ශ්රී ලංකා ගුවන්හමුදාව සංවිධානය කළ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද කටුනායන ගුවන් හමුදා කඳවුරු පරිශ‍්‍රයේදී පැවැත්විණි.
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම අවුරුදු උළෙල සඳහා දීවයිනේ පිහිටි සියළු ගුවන් හමුදා කඳුවුරුවල නිලධාරීහු හා ගුවන්භටයෝ රැසක් සහභාගී වූහ.
අවුරුදු ක‍්‍රීඩා, ජන ක‍්‍රීඩා ඇතුළු පාරම්පරික අංග බොහොමයකින් පරිපුර්ණ වූ මෙම සිංහල අළුත් අවුරුදු උළෙල ඉතා වර්ණවත් විය. පාරම්පරික ඇඳුමින් සැරසුනු ගුවන් භටයෝ චාරිත‍්‍ර වාරිත‍්‍ර වලට අනුකූලව හැම දෙනාම එකා මෙන් එක්ව සියළුම අවුරදු ක‍්‍රීඩා හා තරග ඉසවි සඳහා සහභාගී වූහ. මෙම අවස්ථාවට ගුවන්හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නීලිකා අබේවික‍්‍රම, ගුවන්හමුදා අධ්‍යක්ෂක මණ්්ඩලය, කටුනායක කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ඞී.එල්.එස් ඩයස් ඇතුළු ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයන් හා සිවිල් සේවක මහතුන් රැසක් සහභාගී විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තෝරගන්ඩ බැරි අපබ්‍රන්සයක්.(නදී)
අමුතුවෙන් හදනන ඕනේ නැහැ මැටි මිනුස්සු ඕන තරම් ඉන්නවා.(නදී)
මේ මැටි මිනිසෙක් ලෙස වෙස් ගන්වලා නේද ඉන්නේ.(නදී)
මැටි මිනිහෙක් වගේ නම් නැහැ රණ විරුවෙක් නේද ?(නදී)
පින්තූරය ගැන කිසිවක් දමල නැහැනේ . ඇයි මේ මැටි මිනිහා කියලා උස්සගන යන්නේ ? කව්ද මේ? මොකක් කියලද හිතන්නේ ?(නදී)
මේ ඔසවාගෙන යන්නේ රනවිරුවෙකුගේ රුවක්නම් නෙමෙයි. දේශය පාළුකරන්න ආ මැටිටෙක්ගේ රුවක් විය හැකියි.(නදී)
මේ මැටි මිනිසාගෙන් කවුද නියෝජනය කරන්නේ..!(නු)
දුප්පත් මිනිසුන්ගේ ප්‍රශ්න වහන්ඩ හොදයි.(නදී)
ත්රෝජාන් අශ්වයට සමාන මැටි මිනිහෙක්ද දන්නේ නැහැ.(නදී)
දැන් ටික කාලයක ඉදන් මැටි මිනිස්සු තමා එන්නේ.(නදී)
දිය වන්නාව පැත්තෙන් ද ඔය මැටි මිනහ ආවේ !(නදී)
දැන් කාලේ මැටියෙන් තමා ඉන්න වෙලා තියෙන්නේ.(නදී)
විකට ඇදුම් තරගයට ආව කෙනෙක්ද?(නු)
රණ විරුවනි නුබලා දේශයේ සැබෑ විරුවෝ....(නු)
පේන විදියට මිනිහ මැට්ටෙක් නොවේ! ගුවන් හමුදාව ලනු දුන්නට කන්න එපා.
නැහැ මේ පාර්ලිමේන්තු නියෝජිතෛන්ගේ සංකේතය.(නදී)
බළලා මැට්ටෙන් වුණත් කමක් නැහැ මීයෝ අල්ලනවානම් කියලා කියමනක් තියෙනවානේ. ඒ වගේ තමයි මිනිහා මැට්ටෙන් වුණත් කමක් නැහැ වියයුත්ත වෙනවා නම් කියලා තමයි දැන් කියන්න වෙන්නේ. (නි)
මැටි වැඩක් වගේ (ස)
මොලේ මැටි තියෙන අය තමයි අද අපේ රටේ වැඩිපුරම ඉන්නේ. (නි)
මේ මැටි මිනිසාගෙන් කවුද නියෝජනය කරන්නේ.(ස)
මැටි මිනිහගෙන් නියෝජනය කරන්නේ කාවද? (නි)
මැටි මිනිහා කෝ (ස)
මැටි මිනිහා නැනේ...(ස)
මැටි මිනිසා නියෝජන කරන්නේ කව්ද? (නදී)
මැටි මිනිසා නියෝජනය කරන්නේ මේ දවස් වල ලංකාවේ මැටි වැඩ කරන ඉහළ පුද්ගලයින් වෙන්න ඇති. (නි)
මේකේ ඉන්න මැටි මිනිහා කවුද?(නදී)
මැටි මිනිසා ...
