‘‘ආදරයයි කරුණාවයි’’ චිත‍්‍රපටයේ මං රඟපෑවේ ප‍්‍රධාන චරිතය, දෙවැනි චරිතය රඟපෑවේ ගාමිණී ෆොන්සේකා ඒ චිත‍්‍රපටයේ මගේ රඟපෑම කොච්චර දුර්වලද කිව්වොත් ගැලරියේ පේ‍්‍රක්ෂකයෝ මගේ රඟපෑමට හූ කිව්වා. මෙහි වරද අධ්‍යක්ෂවරයා. ඔහු මාව හරියට මෙයෙවූවේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව.
මෙහෙම කියන්නේ ‘‘ආදරයයි කරුණාවයි’’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රඟපෑ විජේරත්න වරකාගොඩ නම් සම්මානනීය රංගන ශිල්පියායි.
දෙස් විදෙස් පදිංචි ශ්‍රී ලාංකිකයන් හොඳින් හඳුනන මුවන්පැලැස්සේ ‘‘කෝරලේ මහත්මයා’’ හෙවත් විජේරත්න
වරකාගොඩ ‘‘ආදරයයි කරුණාවයි’’ චිත‍්‍රපටය පිළිබඳ තොරතුරු ‘‘මතක පොතට’’ කියන්නට සිය මතකය අවදිකළේ මෙහෙමයි.
මේ චිත‍්‍රපටය තිරගත කෙරුණේ 1965 වසරේ අගෝස්තු මාසේ 06 වැනිදා අධ්‍යක්ෂණය කළේ ප‍්‍රවීණ චිත‍්‍රපට නළුවෙකුව සිටි ආනන්ද ජයරත්න කතාව හා දෙබස් ජයතුංග ෆොන්සේකා, කැමරාව දයා විමලවීර, සංගීතය ආචාර්ය ඩබ්ලිව්. ඞී. අමරදේව, ගීත ගායනය කළා අමිතා වැදිසිංහ, නිෂ්පාදනය කළේ පී.ඞී.එස්. ප‍්‍රනාන්දු.
මා සමඟ රඟපෑවා ගාමිණී ෆොන්සේකා, ක්ලැරිස් ද සිල්වා, ආනන්ද ජයරත්න, ජී.ටී. වික‍්‍රමසිංහ, වික‍්‍රම බෝ්ගොඩ, සීතා කුමාරි, අයිරාංගනී පෙරේරා යන ශිල්පීන්.
මං රඟපෑවේ නීතිඥවරයෙකුගේ චරිතයක්, මගේ බිරිඳ හැටියට ක්ලැරිස් ද සිල්වා රඟපෑවා. ඇය පාසල් ගුරුවරියක්. අපේ දියණියගේ චරිතය රඟපෑවේ අයිරාංගනී පෙරේරා. ගාමිණී ෆොන්සේකා රඟපෑවේ අපේ පවුලේ හිතවතෙක් විදියට. ඔහු හමුදාවේ මේජර් කෙනෙක්.
නීතිඥවරයා ඉතාම කාර්යබහුලයි. මේ නිසා ගෙදර දොර අවශ්‍යතාවලට මේජර්වරයාගෙන් උදව්ගන්න සිදුවුණා. බිරිඳට ගමන් බිමන් යන්න සිදුවුණෙත් ඔහු සමග. මේ හිතවත්කම පසුකාලීනව නීතිඥවරයාගේ සැකයට තුඩුදෙනවා. මේ සැකය උග‍්‍ර අතට හැරුණාම නීතිඥයා සිය බිරිඳ ගෙදරින් පන්නා ගන්නවා. අන්තිමට දරුපවුලම නන්නත්තාරවෙලා යනවා. කාලයක් ගතවෙනකොට අහම්බෙන් වගේ නීතිඥයාට සිය බිරිඳ මුණගැහෙනවා. එම අවස්ථාවේදී ඔහුගේ සැකය දුරුවී ගිහින් නැවතත් ඒ පවුල එක සෙවණකට එක්වෙනවා. මේ තමයි කතා සාරාංශය.
මේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයට මාව තෝරාගන්නා විට රොබින් තම්පෝගේ ‘‘සුහද දිවි පිදුම’’ චිත‍්‍රපටයේ නීතිඥයෙකුගේ චරිතයක් රඟපාලා තිබුණා. එතැනදී මට තිබුණේ විත්තිකරුවෙක් වෙනුවෙන් උසාවියේ දේශනයක් කරන්න. ඒ හැරුණාම තම්පෝගේ ‘‘සුදු සඳේ කලූවලා’’ ‘‘සමාජේ අපි ඔක්කොම සමානයි’’ ‘‘ගම්පෙරළිය’’ යන චිත‍්‍රපටවල සුළු සුළු චරිත කරලා තිබුණා. අවංකව නිහතමානීව කියනවා නම් ආදරයයි කරුණාවයි චිත‍්‍රපටයේ රඟපානකොට මං ආධුනික නළුවෙක්.
රූපගතකිරීම් කළේ කොළඹ නගරයේමයි. ‘‘ආදරයයි කරුණාවයි’’ චිත‍්‍රපටය ආනන්ද ජයරත්නගේ ප‍්‍රථම අධ්‍යක්ෂණය. මෙය දුර්වල නිර්මාණයක් වූ නිසාම එය ඔහුගේ අවසාන අධ්‍යක්ෂණයත් වුණා.
ආනන්ද ජයරත්න ඉතාම දක්ෂ නළුවෙක්. ඒ වගේ නළුවෙක් ආයෙත් බිහිවන්නේත් නැහැ. එහි තර්කයක් නැහැ. නමුත් මේ චිත‍්‍රපටය ගැන ඇත්ත කතා කරනවා නම් ඔහුගේ අධ්‍යක්ෂණය අන්තිම දුර්වලයි. මට සමාවෙන්න ඔහුට අපහාස කිරීමේ චේතනාවෙන් නම් නෙවෙයි මං මෙහෙම කියන්නේ. ඔහු චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ බැරෑරුම්කම දැනගෙන හිටියේ නැහැ. සෙල්ලක්කාරයෙක් වගෙයි ඔහු අපිව මෙහෙයවූවේ.
එක උදාහරණයක් පෙන්වන්නේනම්, මිස්ටර් විජේරත්න අතන හිටගන්න. ඔන්න මං හිටගත්තා. බිත්තිය අල්ලගන්න. ඔන්න මං බිත්තිය අල්ල ගත්තා. එක පාරටම ආපහු හැරෙන්න. දැන් අඩි තුනක් විතර ඉස්සරහට එන්න. දැන් දොරෙන් එළිය බලන්න. දැන් ක්ලැරිස් මිස්ටර් විජේරත්න වරකාගොඩගේ ඉස්සරහට එන්න. ඔන්න ක්ලැරිස් ආවා කියමුකෝ දැන් ක්ලැරිස්ගෙ බෙල්ලෙන් අල්ලලා එළියට තල්ලූ කරන්න. මෙන්න මේ විදියට තමයි අපිව මෙහෙයවුවේ. ඉතින් කොහොමද හැඟීමක් එන්නේ. ඒ දර්ශනයට අවශ්‍ය ‘‘මූඞ්’’ එක ගන්නේ කොහොමද. මිස්ටර් ආනන්ද තව එකපාරක් ගනිමුද ඒ සීන් එක කියලා කිව්වම ඉංග‍්‍රීසියෙන් උත්තර දෙනවා නෝ....නෝ.... දැටිස් ඕකේ කියලා.
අවස්ථා කිහිපයකදීම මට තේරුණා මං නම් ඉවරෙටම ඉවරයි කියලා. ඉතින් දාලා යන්නත් බැහැ. ඒකත් මහා අපරාධයක් නිශ්පාදකයා අමාරුවේ.
