දැවැන්ත හයේ පහර 13 ක් සහ හතරේ පහර 7 ක් සමගින් කොදෙව් පිතිකරු ක‍්‍රිස් ගේල් ලබාගත් ලකුණු 128 නිසා දිල්ලියේදී පැවති අයි. පී. එල්. ක‍්‍රිකට් තරගයේදී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල විසින් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල ලකුණු 21 කින් පරාජය කරන ලදි. වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 62 කදී ලකුණු 128 ලබාගත් ගේල් තරගයේ වීරයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා අරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 10 දැවී යාමත් සමඟ පිටියට පිවිසුණු බැංගලෝර් නායක විරාට් කෝලි නොදැවී ලකුණු 73 ක් ලබා ගැනීමට සමත් විය. ගේල් සහ කෝලි එක්ව දෙවන කඩුල්ල සඳහා ලකුණු 204 නොබිඳුනු සම්බන්ධතාවක් ගොඩනැංවූහ. දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල නියෝජනය කරන ශ්‍රී ලංකා පිලේ නායක මහේල ජයවර්ධන ලකුණු 9 දැවි ගිය අතර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල වෙනුවෙන් කී‍්‍රඩා කරන ශ්‍රී ලංකා පිලේ හිටපු පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් ලකුණු 44 කට කඩුල්ලක් දවාගත්තේය. රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් ඕවර 20 කදී කඩුලූ 1 ට 215 (කි‍්‍රස් ගේල් නොදැවී 128, විරාට් කෝලි නොදැවී 73) දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් ඕවර 20 කදී කඩුලූ 9 ට ලකුණු 194 (වෙනුගෝපාල් රා ඕ 36, රොස් ටේලර් 55, ඔන්ඩි‍්‍ර රසල් 31, සහිර් ඛාන් 38/3)
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
මැයි මස පළමුවැනි දිනට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් රැලි පැවැත්වෙන ප්‍රදේශ අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සහ පෞද්ගලික අංශය එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
මරදාන සහ කොළඹ කොටුව අතර දුම්රියක් පිලී පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගේල්ගේ ප‍්‍රවේගකාරී ශතකයෙන් බැංගලෝර් පිලට ලකුණු 21 ක ජයක්
බන්ඩාර Saturday, 19 May 2012 10:48 AM
තවත් ක්‍රිකට් තොරතුරු දාන්න..