IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ගැලරියේ පේ‍්‍රක්ෂකයෝ මට හූ කිව්වා

‘‘ආදරයයි කරුණාවයි’’ චිත‍්‍රපටයේ මං රඟපෑවේ ප‍්‍රධාන චරිතය,  දෙවැනි චරිතය රඟපෑවේ ගාමිණී ෆොන්සේකා ඒ චිත‍්‍රපටයේ මගේ රඟපෑම කොච්චර  දුර්වලද කිව්වොත් ගැලරියේ පේ‍්‍රක්ෂකයෝ මගේ රඟපෑමට හූ  කිව්වා. මෙහි වරද  අධ්‍යක්ෂවරයා. ඔහු මාව හරියට මෙයෙවූවේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. 

 

මෙහෙම කියන්නේ ‘‘ආදරයයි කරුණාවයි’’ චිත‍්‍රපටයේ  ප‍්‍රධාන චරිතය රඟපෑ  විජේරත්න වරකාගොඩ  නම්  සම්මානනීය රංගන ශිල්පියායි. 

දෙස් විදෙස් පදිංචි ශ්‍රී ලාංකිකයන් හොඳින් හඳුනන මුවන්පැලැස්සේ ‘‘කෝරලේ මහත්මයා’’ හෙවත් විජේරත්න  
වරකාගොඩ  ‘‘ආදරයයි කරුණාවයි’’ චිත‍්‍රපටය  පිළිබඳ  තොරතුරු  ‘‘මතක පොතට’’  කියන්නට  සිය මතකය අවදිකළේ මෙහෙමයි. 
මේ චිත‍්‍රපටය  තිරගත කෙරුණේ  1965 වසරේ අගෝස්තු  මාසේ 06 වැනිදා අධ්‍යක්ෂණය කළේ ප‍්‍රවීණ  චිත‍්‍රපට  නළුවෙකුව සිටි ආනන්ද  ජයරත්න කතාව  හා දෙබස් ජයතුංග ෆොන්සේකා, කැමරාව දයා  විමලවීර, සංගීතය ආචාර්ය ඩබ්ලිව්. ඞී. අමරදේව, ගීත  ගායනය කළා අමිතා  වැදිසිංහ, නිෂ්පාදනය කළේ පී.ඞී.එස්. ප‍්‍රනාන්දු. 

මා  සමඟ රඟපෑවා ගාමිණී ෆොන්සේකා, ක්ලැරිස් ද සිල්වා,  ආනන්ද  ජයරත්න, ජී.ටී. වික‍්‍රමසිංහ,  වික‍්‍රම  බෝ්ගොඩ, සීතා කුමාරි, අයිරාංගනී  පෙරේරා යන ශිල්පීන්.

මං රඟපෑවේ නීතිඥවරයෙකුගේ චරිතයක්, මගේ බිරිඳ හැටියට ක්ලැරිස් ද  සිල්වා රඟපෑවා. ඇය පාසල් ගුරුවරියක්. අපේ දියණියගේ චරිතය රඟපෑවේ අයිරාංගනී පෙරේරා. ගාමිණී  ෆොන්සේකා රඟපෑවේ අපේ පවුලේ හිතවතෙක් විදියට. ඔහු හමුදාවේ මේජර් කෙනෙක්. 

නීතිඥවරයා  ඉතාම කාර්යබහුලයි. මේ නිසා ගෙදර දොර අවශ්‍යතාවලට මේජර්වරයාගෙන් උදව්ගන්න සිදුවුණා. බිරිඳට  ගමන් බිමන් යන්න සිදුවුණෙත් ඔහු සමග. මේ හිතවත්කම  පසුකාලීනව නීතිඥවරයාගේ සැකයට තුඩුදෙනවා. මේ සැකය උග‍්‍ර අතට  හැරුණාම නීතිඥයා සිය බිරිඳ ගෙදරින් පන්නා ගන්නවා. අන්තිමට  දරුපවුලම නන්නත්තාරවෙලා  යනවා. කාලයක් ගතවෙනකොට  අහම්බෙන්  වගේ  නීතිඥයාට සිය  බිරිඳ  මුණගැහෙනවා. එම අවස්ථාවේදී  ඔහුගේ සැකය දුරුවී ගිහින් නැවතත්  ඒ පවුල  එක සෙවණකට එක්වෙනවා. මේ තමයි කතා  සාරාංශය. 

