තම තනතරු යළි ලබා දෙන්නැයි ඉල්ලමින් ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා සීනිගම දේවාලයේ දී දෙවොල් දෙවියනට අද කන්නලව් කෙළේය. තමාට විරැද්ධව කටයුතු කළ සැමදෙනා ට සෙත් පැතීමේ අරමුණක් බව ද කීවේය. පරිපාලන හා මූල්‍ය අක්‍රමිකතාමත දකුණු පළාත් මහා ඇමැති විසින් ඔහු නෙරපා හරිනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා ඉවත්කිරීමට හේතුව අනවසර මාළු කඩ ඉවත් කරපු එකද?(නු)
මෙත්සිරි මහත්තයා හොරෙක් මංකොල්ල කාරයෙක් නෙමෙයි.. ඔහු තමහන්ගේ තියෙන හැම දෙයක්ම මිනිසුන් වෙනුවෙන් කැප කළා... සර්ට සල්ලිවලට කෑදර කමක් තිබුණානම් මාසයකට ලක්ෂ ගානක් හොයපු පන්ති නවත්තන්නේ නැහැ. ඒ ඔක්කොම අත හැරලා දාලා දේසපාලනයට ගියේ අවංකවම උවමනාවක් තිබ්බා ගාල්ලෙ අහඅංසක මිනිසුන්ට වඩැක් කරන්න.. අඩුම තරමේ නගරසභාවෙ කවදාවත් පඩි අරන් නැතිව වැඩ කළ එකම මන්ත්‍රී තුමා.. ඔහුට දුන්නු නිල රථයවත් පාවිච්චි කළේ නැහැ.. මේකනම් මහා අපරාධයක්..ඔබට යහපතක්ම වේවා සර්..!(නු)
අපිට නම් අපේ සර් හරිම හොදයි. (නි)
අපි නම් ගහන්නෙ ගල්. පොල් වලට සෙම වැඩිවෙනවනේ. (නි)
අපරාදේ පොල් ටික. (නි)
මටත් ආසයි පොල් ගහන්න. අපි පිටරට වල ඉන්න නිසා පොල් හම්බවෙන්නෙම නැහැ. (නි)
හොද මිනිස්සු දිහා සමහර වෙලාවට දෙවියන් වුණත් බලන්නෙ නැහැ. (නි)
ඔබතුමාලා බලයට එන්නෙ නම් රට ස්වයංපෝෂිත කරන්න. අන්තිමට වෙන්නේ ඔබතුමාලා දියුණු වෙලා රට විනාශ වෙන එක.. (නු)
පසුගිය වර මෙත්සිරි මහත්තයාට ගාල්ල දුන්නෙ නැත්නම් පරාද වෙන්නත් තිබුණා (නු)
පොල් ගහලා මොනවා කරන්නද? ඉදිරිපත් කරන්නකෝ දෝෂාභියෝගයක්. (නි)
ඇයි මිනිසුන් බලයට කෑදර වෙන්නේ? (නි)
මම මේ මහත්තයා ගැන හිතා හිටියේ මෙහෙම නෙමෙයි. (නි)
වපුරන දේම තමයි නෙලාගන්න වෙන්නෙ කවදා හරි.. ඒකට පොල් ගහලා වැඩක් නැහැ..!(නු)
මෙතුමා මට පිනට උගන්වලා තියෙනවා.. මගේ තාත්තා කම්කරුවෙක් නිසා.. මෙතුමා හොරෙක් නෙමෙයි දෙවියනේ.. වරදකට කළේ අනවසර මාළු කඩ කඩා ඉවත් කළ එක...!(නු)
මෙත්සිරි මහත්තයා මගේ ගුරුවරයෙක්.. එතුමා නිහතමානී ගුරුවරයෙක්.. දේශපාලනයට ඇවිත් එතුමා නරක නාමයක් ගා ගත්තා.,.!(නු)
බලය තියෙන කාලෙ හිතට එකගව නිවැරදිදේ කළානම් කාගෙත් සුභසිද්ධිය උදෙසා දෙවියන්ගේ ආශිර්වාදය ඔබට ලැබෙයි..නැත්නම් ඉතිං විදවන්න වෙයි පොලියත් එක්කම.. ඒක කාටත් පොදුයි..!(නු)
