IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


ගුවන් හමුදා පාපැදි සවාරිය අදියර තුනකින්

ගුවන් හමුදාව, 13 වැනි වරටත් සංවිධානය කරන ගුවන් හමුදා විවෘත රේසිං පාපැදි සවාරිය අනිද්දා (15) පෙරවරු 8.00 ට කොළඹ ගුවන් හමුදා මුලස්ථානය ඉදිරිපිටන් ආරම්භවේ. ගුවන් හමුදාවේ 61 වැනි සංවත්සරය නිමිත්තෙන් පාපැදි අතුරු කමිටුවේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙවර තරගය අදියර තුනකින් සමන්විතය. තරගයේ සමස්ත දුර ප‍්‍රමාණය කිලෝමීටර 438 කි. මේ මස 15 වැනිදා ආරම්භ වන පාපැදි සවාරියේ පළමුවැනි අදියරේදී තරගකරුවෝ වත්තල, ජා ඇල, කටුනායක, කොච්චිකඬේ, නයිනමඩම, වෙන්නප්පුව, මාරවිල, මාදම්පේ, හලාවත, ආරච්චිකට්ටුව, මදුරන්කුලිය හරහා පලාවිය විදුහල දක්වා කිලෝමීටර 147 ක දුරක් සිය පාපැදි හසුරුවති. පසුදින (16 වැනිදා) පුත්තලම බස් නැවතුම්පොළ ඉදිරිපිටින් ආරම්භ වී ආනමඩුව, නිකවැරටිය, පාදෙණිය, වාරියපොල, කුරුණෑගල, ඉබ්බාගමුව, ගලේවෙල හරහා දඹුල්ල අබාන්ස් ප‍්‍රදර්ශනාගාරය ඉදිරිපිටින් අවසන් වන 2 වැනි අදියරේ දුර ප‍්‍රමාණය කිලෝමීටර 148.8 කි. පාපැදි සවාරියේ අවසන් අදියර 17 වැනිදා දඹුල්ල නගරයෙන් ආරම්භ වී කුරුණෑගල, නාරම්මල, දඹදෙණිය, කොටදෙනියාව, මිනුවන්ගොඩ, ජා ඇල, කඳාන, වත්තල, පෑලියගොඩ, මරදාන හරහා පැමිණ තරගය ආරම්භ කළ ගුවන් හමුදා මුලස්ථානය ඉදිරිපිටින් අවසන් කිරීමට නියමිතය. අවසන් අදියර කිලෝමීටර 142 ක දුරකින් සමන්විතය. මෙවර සවාරියට පාපැදි අතුරු කමිටුවේ ලියාපදිංචි තරගකරුවෝ 100 කට අධික පිරිසක් ඉදිරිපත්ව සිටිති. එල්. ජී. අබාන්ස් සමාගම අනුග‍්‍රහය දක්වන මෙම සමස්ත පාපැදි සවාරියේ ශූරයාට රුපියල් ලක්‍ෂ තුනක මුදල් ත්‍යාගයක් පිරිනැමේ. දෙවැනි ස්ථානයට රුපියල් 200,000 ක මුදල් ත්‍යාගයක් ද, තෙවැනි ස්ථානයට රුපියල් 100,000 ක්ද ලෙස 15 වැනි ස්ථානය දක්වා ලක්‍ෂ 10 ක පමණ මුදලක් ද තරගකරුවන්ට ත්‍යාග ලෙස පිරිනැමේ. ජනශක්ති රක්‍ෂණ සමාගම තරගකරුවන්ට රක්‍ෂණ ආවරණයක් ද ලබා දෙයි. අදියර ජයග‍්‍රාහකයන්ට, සමස්ත ස්ප‍්‍රීන්ට් හා අදියර ස්ප‍්‍රීන්ට් මෙන්ම ජයග‍්‍රාහී කණ්ඩායම් සඳහා ද මුදල් ත්‍යාග පිරිනමන බවත් තරග සංවිධායකයෝ පවසති. පිරිමි රේසිං තරගයට සමගාමීව කාන්තා පාපැදි තරගයක්ද මේ මස 17 වැනිදා මීරිගම සිට කොළඹ ගුවන් හමුදා මූලස්ථානය දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එහි දුර කිලෝමීටර 42.1 කි. තරගයේ පළමු ස්ථානය දිනාගන්නා ක‍්‍රීඩිකාවට රුපියල් 50,000 ක්ද, දෙවැනි ස්ථානය ලබන තරගකාරියට රුපියල් 30,000 ක් හා තෙවැනි ස්ථානයට රුපියල් 20,000 ක්ද ලෙස පස්වැනි ස්ථානය දක්වා කාන්තා තරගයේ මුදල් ත්‍යාග හා පිරිනැමේ.



අදහස් (0)

ගුවන් හමුදා පාපැදි සවාරිය අදියර තුනකින්

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සීවලී මහරහතන් ධාතුන් වහන්සේ ගංගාරමයට වැඩමවති
2025 අප්‍රේල් මස 25 428 0

උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ


මැලේරියාව ගැන රටට කියන්න පා ගමනක්
2025 අප්‍රේල් මස 25 44 0

ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම


ඉදිරි පැය 36 තුළ වැසි තත්වයක්
2025 අප්‍රේල් මස 25 231 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව


මාතරින් දේශබන්දුට දුන් නියෝගය
2025 අප්‍රේල් මස 25 1128 0

“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත


අයි.එම්.එෆ් හතර වන වාරිකය දෙන්න එකඟතාව ලැබෙයි
2025 අප්‍රේල් මස 25 325 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.


ලාංකිකයෝ දෙදාහකට ඊශ්‍රායලයේ රැකියා දොර ඇරිලා
2025 අප්‍රේල් මස 25 303 0

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 799 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 378 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 530 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site