ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රියාන්විතයේදී මියගිය, ආබාධිත තත්වයට පත් වූ සහ දැනට සේවයේ නියුතු ගුවන් භටයන්ගේ තෝරා ගත් දක්ෂ දු දරුවන් 200 දෙනෙකුට "ගගන විරු සවිය" නමින් ශිෂ්‍යත්ව 200 ක් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නීලිකා අබේවික්‍රම මහත්මිය විසින් ඒකල ගුවන් හමුදා කදවුරේදී ප්‍රදානය කරනු ලැබීය.
මෙහිදී වයස අවුරුදු 10 සිට 17 දක්වා ළමුන් 200ක් සඳහා ශිෂ්‍යත්ව පිරිනමන ලද අතර මෙම ශිෂ්‍යත්වය මෙම ළමුන්සදහා උසස් පෙළ විභාගය දක්වා පිරි නමනු ලබයි.
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් එච්.ඩී අබේවික්‍රම මහතාගේ සංකල්පයක් මත 5 වන වරටත් සංවිධානය කළ මෙම ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවය සදහා ශ්‍රි ලංකා ගුවන් හමුදාව මෙවර සම්පූර්න අනුග්‍රහය ලබා දීම විශේෂත්වයකි.
මෙම උත්සවය සදහා ගුවන් හමුදා සේවා වනිතා ඒක්කයේ සභාපතිනි නීලීකා අබේවික්‍රම මැතිණිය සහභාගි වූ අතර ගුවන් හමුදා ඒකල කදවුරු අනදෙන නිලධාරී ගෲප් කැප්ටන් පී රනසිංහ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලයද එක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොඳ වැඩක්. නමුත් ඉන්න සෙබළුන්ට වඩා ක්‍රියාන්විතයේදී මිය ගිය සහ ආබාධිත වෙච්ච සෙබළුන්ගේ ළමයින්ට දෙනවනම් වඩාත් හොඳයි.(නදී)
ලංකාවට ඇත්තට නියම ගුවන් හමුදාවක් නැහැ. තියෙන්නේ අනිත් රටවල් පාවිච්චි කරලා විසි කරපු, දිරච්ච මලකඩ කාපු ප්ලේන් ටිකක් විතරයි. කෆීර්, මිග් 23 ඇවිල්ල 1960/70 ගණන් වල පාවිච්චි කරපු ප්ලේන්.(නදී)
අපේ රටට දැන් වහාම ඕනෑ රට වටකර වැට බඳින්න පුළුවන් අති නවීන නාවික හමුදාවක්. යුධ සහ ගුවන් හමුදාවල කාර්‍යයභාරය යුද්ධය අවසන් වීමත් සමඟ සීමා වුණා. (නි)
රොහාන්, ලංකාවට ගුවන් හමුදාවක් තිබුණත් නැතත් තියෙන විදියට හරි යුද්ධ කරලා යමක් රටට කරලා තියෙනවා. ඔයාට සල්ලි තියනවා නම් හොද ඒවා ගෙනැල්ලා දෙන්න. තමන්ගේ රටට නින්දා කරන්න එපා (නි)
රොහාන්,ඔබ හරි. රටවල් 19ක උදව්වෙන් තමයි යුද්ධය දිනුවේ. (නි)