අධිකරණ සේවා නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අනුව ලබන ජනවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි දිසා විනිසුරුවරුන් හා මහේස්ත්‍රාත්වරුන් 70 දෙනකු ස්ථාන මාරු කර ඇතැයි අධිකරණ සේවා කොමිෂන් සභාව කියයි.
මෙම ස්ථාන මාරු පිළිබද අභියාචනා ඇත්නම් ලබන 25 වැනිදාට පෙර ලැබෙන්නට සලස්වන ලෙස ද අධිකරණ සේවා කොමිසම දැනුම් දී ඇත.
මෙම ස්ථාන මාරු අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අනුරාධ පුර දිසාවිනිසුරුවරයා ලෙස ස්ථාන මාරු කර ඇති අතර අනුරාධපුර දිසා විනිසුරු එල් ආර් බණ්ඩාර මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස මාරු කර තිබේ.
ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍රා නානායක්කාර මෙනවිය පූගොඩ දිසා විනිසුරුවරිය ලෙස ස්ථාන මාරු කර ඇත. පූගොඩ අතිරේක දිසා විිනසුරු ඩී ඒ රුවන් පතිරණ මහතා ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස පත් කර තිබේ.
රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් සම්බන්ධ පැමිණිල්ල විභාග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ගාල්ල මහේස්ත්‍රාත් ලෙස පත් කර තිබේ.
ස්ථාන මාරු කළ අධිකරණ සේවා නිලධාරීන්ගේ ලැයිස්තුව පහත වෙබ් අඩවියෙන්.
http://www.jsc.gov.lk/web/images/pdf/transfers/atofjo2017.pdf

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝම කියනවා ජවිපෙ පාලනයක් එන්න ඕනෑ කියලා. නමුත් ඡන්දෙ දවසට ගිහින් දානවා වෙන එකකට. මේක තමයි මහා ඛේදවාචකය. ජවිපෙට එක් වතාවක් දීලා බලමු කියන අදහසේ තමයි මම නම් ඉන්නේ (නි)
ජවිපෙට කාලය ඇවිත්. උගත් තරුණ නායකයින්ට බලය දෙන්න. අපේ සුන්දර රට ගැන අපිට කණගාටුයි. (ම)
හොද තීරණයක්, අධිකරණය පමණක් නොව ලංකාවේ තිබෙන සියලුම ආයතන මේ වාගේ ස්ථානමාරු ලබා දිය යුතුය. (ම)
මාරු ලැයිස්තුවක්වත් ප්‍රසිද්ධ කරන එක නෙමෙයි මෙච්චර ජරමරයක් කරලා ආණ්ඩුව මාරු කරගත්තේ ජනවාරි 8 වෙනිදා. මිට වඩා කොච්චර දේවල් මේ රට හදන්න නිතිගරුක බව රකින්න කරන්න පුළුවන්ද?(හේ)
බුද්ධික ඇත්තම ඇත්තයි.(හේ)
නිමල් හරි. වෙන එකකට ඡන්දය දාලා ඇවිල්ලා බලා ඉන්නවා ජවිපෙ පාලනයක් එනකම්. ඡන්ද අඩු වුණාම කියනවා “බලන්නකෝ මිනිස්සු ඡන්දෙ දීලා නැහැනේ “ කියලා. ඒ කියන කෙනත් වෙන එකකට දාලා ජවිපෙ දිනනකම් බලා ඉඳලා තියෙන්නේ (නි)
ප්රධාන පක්ෂ දෙකේ අයගෙන් වැඩි හරියකට සා/පෙළවත් නැහැ. ලක්ෂ ගණන් වැටුප්, වසර 5 න් විශ්‍රාම වැටුප්, වාහන, ඉන්ධන , නිල නිවාස ඇතුළු සියළුදේ නීතිමය වශයෙන් ගන්නවා. අනේ ඒත් අපි කතා කරන්නේ “ගරු මැතිතුමා“ එතුමා, එතුමිය කියලා. මේවා මාධ්‍ය මඟින් හෝ වෙනස් කළයුතුයි. අපේ සල්ලි වලින් යැපෙන අපෙන් ඡන්දෙ අරන් ගිය අයට අපි ඇයි දෙකට නැමෙන්නේ. (නි)
අඩු තරමින් දැන් දොස්තරලගෙ, නඩුකාරවරුන්ගෙ මාරු ලැයිස්තුවක්වත් ප්‍රසිද්ධ වෙනවා. (නි)
දැනට තියෙන ප්‍රධාන පක්ෂ දෙකේ අයගෙන් වැඩි හරියක්ට සා/පෙළවත් නැහැ. ඒත් ආණ්ඩු කරනවා. ඇමතිකම් දරනවා. සාකච්ඡාවල ඇවිල්ලා කතා කරනවා. උගත් ජවිපෙ අයට මේක මිටවඩා හොඳට හොරකම් නැතුව කරන්න බැරි වෙන්න විදියක් නැහැ. ඇයි අපේ රටේ මිනිස්සු මේක තේරුම් නොගන්නේ? මම එදා ජවිපෙට අකැමැති වුණාට දැන් තියෙන ජවිපෙට කැමතියි. උගතුන්ගෙන් හොරකම් නොකරන අයගෙන් රටට වැඩක් ගතයුතුයි (නි)
බලමු මේ වෙනස සුභවාදී වෙයිද කියලා (නි)
මේ රටේ ජ.වි.පෙ පාලනයක් එන්න ඕනෑ රට හදන්නනම්. අනික් සේරම හොරුන්ගෙත් හොරු කම්බ හොරු. (නි)
වාර්ෂික ස්ථාන මාරු අනුව සිදුවෙනවා නම් මේ නම් ඇති නඩුකාරවරුන් ගිය වසරේ මාරුවීම් ලැබූ බවක් අපට මතක නැහැ. සුවිශේෂී මාරුකිරීම තමා රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් සම්බන්ධ පැමිණිල්ල විභාග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ගාල්ල මහේස්ත්‍රාත් ලෙස පත් කිරීම. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු. (නි)
දියුණු රටවල මේ කෝළම් නැහැ. නඩුකාරායෝ නිතරම මාරුකරනවා. ඒ අයත් දේශපාලන රැල්ලට අහුවෙලා (නි)
ඉවසා බලමු, වෙනස කෙසේද කියා (නි)
පහුගිය කට්ට්ය හොරකම් කළ නිසා එපා වුණා. මේ අය හොරු අල්ලන්නෙ නැති නිසා එපාවුණා. ඒ නිසා දැන්වත් හොරකම් නොකරන, කළ හොරකම් අල්ලන ජවිපෙ වගේ එකකට බලය දෙන්න කාලය හරි. ජවිපෙ එයට සූදානම්ද කියන එකයි තියෙන්නේ. ජවිපෙට බැරිවෙන එකක් නැහැ (නි)
ඡන්දය දෙන්නේ කාටද කියන එකයි ජනතාවට අැති ප්‍රශ්නය. (නි)
සුබ පැතුම්!
මේ වගේ මොන මොන දේවල් කළත් ආණ්ඩුව නම් ජනතාවට හොඳටම එපාවෙලා. ඡන්දයක් තිබ්බොත් නම් ඇපත් නැහැ. (නි)