෙමව්පියන්ගේ නොසැලකිලිමත් කමම නෙමේ .අද කාලේ පොඩි දරුවෙක් වත් ගෙදරක තියල යන්න පුලුවන්ද ? දුප්පත් කමට ඒ දරුවවත් අරගෙන වෙදට යන්න ඇති .කොහොම උනත් ..දුවේ ඔයාට නිවන්සුව ලැබේවා !! (දී)
චුටි දුවට නිවන් සුව ලැබේවා..!!(නු)
අනේ සනත් මහත්තයෝ, ආදරේට ගැහැණු පිරිමි භේදයක් නැතිව දුවේ කිව්වොත් මොකද වෙන්නෙ? (නු)
අයියෝ සජී.. දුව පුතා කියන එක නෙමේ මෙතන ගැටළුව.. පුතා කියලා දුවලට විතරක් නෙමෙයි වයසින් අඩු ඕනෑම කෙනෙකුට කියන්න පුළුවං.. ආයතනයක ඉහළ පෙළේ කෙනෙක් තමාගේ සේවකයන්ට පුතා කියන්න පුළුවං.. විදුහල්පතිට තමන්ගෙ තරැණ ගුරුවරුන්ට පුතා කියන්න පුළුවං... මේක පොදුවේ ආදරය ගෞරවය එක්වූ වචනයක් විතරයි..!!(නු)
අදරයට ගැහැනු පිරිමි බේදයක් නැතිව බොහෝ දෙනෙක් කියන්නේ පුතා කියල. එහි වරදක් නැහැ නොසැලකිල්ල නිසා මේ සිඟිත්තිය මියගියා. මින් ඉදිරියට මෙවැනි දෙයක් නොවන්න ගලවල හිමිකරු වගබලාගන්න ඕන. (අ)
හරිම කණගාටුදායක සිදුවීමක්.. පුංචි දුවට නිවන් සුව ලැබේවා..!! කුමාරි මහත්මිය දුවෙකුට පුතේ කිව්වාම පුතාට කියන්නෙ මොකද්ද?(නු)
නොසැලකිල්ල , පව් අහිංසක දරුවා . නිවන් සුව ලැබේවා... (ස)
ආරක්ෂිත දේවල් ගැන අපි තවමත් සැළකිලිමත් වනවා මදි. (ස)
දෙමව්පියන්ගෙ නොසැළකිලිමත් බව වෙන්න ඇති...!! පවු කිසිදෙයක් නොතේරෙන දරුවෙක් නැතිවුණා..(නු)
දෙයක් උනහම උපදෙස් දෙන්න ඕනතරම් අය ඉන්නවා . ඒත් දරුවගේ කුසගින්න නිවන්න කවුද හිටියේ.... (ස)
මෙවන් අකල් මරණයක් නුඹට කිසිදාක නොවේවාග පුතේ නුඹට නිවන් සුව පතන්නම්.
පව් අසරණ දරුවා.වගකිවයුතු අය මීට වඩා සැලකිලිමත් වුනා නම් අර දරුවා ගලවාගත හැකිව තිබුනා.නමුත් දැන් ඒවා ගැන කතාකර වැඩක් නෑ .පව් අසරණී.. (ස)
අනතුරුදායක දේවල් කරද්දි සැලකිය යුතුයි....මේව අපිට හොඳ පිඩම්... (ස)
මරණය නියත වශයෙන් සිදුවනවා වුනත්, මෙවැනි කුඩා වයසක සිදුවීම ගැන නම් අපට දරාගන්න බැහැ. ඔබට නිවන් සුව පතමි... (දී)
දුප්පත් කමේ ...දරිද්‍රතාවයේ ආශ්චර්ය ....දුවේ නුබට කිසිම ඇතමෙක මෙවන් අකල් දුක්කරදරයක මරණයක් නොවේවා!!!! (දී)
පව් අනේ කෙලි පොඩ්ඩ...අවුරුදු පහට මොනවා තේරෙනවාද?(නු)
ගල් බෝර දාද්දී ඒ අසල ළමයි තියා වැඩිහිටියෝවත් ඉන්නේ නෑ...මෙවැනි අකල් මරණ සිදුවෙන්නේ නොසැලකිලිමත් කම නිසායි.... (ස)
ගල්කොරිය ආසන්නයේ ජීවත්වන අසරණ පවුල් පිළිබඳව මීට වඩා දැඩි අවධානයක් යොමුකර, ඔවුන්හට ජීවත්වීම පිණිස නිශ්චිත දුරසීමවකට ඔබ්බෙන් පිහිටි ස්ථාන කරා ඔවුන්ගේ වාසස්ථාන රැගෙනයාමට අවශ්‍ය පහසුකම් හා මුල්‍යාධාර ලබාදිය හැකිනම් මෙවැනි ජීවිත හානි අවම කරගැනීමට අවකාශ සැලසෙතැයි සිතමි. (ස)
මේ අනතුරුදායක ස්ථාන වලදී ඔබේ දරුවන් පිලිබඳව මීට වඩා සැලකිලිමත් වීම උචිතය.නමුත් කොතෙක් සැලකිලිමත් වුවද අකුසල කර්ම විපාකයෙන් ගැලවීමක් නැත.තමන්ගේ ගෙදර සිටින දරුවෙකු අනාරක්ෂිත බව පැවසීමද නිරර්ථකය.අසරණ දෙමව්පියන්ට ඇති වූ දරු දුක විඳ දරා ගැනීම මහත් අසීරු කටයුත්තකි.කෙසේ වෙතත් මේ අසරණ දරුවාට නිවන් සුවය පතමි. (නි)
දුප්පත් කම නිසා අත්වූ තවත් ඉරණමක්.. මේ දැරියට මගේ බලවත් ශෝකය.. දුවේ ඔබට නිවන් සුව..!!(නු)
මගේ පවුලේ බලවත් ශොකය (ස)
අපරාදේ අහිංසක මල් කැකුල, මගේ බලවත් ශෝකය . (දී)
අනේ...පව් ඒ අසරණ දරු පැටියා.... දුප්පත් කමේ තවත් බිල්ලක්. කාට මේ දුක කියන්නද දෙමව්පියො.ගෙදර දාලා එන්න බැරි කමට එක්ක එන්න ඇති.බෝර දාන අය උනත් මීට වඩා අවට ඉන්න අය ගැන හොයන්න තිබුනද මන්දා...අඩුම ගානෙ හැමෝම හොඳ ආරක්ෂිත තැනක ඉන්නවද කියලවත්.... (දී)
පවු දෙයියනේ ඒ දූ සිඟිත්තා.