මේ  චිත‍්‍රපටයේ ප‍්‍රධාන  චරිතයට මාව තෝරාගන්නා විට රොබින් තම්පෝගේ  ‘‘සුහද දිවි පිදුම’’ චිත‍්‍රපටයේ නීතිඥයෙකුගේ චරිතයක් රඟපාලා තිබුණා. එතැනදී මට තිබුණේ විත්තිකරුවෙක්  වෙනුවෙන් උසාවියේ දේශනයක් කරන්න. ඒ හැරුණාම තම්පෝගේ ‘‘සුදු සඳේ කලූවලා’’  ‘‘සමාජේ අපි  ඔක්කොම සමානයි’’ ‘‘ගම්පෙරළිය’’ යන චිත‍්‍රපටවල  සුළු සුළු චරිත කරලා තිබුණා. අවංකව නිහතමානීව කියනවා නම් ආදරයයි කරුණාවයි  චිත‍්‍රපටයේ රඟපානකොට මං ආධුනික නළුවෙක්. 

 

රූපගතකිරීම් කළේ කොළඹ නගරයේමයි. ‘‘ආදරයයි කරුණාවයි’’ චිත‍්‍රපටය  ආනන්ද ජයරත්නගේ ප‍්‍රථම අධ්‍යක්ෂණය. මෙය දුර්වල නිර්මාණයක් වූ නිසාම එය ඔහුගේ අවසාන අධ්‍යක්ෂණයත් වුණා. 

ආනන්ද ජයරත්න ඉතාම දක්ෂ නළුවෙක්. ඒ වගේ නළුවෙක් ආයෙත් බිහිවන්නේත් නැහැ. එහි තර්කයක් නැහැ. නමුත් මේ චිත‍්‍රපටය ගැන ඇත්ත කතා කරනවා නම් ඔහුගේ අධ්‍යක්ෂණය අන්තිම දුර්වලයි. මට සමාවෙන්න ඔහුට අපහාස  කිරීමේ චේතනාවෙන්  නම් නෙවෙයි මං මෙහෙම කියන්නේ. ඔහු චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ බැරෑරුම්කම දැනගෙන හිටියේ නැහැ.  සෙල්ලක්කාරයෙක් වගෙයි ඔහු අපිව මෙහෙයවූවේ.

එක උදාහරණයක් පෙන්වන්නේනම්, මිස්ටර් විජේරත්න අතන හිටගන්න. ඔන්න මං හිටගත්තා. බිත්තිය අල්ලගන්න. ඔන්න මං බිත්තිය අල්ල ගත්තා. එක පාරටම ආපහු  හැරෙන්න. දැන් අඩි තුනක් විතර  ඉස්සරහට  එන්න.  දැන් දොරෙන්  එළිය බලන්න. දැන් ක්ලැරිස් මිස්ටර්  විජේරත්න වරකාගොඩගේ ඉස්සරහට එන්න.  ඔන්න  ක්ලැරිස්  ආවා කියමුකෝ දැන් ක්ලැරිස්ගෙ බෙල්ලෙන්  අල්ලලා එළියට  තල්ලූ කරන්න. මෙන්න  මේ විදියට තමයි  අපිව මෙහෙයවුවේ. ඉතින් කොහොමද හැඟීමක්  එන්නේ.  ඒ දර්ශනයට අවශ්‍ය ‘‘මූඞ්’’  එක  ගන්නේ කොහොමද. මිස්ටර් ආනන්ද තව එකපාරක් ගනිමුද ඒ සීන් එක කියලා කිව්වම ඉංග‍්‍රීසියෙන් උත්තර දෙනවා නෝ....නෝ....  දැටිස්  ඕකේ කියලා. 