හැබැයි රඟපෑමේ අත්දැකීම් තියෙන ක්ලැරිස් සහ ගාමිණී චරිත හරියට කළා. මං ආධුනික බව ඇත්ත. ඒත් යම් විශ්වාසයක් ඇතුවනේ මාව ප‍්‍රධාන චරිතයට ගත්තේ. එහෙමනම් අධ්‍යක්ෂවරයා දැනගන්න ඕනෑ උවමනා රංගනය මගෙන් හූරලා ගන්න. එහෙම උත්සාහයක් ආනන්ද ළඟ තිබුණේ නැහැ. මං වාද කරන්න ගියෙත් නැහැ. කටපියාගෙනම හිටියා. මට මතකයි විජය කුමාරතුංග ‘‘මරුවා සමග වාසේ’’ චිත‍්‍රපටයේ රඟපාන කාලේ පත්තරයකට ප‍්‍රකාශයක් කරලා තිබුණා අධ්‍යක්ෂ ටයිටස් තොටවත්ත මහත්මයා තමන්ගෙ රඟපෑම හූරලා ගත්තා කියලා. අන්න ඒ වගේ මගේ ශරීරය තුළ තිබුණු රඟපෑමේ කුසලතාව හූරලා ගන්න ආනන්ද සමත් වුණේ නැහැ කියන එකයි මං කියන්නේ.
චිත‍්‍රපටය තිරගතවුණාම මං බලන්න ගියා. මගේ රඟපෑම් දැකලා මටම මාව එපා වුණා. අනේ අපොයි කියලා හිතුණා. හොඳම පේ‍්‍රක්‍ෂ්කයෝ ඉන්නේ ගැලරියේ. කියලා වැඩක් නැහැ. මං පෙනීසිටිය හැම රූප රාමුවකටම ගැලරියෙන් ‘‘හූ’’ කිව්වා. හැබැයි මං වෘත්තීය නළුවෙක් වුණා නම් ඉවරෙටම ඉවරයි. එහෙනම් ජීවත්වෙන්න විදියක් නැතුව නන්නත්තාර වෙනවා සිකුරුයි. හොඳ වෙලාවට මං රස්සාවක් කළේ. මුලදී පොලිස් පරීක්ෂකවරයෙක්ව ඉඳලා පස්සෙ ලංකා වානේ සංස්ථාවේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරී විදියට රැකියාව කළේ.
‘‘ආදරයයි කරුණාවයි’’ චිත‍්‍රපටයට මාව ගත්තේ ගිවිසුමක් අනුව නෙවෙයි. මට කිසිම ගෙවීමක් කළේ නැහැ. මං ඉල්ලූවෙත් නැහැ. එච්චරයි.
ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙක් විදියට හපන්කම් පෙන්නපු මට රඟපාන්නත් පුළුවන් කියලා පෙන්වන්න ලොකු උවමනාවක් ඇති වුණා. ඊට පස්සෙ ඒ බලාපොරොත්තුව හරියට හරි ගියා. හොඳ වෙලාවට ලෙස්ටර් මහත්මයාගේ ‘‘ගම්පෙරළිය’’ චිත‍්‍රපටයේ අවස්ථාවක් ලැබුණා. එක දෙබසක්වත් තිබුණේ නැහැ. ඊට පස්සෙ එතුමාගේ ‘‘ගොළු හදවත’’ චිත‍්‍රපටයේ මතක හිටින චරිතයක් කළා. ශ‍්‍රියානි අමරසේන සහ වික‍්‍රම බෝගොඩ සමග ඊට පස්සේ ‘‘දෙලොවක් අතර’’ සහ ‘‘නිධානය’’.
මෙන්න මේ ටිකත් කියන්න ඕනෑ. ‘‘ආදරයයි කරුණාවයි’’ චිත‍්‍රපටයෙන් පසුව මං අමරනාත් ජයතිලකගේ ‘‘අරුණට පෙර’’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රඟපෑවා. ඒ වසරේ හොඳම නළුවාට පිදෙන ජනාධිපති සම්මානයත් ඕ.සී.අයි.සී සම්මානයත් ලබාගන්න මට හැකියාව ලැබුණා.