පොල් ගැහුවම ඔක්කොම හරියනවද ? (ස)
ගහන්න තිබ්බෙ ඔලුව. පුස්කාලද කියලවත් බලාගන්න තිබ්බ. (නු)
මට කියන්න තියෙන්නේ, ඔබතුමා පොල් ගසා වැඩක් නැහැ. හැකිතරම් අත් පත්‍රිකා බෙදා මහජනය දැනුවත් කරන්න. තමන්ගේ අවංකභාවය ඔප්පුකරන්න හේතු සාධක ඇතුව.පොල් ගසලා වලං පොඩි කරලා,නලා පිඹලා අනිත් අය වගේ රටට විහිලු කාරයෙක් වෙන්න එපා. (නි)
දැන් ටික කාලයක පටන් රටේ ඇති වී තියෙන මේ සංස්කෘතිය හරිම භයානකයි. ඒ මොකද කියලා කියනවා නම් යමක් විනාශ වේවා කියන චේතනාවෙන් කරන මෙවැනි ක්‍රියා නිසා හැමෝටම මේ දේවල් වල ප්‍රතිපල භුක්ති විදින්න සිදුවෙනවා. (නි)
මොනවා වුණත් ඔහු හොද ගුරුවරයෙක්. (නි)
ගාමිණී, තමුන් ඔය දෙවොල් දෙවියන්ට අපහාස කරන්නේ තරම නොදැනයි. දින හතක් යන්නට මත්තෙන් ඔබට වෙනදේ බලාගෙන ඉන්න. (නි)
අපි දන්නවා ඔහු හොද උතුම් මිනිසෙක් කියලා. (නි)
සීනිගම දෙවියන් මෙසේ පවසයි. එම්බා පුරපති දරුව පොල්වල බලය දැන් පිරිහී ඇත. එම නිසා ගල් ගසා බලව . එහි බලය වැඩි බව ඔබට වැටහෙයි. ජයශ්‍රී...... (ස)
අපි දන්නා තරමින් මෙත්සිරි සර් වංචාකාරයෙක් නෙවෙයි, තමන්ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් මිනිසුන්ට සේවයක් කරපු උතුම් මිනිහෙක්, ඔය අනවසර මාළු ලෑලි අනවසර කඩ ඉවත් කරාට උන්ගේ සල්ලි වලට ඇතුලේ උන් සෙට්වෙලා මේ මනුස්සය වට්ටන්න කරපු වැඩක්, ඔබට තිසරණ සරණයි .!! අපි ඔබ සමගයි මෙත්සිරි සර් (ස)
සීනිගම කළා කියන්නේ බඩුම තමයි. (ස)
සෙත් පතන්න ඕනේ නම් පන්සලකට ගිහින් බෝධි පුජාවක් තියන්න තිබ්බනේ (ස)
දෙවියන්ට පගාවක් දුන්නනම් හරි (ස)
දෙවියෝ පගා ගන්නේ නෑ (ස)
අසාධාරණයට ලක්වූ කෙනෙකුට ඒ දුක කියන්න දෙවියන් හැර වෙන තැනක් දැන් නොමැති බව එතුමාට වැටහුනා. සිදුවන හැම එකටම ගිරවුන් සේ 'හොඳ තීරණයක්... ඉතා හොඳයි.. මගේ රටට දලදා හිමි සරණයි ' කියකියා ඉන්නා අයගේ වාරයත් ළඟදී ඒවි. මතක තියාගන්න මේ නිකම් මිනිසකු නොව ප්‍රදේශයේ වැඩිම මනාපය දිනාගත්, ඒ වගේම උගත් වැදගත්, ගාල්ලට සේවයකුත් කල මිනිසෙක්. දූෂණය කල සංඛ්‍යාව සමරා සාද දැමූ අය වෙනුවෙන් නම් ඒ පළාතේ හාමුදුරුවරු පෙරමුණ ගත්තා. දහස්ගනනකට දැනුම බෙදු මෙතුමාට ඉන්නේ කවුද කියා දැන් බලමු.. (ස)
සහතික ඇත්ත දෙවියෝම බලාගනිත්වා මේ අවනඩු ඔක්කොම (ස)
පොල් දැන් ගණන් පරිස්සමෙන් (ස)