අවස්ථා කිහිපයකදීම මට තේරුණා මං නම් ඉවරෙටම ඉවරයි කියලා. ඉතින් දාලා යන්නත් බැහැ. ඒකත් මහා අපරාධයක් නිශ්පාදකයා අමාරුවේ.

හැබැයි රඟපෑමේ අත්දැකීම් තියෙන  ක්ලැරිස් සහ ගාමිණී  චරිත  හරියට කළා. මං ආධුනික බව ඇත්ත. ඒත් යම් විශ්වාසයක් ඇතුවනේ මාව ප‍්‍රධාන චරිතයට ගත්තේ. එහෙමනම් අධ්‍යක්ෂවරයා දැනගන්න  ඕනෑ  උවමනා  රංගනය මගෙන් හූරලා ගන්න. එහෙම උත්සාහයක් ආනන්ද ළඟ තිබුණේ නැහැ. මං  වාද කරන්න ගියෙත් නැහැ. කටපියාගෙනම හිටියා. මට මතකයි විජය කුමාරතුංග  ‘‘මරුවා සමග  වාසේ’’ චිත‍්‍රපටයේ රඟපාන කාලේ පත්තරයකට ප‍්‍රකාශයක් කරලා  තිබුණා අධ්‍යක්ෂ ටයිටස්  තොටවත්ත මහත්මයා තමන්ගෙ රඟපෑම හූරලා ගත්තා කියලා. අන්න ඒ වගේ මගේ  ශරීරය තුළ තිබුණු රඟපෑමේ කුසලතාව හූරලා ගන්න ආනන්ද සමත් වුණේ නැහැ කියන එකයි මං  කියන්නේ.  

 

චිත‍්‍රපටය තිරගතවුණාම මං බලන්න ගියා. මගේ රඟපෑම් දැකලා මටම මාව එපා වුණා. අනේ අපොයි කියලා හිතුණා. හොඳම   පේ‍්‍රක්‍ෂ්කයෝ ඉන්නේ ගැලරියේ. කියලා වැඩක් නැහැ. මං  පෙනීසිටිය හැම රූප රාමුවකටම ගැලරියෙන් ‘‘හූ’’ කිව්වා. හැබැයි මං වෘත්තීය නළුවෙක් වුණා නම් ඉවරෙටම ඉවරයි. එහෙනම් ජීවත්වෙන්න  විදියක් නැතුව නන්නත්තාර වෙනවා සිකුරුයි. හොඳ  වෙලාවට මං රස්සාවක් කළේ.  මුලදී  පොලිස්  පරීක්ෂකවරයෙක්ව ඉඳලා පස්සෙ ලංකා වානේ සංස්ථාවේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරී විදියට රැකියාව කළේ. 

‘‘ආදරයයි කරුණාවයි’’  චිත‍්‍රපටයට මාව ගත්තේ ගිවිසුමක් අනුව නෙවෙයි. මට කිසිම ගෙවීමක් කළේ නැහැ. මං ඉල්ලූවෙත් නැහැ. එච්චරයි. 


ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙක් විදියට හපන්කම් පෙන්නපු මට රඟපාන්නත් පුළුවන් කියලා පෙන්වන්න ලොකු උවමනාවක් ඇති වුණා. ඊට  පස්සෙ ඒ බලාපොරොත්තුව හරියට හරි ගියා. හොඳ වෙලාවට ලෙස්ටර් මහත්මයාගේ ‘‘ගම්පෙරළිය’’ චිත‍්‍රපටයේ අවස්ථාවක් ලැබුණා. එක  දෙබසක්වත් තිබුණේ නැහැ. ඊට පස්සෙ එතුමාගේ ‘‘ගොළු හදවත’’ චිත‍්‍රපටයේ මතක හිටින චරිතයක් කළා. ශ‍්‍රියානි අමරසේන සහ වික‍්‍රම බෝගොඩ සමග ඊට පස්සේ ‘‘දෙලොවක් අතර’’  සහ ‘‘නිධානය’’.

