හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඇතුළු හමුදා නිලධාරීන් පිරිසක් 2006 ජනවාරි පළවෙනිදා හා අප්‍රේල් 24 අතර කාලයේදී කොළඹ, රඹුක්කන, වැලිවේරිය හා තවත් නොදන්නා ප්‍රදේශ කිහිපයකදී ඝාතනය කිරීමට උත්සාය කළැයි චෝදනා ලබා සිටින සැකකරුවන් තිදෙනාට චෝදනා පත්‍රයේ දෙමළ පිටපත් දෙන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනූ වික්‍රමසිංහ මහත්මිය නියෝග කළාය. සෙල්වරාජ් කිරුබාකරන් හෙවත් අලියාර් මොහොමඩ්, ශම්මුගලිංගම් සූරියකුමාර් හා තම්බයියා ප්‍රකාශ් හෙවත් දනූෂ් ප්‍රධාන සැකකරුවෝය. ඔවුනට ආධාර හා අනුබල දුන්නැයි මොහොමඩ් අනීෆ් මොහොමඩ් දිස්දි හා දුර්ගා ද චෝදනා ලබා සිටිති. ඔවුනට එරෙහිව චෝදනා 200ක් පමණ වෙයි. පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 125ක් කැඳවීමට නියමිතය. ලබන මාර්තු 13 වැනිදාට නඩුව කල් ගිෙය්ය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ජනරාල්තුමා යාළු කරගන්න හදනවා වගේ. (ත)
මට නම් මේ මුකුත්ම මතක නැහැ දැන්. (නි)
අපෝ මධූ, වැඩේමයි යාළු කරගන්න. (නි)
සුදුසු දඩුවමක් දෙන්න. (නි)
ලංකාවේ නැවත ත්‍රස්ත වාදයට නැහැ ඉඩ (දී)
පවු එතුමිය (දී)
මොනවා වෙන්න යනවද මන්දා (දී)
අජිත්, නිකන් හීනෙන් වගේ කතාකරන්න එපා. මේකෙන්ම පේනවා එතුමාට වුණත් සාධාරණය ඉටුවන බව. (නි)
දෙන්න එපා බුරුලක්
පහත තැනින් යයි ගලා ජලේ (දී)