අමරදාස සිල්වා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා ඔබට හූ කිව්වට ඔබ ඉන් පරාජය වුනේ නැහැ. ඔබතුමා අද අපට සිටින ඉතා වටිනා කලා කරුවෙක්. (ස)
ඔබ දක්ෂ තළාකරුවෙක්. ඒ නිසා තව කලක් නිරෝගීව අප අතර ඉන්න කියා මම ඉල්ලනවා. ඔබට ජය!(නදී)
ඔබ වැනි කලාකරුවන් අපට ලද සම්පතකි.. කලාව විකසිත කල කලා කරුවාණෙනි ඔබ චිරාත්කාලයක් වැජඹේවා..!(නු)
ආදරණීය පියාණෙනි, ඔබට දීර්ඝායූෂ ලැබේවා! (නි)
ආදරණීය පියානෙනි, ඔබට දීර්ඝායුෂ ලැබේවා!(නදී)
ඔබ තුමන් ජාතියේ පිනෙන් පහල වු කලා කරුවෙකි.ඔබට දීර්ඝායු (ස)
ඔබතුමා ඉතාමත්ම දක්ෂ කලාකරුවෙක්. නමුත් මට හොඳටම විස්වාසයි ඔබතුමා ළඟදීම අලුත් ගෙදර ටෙලි නාට්‍ය ගැණත් ඔය විදියට කණගාටු වේවි. ඒ ටෙලි නාට්‍යත් බොහොම දුර්වල එකක්. (ස)
ඔබට දීර්ඝායු වේවා... දෙවි පිහිටයි (ස)
ඔබගේ දක්ෂතා සහ නිහතමානීකම ගැන සතුටුයි. ඒත් අර කෘමිනාශක වෙළඳ දැන්වීම ගැන නම් කණකාටුයි (ස)
ඔබතුමා අපේ රටට සම්පතක්. චිරාත් කාලයක් වැජඹේවා! (නි)
ඔබ අපිට මිනි කැටයක් (දී)
නමුත් ඔබ අද ඉන්න තැන බලන්න ඔබ ලංකා මතාවටම් ආඩම්බරයක් (දී)
නමුත් ඔබ ඇති විශිෂ්ටයි (දී)
තවමත් අපි ඔබට ආදරෙයි. සුභ පැතුම්! (නි)
ඔබ දක්ෂ අවංක නිහතමානි කලාකරුවෙක් ඔබට සුභපතමි. (අ)
කෝරළේ මහත්තයා ලංකාවේ කාටවත් අමතක වෙන්නේ නෑ . ඔබට දීර්ඝායු වේවා (ස)
එදා ගැලරියේ ප්‍රේක්ෂකයෝ එහෙම කළාට අද ඔබේ රංගනයකදී ඔබ පෙනී සිටින හැම දර්ශනයකදීම ඔවුන් නැගිටලා ඔබට ආචාර කරනු නියතයි. මොකද ඔබ වගේ නිහතමානී කලාකරුවෝ අද හරිම අඩුයි. ඉන්න තරමක් ඉන්නේ කඩේ යන අයනේ. (නි)
දක්ෂ කලාකරුවෙක්.ඔබට දීර්ඝායුෂ පතමු. (අ)
මම හැමදාම ආදරේ කරන කලා කරුවෙක් ඔබට ජයවේවා (අ)
ඔබතුමා අපේ රටට සම්පතක් , චිරාත්කාලයක් වැජඹේවා (ස)
දිඝාසිරි පතමි (ස)
අපිට ඔබ පිළිබඳ තිබෙන්නේ ගෞරවයක් . ටෙලිනාට්‍යවල ඔබේ රඟපෑම විශිෂ්ඨයි. ඔබට දිඝාසිරි ප්‍රාර්ථනා කරනවා (ස)
ඔබට දීර්ඝායු වේවා! (ස)
ඔබ මුවන් පැළැස්සේ කියූ දේවල් තවමත් අළුත් නළුවෝ කොපිකරනවා. (නි)
ඒ තමයි නියම නළුවෝ. ඔවුන් තමන්ට හැකි දේ හරියට කරනවා. (නි)
ඔබ ශ්‍රේෂ්ටයි (දී)
ඔබගෙ ප්‍රතිභාව අතිවිශිෂ්ඨයි. ඔය කථාකලේ සිනමාව ගැන විතරයිනේ තවදවසක ගුවන් විදුලිය ගැන සහ වේදිකාව ගැනත් කථා කරන්න බුදු සරණයි. (අ)