මෙන්න මේ ටිකත් කියන්න  ඕනෑ. ‘‘ආදරයයි කරුණාවයි’’  චිත‍්‍රපටයෙන් පසුව මං අමරනාත්  ජයතිලකගේ ‘‘අරුණට පෙර’’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රඟපෑවා. ඒ වසරේ හොඳම නළුවාට  පිදෙන  ජනාධිපති සම්මානයත්   ඕ.සී.අයි.සී සම්මානයත් ලබාගන්න  මට හැකියාව ලැබුණා. 

 

අමරදාස සිල්වා

 



අදහස් (0)

ගැලරියේ පේ‍්‍රක්ෂකයෝ මට හූ කිව්වා

ජීවා Friday, 15 March 2013 04:15 PM

කෝරළේ මහත්තයා ලංකාවේ කාටවත් අමතක වෙන්නේ නෑ . ඔබට දීර්ඝායු වේවා (ස)

:       0       0

අනුර Thursday, 14 March 2013 04:13 PM

ඔබතුමා අපේ රටට සම්පතක් , චිරාත්කාලයක් වැජඹේවා (ස)

:       0       0

දිසානායක Tuesday, 26 March 2013 12:39 AM

ආදරණීය පියානෙනි, ඔබට දීර්ඝායුෂ ලැබේවා!(නදී)

:       0       0

හිල්මි Wednesday, 13 March 2013 07:54 PM

ඔබ දක්ෂ අවංක නිහතමානි කලාකරුවෙක් ඔබට සුභපතමි. (අ)

:       0       0

දිසානායක Tuesday, 26 March 2013 12:46 AM

ආදරණීය පියාණෙනි, ඔබට දීර්ඝායූෂ ලැබේවා! (නි)

:       0       0

පාර්වතී Monday, 25 March 2013 11:22 AM

ඔබට දීර්ඝායු වේවා... දෙවි පිහිටයි (ස)

:       0       0

ප්‍රසාදි Thursday, 14 March 2013 10:18 AM

ඔබට දීර්ඝායු වේවා! (ස)

:       0       0

ඩොනල්ඩ් Saturday, 16 March 2013 07:01 PM

තවමත් අපි ඔබට ආදරෙයි. සුභ පැතුම්! (නි)

:       0       0

අසිත Saturday, 16 March 2013 01:20 PM

එදා ඔබට හූ කිව්වට ඔබ ඉන් පරාජය වුනේ නැහැ. ඔබතුමා අද අපට සිටින ඉතා වටිනා කලා කරුවෙක්. (ස)

:       0       0

අමිත් Monday, 25 March 2013 12:01 PM

ඔබතුමා ඉතාමත්ම දක්ෂ කලාකරුවෙක්. නමුත් මට හොඳටම විස්වාසයි ඔබතුමා ළඟදීම අලුත් ගෙදර ටෙලි නාට්‍ය ගැණත් ඔය විදියට කණගාටු වේවි. ඒ ටෙලි නාට්‍යත් බොහොම දුර්වල එකක්. (ස)

:       0       0

මේනකා ඇල්පිටිය Thursday, 28 March 2013 05:21 PM

ඔබ වැනි කලාකරුවන් අපට ලද සම්පතකි.. කලාව විකසිත කල කලා කරුවාණෙනි ඔබ චිරාත්කාලයක් වැජඹේවා..!(නු)

:       0       0

සමන් Sunday, 17 March 2013 03:25 PM

නමුත් ඔබ අද ඉන්න තැන බලන්න ඔබ ලංකා මතාවටම් ආඩම්බරයක් (දී)

