දකුණු පළාතේ කිසිදු බසයක බස් ගාස්තු වැඩි නොකරන බවත්, බස් ගාස්තු වැඩියෙන් ඉල්ලන කොන්දොස්තර වරුන්ට පහර දෙන ලෙසත් දකුණු පළාත් පෞද්ගලික බස් රථ ආයෝජන සමාගම් සම්මේලනයේ සභාපති පී චන්දන සොයිසා මහතා මාතර ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අද පැවසීය.
රජය ඉන්ධන සහනාධාරයක් නොදුනහොත් පාඩු පිට හෝ බස් ධාවනය කරන බවත් ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඕනෑම දේකට ඉතින් ගහන එක තමයිනේ කරන්නේ. තාමත් අපේ මිනිස්සු ඉන්නේ පරිනාමයේ ප්‍රාථමිකම අවදියේ. (නි)
ඔන්න වැඩිපුර ඉල්ලුවොත් වැඩිපුර අපි දෙනවා හොදේ. පස්සේ කියන්න එපා කොන්දොස්තරට ගහලා අපි ස්ට්‍රයික් කියලා. (නි)
ඒ මිනිස්සු අහිංසක මිනිස්සු (දී)
ඒ මිනිස්සු මොනවා කරන්නද (දී)
මිනිස්සු මෙයාගේ ප්‍රකාශයට නිහඩ ඇයි (දී)
ඒ කතාව පුදුම අසාධාරණ කතාවක් (දී)
චන්දන සොයිසා මහතාට ආචාර්ය උපාධියක් ලබාදෙමු. (දී)
මමත් එකඟයි (දී)
අසාධාරණයයි ඒ කතාව (දී)
කැලෑ නිතිය ගොඩ නගන්න ලැහැස්ති වෙන්න එපා (දී)
අපි බස් එකේ අයට ගැහුවට පස්සේ මොකද වෙන්නේ අපිට? (නි)
කොන්ද කෙළින් තියාගෙන විරුවෙක් වගේ අපි මිය යා යුතුයි. (නි)
නීතිමය වශයෙන් කටයුතු කරන්න (දී)
ගහන්නකෝ බලන්න (දී)
එතකොට විදුලිය ,ඉන්ධන වැඩි කළහම අපි කාටද ගහන්න ඕනෑ? (නි)
අනෙක් පළාත් වල අපිත් ගහන්නද ? (නි)
ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන හැටි. මේක ජනතා අධිකරණය !!! මම හෙට බස් එකට නගින්නේ දෙකේ දෙකේ පොල්ලක් අරගෙන. ඇමෙරිකාවේ තහනම් කරද්දී ලංකාවේ අපට පුද්ගලික පිස්තෝලයක් තුවක්කුවක් පාවිච්චි කරන්න දුන්නොත් හොද මදිද මේ යන සැම්පලේට? (නි)
එහෙම මිනිස්සුන්ට ගහන්න රටකට නීතියක් අවශ්‍ය නැහැ (දී)
මේවත් මේ කියන කතාද? මේ ගොල්ලොනෙ අපේ හැදෙන පොඩි එවුන් ආදරශෙට ගන්නෙ! කට තියෙන්නෙ මොළේට කොපමණ ලඟින්ද, එහෙම තිබිලත් ඇයි කට අරින්න ඉස්සරවෙලා හිතන්න බැරි? (අ)
හරි දෙන්නම් වැඩේ, නායකත්වය දුන්නාට ස්තූතියි. පොලීසියෙන් ප්‍රශ්ණයක් ඇති වෙන එකක් නැහැනේ, සභාපතිතුමා පොලීසියත් දැනුවත් කරලා ඇති නේද?(නු)
ඔක්කොටම ගහගෙන ගහගෙන ගියහම අපිට ගමන නෙමෙයි යන්න වෙන්නේ උසාවි. (නි)
හරි අපි ගහන්නම්, ඊට පස්සේ පොලීසියට සභාපති පී චන්දන සොයිසා මහතාගේ උපදෙස් පිට ගැසූ බව ප්‍රකාශ කළ විට නිදොස් කොට යවයි නේද? (නි)
ලංකාවේ සිදුවෙන සමහර දේවල් ලෝකෙටම ආදර්ශයක්. ඒත් සමහර දේවල්? (නි)
දෙන්නන්කෝ දෙකක් පරණ තරහත් එකක්ම අල්ලලා. (නි)
ලංකාවට කැලෑ නීතියක් අවශ්‍ය නැහැ (දී)
සාපරාදී ක්‍රියාවලට පෙළඹීම සහ අනුබල දීම වරදක් නේද? (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේ බස් සංගමය ආණ්ඩුවට සම්බන්ධ එකක්ද? (නි)
මම හිතන්නෙ මා මෙන්ම සෑම ලංකාදීප පාඨකයෙක්ම දැනගැනීමට ආසයි මෙම ප්‍රකාශය පිළිබඳව පොලීසියේ ප්‍රතිචාරය. මොහු නිශ්චිතවම ලංකාවේ නීතිය උල්ලංඝණය කර තිබෙනවා. මහජනයා ප්‍රකෝප කරන මෙවැනි ක්‍රියා නැවැත්විය යුතුයි. (නි)
දකුණේ වැඩක්... (නි)
එතකොට ඉතුරු සල්ලි නොදෙන කට්ටියටත් ගහන්නද? (නි)
මොනවද මේ කියන්නේ? (නි)
කොන්දොස්තර වරුනි නිකන් ඉන්න එපා, ස්ට්‍රයික් කරන්න (දී)
කලබල වෙන්න එපා. මේ දකුණෙනේ. (නි)
මිනිස්සුන්ට පෝළිම් ගැහිලා උසාවියට යන්නත් පුලුවන්. (නි)