ලස්සනයි...!! (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ඒ පින්තූරේ දුඹුරු පාටට ඉන්නේ දේශපාලකයෙක්ද ..?? (නි)
කවුද එතකොට මේ මැටි මිනිහා? (නි)
කර උඩින් ගිය මිනිහා පසුව කියාවිද දන්නෙ නැහැ මම ඔහෙලාගෙ කර උඩිනුත් ගියානේ කියලා. එතකොට කරේ තියාගෙන ගිය අයට පොලව පලාගෙන යන්න හිතේවි. (නි)
අපරාදේ. මේක මත්තල ගුවන් පථයේ තියන්න තිබුනේ (නි)
ම්ට කලිනුත් මේ වගේ අය හිවියනේ.(නදී)
මිනිස්සුන්ව කරුවලේ තියන ආණ්ඩුව හදන්න උදවි කළ ඡන්ද දායකයෙක් වෙන්න බැරිද? (නදී)
අනාධිමත් කාලයක සිමෙන්ති ,යකඩ නොමෙති කමින් ජනයා ගෙවල් හැදුවේ මැටියෙන්. ! යුධ,ගුවන් දස්කම් පෙන්නුම් කළා. ගුවන් හමුදාවේ මිනිස් නිර්මාණය මැටියෙන් නිම කිරීම අති ශ්‍රේෂ්ඨයි.(නදී)
මේක ඇහැව්වට අමනාප වෙන්න නම් එපා! මිනිරන් ගහේ කොඩියට මොකද උනේ!(නදී)
අපේ රටේ කරන කියන දේවල් දිහා බැලුවාම හිතෙන්නේත්, අපේ රටේ වැඩියෙන්ම ඉන්නේ මේ වගේ මැටි මිනිස්සු නේද කියලයි. (නි)
නෝනා කලිසම් ඇදල අව කන්නාඩි දල.උත්සවේ විදියට සාරියක් අන්දනම් ලස්සනි ගැලපෙනවා.(නු)
හැමෝම ජාතික ඇදුම් වලින්.එක් අයෙක් කලිසමින්(නු)
උත්සවය හරිම ලස්සනට තියෙන්න ඇති.අපේ ගුවන් හමුදාව කරන වැඩේ හරියට කරනවා.(නු)
ලස්සනයි. (නි)
එයාලට නම් අවුරුදු, අපි මෙහෙ ගිනි කනවා. (නි)
සාමයේ අරුණළු රටට උදා කළ දයාබර රණවිරුවාණනි, ඔබ මෙලෙස අළුත් අවුරුදු අසිරිය භුක්ති විඳීම අපටත් සතුටක්. ඔබ රටට කළ මෙහෙය උදාරය, ශ්‍රේෂ්ඨය. යුද්ධයෙන් මිය ගියද කිසිදා ඔබ නොමළ මිනිසෙකි. වීරයාණනි ඔබට දීර්ගායුෂ පතමි. (නි)
මේ උත්සවය දැක්කම මටත් හරි ආඩම්බරයි. මම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 5 ජෙට් බලගණයේ රාජකාරි කරන කාලෙ එතුමා එහි අණදෙන නිලධාරිතුමා හැටියට කටයුතු කළේ. දැන් උසස්වීම් ලබලා මේ ඉන්න ගුවන් හමුදාපතිතුමාට මගේ උත්තමාචාරය! (නි)
හරියට අපි වගේමයි. (නි)
චාමිනි, ආරදිතයා බව තේරෙන්නේ නැද්ද ?(නදී)
ගුවන් හමුදාවේ ඉන්නේ මැට්ටෝ කියලද හිතාගෙන ඉන්නේ.(නදී)
මාතෘකාව දැකපුවහම මම හිතුවේ ලොක්කෙක් ඇවිත් කියලා. වැරදීමක් සමාවෙන්න (නි)
මත්තලට ෙහාදයි ඒ මිනිහා.(නදී)
වටිනවා.(නදී)
පෙන්නුනත් මැට් ගොඩක් සිත නම් වෙඬරු පිඩක් කල දස්කම් විස්කම් අගයනු රිසි නොපැකිලකම් (නදී)
අනාගත සිංහල ජාතියේ අනුරුවක්. නියමයි.(නදී)
මේකට නියම මත්තල තමයි. අලි , වලස්, කොටි, ගං කබරි ,කුරුළු ,සියල්ල සමග තිබ්බනම් නියමයි.(නදී)