ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ වාර්ෂික අන්තර් ඒකක අවි හා පා සරඹ තරගාවලිය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම ගේ ප‍්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණ.
බලගණ නායක ඩි. එච්. කේ. එස් සෙනෙවිරත්න අණදුන් කටුනායක ගුවන් හමුදා කදවුරු කණ්ඩායම ශුරතාවය දිනාගත්තේය , ගුවන් පියාසර නිලධාරී එච්. ඒ. පී . කේ ප‍්‍රනාන්දු අණදුන් අනුරාධපුර ගුවන් හමුදා කණ්ඩායම අනුශුරතාවය දිනා ගත්තේය. එහි තුන්වන ස්ථානයට දියතලාව ගුවන් හමුදා කදවුරු කණ්ඩායම හිමි විය.
මීට සමගාමිව තූර්යවාදක කණ්ඩායමි තරගද පැවැත්වුණු අතර කටුනායක ග‍්‍රීන් වින්ග් හා රෙඩි වින්ග් කණ්ඩායමි පිළිවෙලින් අවසන් වටය හා සුදුසුකම් ලැබු අතර එහදි ග‍්‍රින් වින්ග් තුර්යවාදක කණ්ඩායම අභිබවා ශුරතාවය දිනාගැනීමට කටුනායක රෙඩි වින්ග් තුර්යවාදක කණ්ඩායම සමත්කම් දක්වන ලදි.
මෙම සුවිශේෂි තරගාවලියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගීවුයේ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතාය.
පින්තූර
1784 - ශී‍්‍ර ලංකා ගුවන් හමුදා 2012 අන්තර් ඒකක අවි හා පා සරඹ තරගාවලියේ ශූරතාවය දිනාගත් කටුනායක ගුවන් හමුදා කණ්ඩායමට අනදුන් ස්ක්‍රොඞ්රන් ලීඩර් ඩි. එච්. කේ. එස් සෙනෙවිරත්න ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතා අතින් ශූරතා කුසලානය ලබා ගත් අවස්ථාව.
1770 – එම අනු ශූරතාවය දිනාගත් අනුරාධපුර ගුවන් හමුදා කණ්ඩායමට අනදුන් පයිලට් ඔෆිසර් එච්. ඒ. පී . කේ ප‍්‍රනාන්දු ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතා අතින් අනු ශූරතා කුසලානය ලබා ගත් අවස්ථාව.




1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අභිමානවත් ගාම්භීර අවස්ථාවක්..!!(නු)
මෙන්න අපේ දෙවිවරු. ජය වේවා! (නි)
අති ශූර ගුවන් නියමුවකුවූ වර්තමාන ගුවන්හමුදාපති තුමාගේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා මාතාව දිනෙන් දින ජයග්‍රහණ ලැබේවා..!!(නු)
උණුසුම් පුවත් එසැණින් ලැබෙන මෙම පිටුවට මම කැමතියි. (නි)
මේ වගේ හරඹ පෙන්නුවට පස්සෙත් ලොකු අයගේ පුතාලගෙන් ගුටිකනවනේ...ඒකනේ දුක..(ස)
ඇත්ත වරුණ (ස)
@ වරැණ, ඒඅය ලොකු අය නෙමෙයි . කයිවාරු (දී)