:       0       0

ගයනි Thursday, 14 March 2013 11:07 AM

අපිට ඔබ පිළිබඳ තිබෙන්නේ ගෞරවයක් . ටෙලිනාට්‍යවල ඔබේ රඟපෑම විශිෂ්ඨයි. ඔබට දිඝාසිරි ප්‍රාර්ථනා කරනවා (ස)

:       0       0

කමල් Friday, 22 March 2013 10:02 AM

ඔබගේ දක්ෂතා සහ නිහතමානීකම ගැන සතුටුයි. ඒත් අර කෘමිනාශක වෙළඳ දැන්වීම ගැන නම් කණකාටුයි (ස)

:       0       0

ජුඩ් සමන්ත Monday, 25 March 2013 12:42 PM

ඔබ තුමන් ජාතියේ පිනෙන් පහල වු කලා කරුවෙකි.ඔබට දීර්ඝායු (ස)

:       0       0

පාලිත Wednesday, 13 March 2013 10:02 PM

ඔබගෙ ප්‍රතිභාව අතිවිශිෂ්ඨයි. ඔය කථාකලේ සිනමාව ගැන විතරයිනේ තවදවසක ගුවන් විදුලිය ගැන සහ වේදිකාව ගැනත් කථා කරන්න බුදු සරණයි. (අ)

:       0       0

සරත් Thursday, 14 March 2013 11:39 AM

දිඝාසිරි පතමි (ස)

:       0       0

නිරාන් Thursday, 14 March 2013 07:23 PM

මම හැමදාම ආදරේ කරන කලා කරුවෙක් ඔබට ජයවේවා (අ)

:       0       0

ගජබා Sunday, 17 March 2013 03:54 PM

ඔබ අපිට මිනි කැටයක් (දී)

:       0       0

ප්‍රදීප් Thursday, 14 March 2013 08:10 PM

දක්ෂ කලාකරුවෙක්.ඔබට දීර්ඝායුෂ පතමු. (අ)

:       0       0

චින්තක Monday, 18 March 2013 03:08 PM

ඔබතුමා අපේ රටට සම්පතක්. චිරාත් කාලයක් වැජඹේවා! (නි)

:       0       0

හිල්ම් Thursday, 14 March 2013 12:25 AM

ඔබ ශ්‍රේෂ්ටයි (දී)

:       0       0

හිල්මි Thursday, 14 March 2013 12:30 AM

ඒ තමයි නියම නළුවෝ. ඔවුන් තමන්ට හැකි දේ හරියට කරනවා. (නි)

:       0       0

නන්දා Sunday, 17 March 2013 11:47 AM

නමුත් ඔබ ඇති විශිෂ්ටයි (දී)

:       0       0

ලීල් ගුණවර්ධන Sunday, 31 March 2013 05:39 PM

ඔබ දක්ෂ තළාකරුවෙක්. ඒ නිසා තව කලක් නිරෝගීව අප අතර ඉන්න කියා මම ඉල්ලනවා. ඔබට ජය!(නදී)

:       0       0

පිටිගල Thursday, 14 March 2013 03:19 AM

ඔබ මුවන් පැළැස්සේ කියූ දේවල් තවමත් අළුත් නළුවෝ කොපිකරනවා. (නි)

:       0       0

ගාමිණී Friday, 15 March 2013 01:34 AM

එදා ගැලරියේ ප්‍රේක්ෂකයෝ එහෙම කළාට අද ඔබේ රංගනයකදී ඔබ පෙනී සිටින හැම දර්ශනයකදීම ඔවුන් නැගිටලා ඔබට ආචාර කරනු නියතයි. මොකද ඔබ වගේ නිහතමානී කලාකරුවෝ අද හරිම අඩුයි. ඉන්න තරමක් ඉන්නේ කඩේ යන අයනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 03 1 0

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත


පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1113 1

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 149 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 143 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 436 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 1123 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38767 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 996 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site