බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අද උදේ ඇරැඹි මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය බැලීමට ආ චීන ජාතිකයන් දෙදෙනකුගෙන් එක් අයකු එහි තිබූ දියමන්තියක් රැගෙන පළාගිය බවත් අනෙක් තැනැත්තා ඔහුගේ කෘතිම දියමන්තිය ගිල දැමූ බවත් කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර ඇත. මේ දෙදෙනා මුලින් පිරික්සා බැහැරවගොස් දෙවන වරට පැමිණි අවස්ථාවේ අතුරුදන් දියමන්තිය වටිනාකම රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක් පමණ බවත් එම ප්‍රදර්ශනය බාර ප්‍රකාශකයෙක් මාධ්‍යයට කීවේය. දියමන්තිය සමග පළගිය පසු එහි රැඳීසිටි පුද්ගලයා ඔහු ළඟ තිබූ බොරු දියමන්තිය ගිල දමනු එහි සිටි අයකු දැක ඇත ඔහු අල්ලා පොලිසයට බාර දුන් බව එහි ප්‍රකාශකයෙක් කීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට මේවට උත්තර දෙන්න වචන නැහැ. (නි)
ගුවන් තොටුපළේ සියළුම නීතිරිති තමන්ගේ රටේ දුප්පත් මිනිස්සුන්ට විතරයි (නි)
ලංකාව ගිලගෙන නැහැ තවම.. හැබැයි ලංකාව ගිලින්නෙත් මේ වගේ තමයි..!!(නු)
පහ වසර ශිෂ්‍යත්ව ප්‍රශ්ණපත්‍රය පිටවුණ විදිය හොයන්න බැරි එකේ චීන ජාතිකයා කොහොම හොයන්නද?(නු)
චීනය දියමන්තිය විතරක් නෙමෙයි නොරොච්චෝලෙ බලාගාරයත් ගිල්ලා වගේ තමයි....!!(නු)
කටුගේ හොරකම වගේ දෙයක්ද දන්නේ නෑ..(ස)
කොච්චර දියුණු උනත් බෞද්ධ රටක් වන චීනේ අයත් මෙහෙම දේවල් කරනවානේ. (ස)
චීනය කොතරම් ඔලිම්පික් දිනුවත් වැඩක් නැහැ මේ වගේ අය මුළු චීනයම නැතිකරනවා..!!(නු)
අල්ලගත්ත කෙනාගෙන් පැනල ගිය කෙනා ගැන තොරතුරු ගන්න අමාරු නැහැ නේද?(නු)
දියමන්තියක් ගිල්ලොත් යම් කෙනෙක් ජීවත් වෙයිද මට නම් තේරෙන්නෙ නැහැ..!!(නු)
ගොතන ලද කතාවක් වගේ..(ස)
දැන් දියමන්තිය කොහෙද තියෙන්නේ....?(ස)
හොරකමට ආගමක් දහමක් තියෙනවායැ..!!(නු)
කොණ්ඩය බැඳලා ඉන්නේ චීන්නුද? අපිද? (නි)
සුනිල්, අපේ දේවල් අපි හරියට බලාගත්තා නම් නේද හොද? ඔය කියන විදියේ ගලක් හම්බන්තොට වරායේ නැහැ. (නි)
කෝ මේ චීනා
කට්ටිය එකතුවෙලා වැඩේ දුන්නද දන්නේ නෑ නේද ??? (ස)
මාර වැඩක්නේ
අද ලෝකය ඉස්සරට වඩා මේ වගේ මිනිස්සුන්ගේ වැඩ වලින් බැට කනවා . එනිසා අපි අපේ ආරක්ෂාව අපිම සලසගන්න වෙලා . මේ මැණික් සිද්දිය දිහා බලනකොට , මම හිතන්නේ ප්‍රදර්ශන සංවිධායකයෝ ඔයවගේ අනතුරු ගැන කලින් සුදානම් වෙන්න තිබුනේ . කෝටි ගණනක මැණික් තයෙන තැනක ආරක්ෂක කැමරා පද්ධතියක වටිනාකම ගැන හිතන්න තිබුණා. ''අශ්වයා පැනල ගියාම ඉස්තාලේ වහල වැඩක් නැහැ'' නේද ?
සිල්වෝ, පිස්සුද බන්? ඒක ගලක් නෙමෙයි, ගල් කුලක්ලු. (නි)
හැබැයි ඉන්දියන් අයට වැඩිය චීන්නු හොදයි. (නි)
මේඩි ඉන් චයිනා..(ස)
වීන්නුද? මෝඩයොද? (නි)
එකත් එකටම කොණ්ඩෙ බැදපු චිනෙක් වෙන්න ඇති..!!(නු)
අපේ අයට නින්ද ගිහින්ද හිටියේ? ආරක්ෂක ක්‍රමෝපායන් නැද්ද? (නි)
චීන ජාතිකයන් කොණ්ඩෙ බැන්දෙ ඒ කාලෙ දැං‘ දියමන්ති ගිලලා එන්නෙ.!(නු)
මම ඉස්සර කියලා තිබුණා මතකද ලංකාවෙ වැඩට ගෙනත් ඉන්න මිනිස්සු එහෙ හිරකරුවන් කියලා.. මේ අය හොරු.. චීනයෙන් පරිස්සම් වෙන්න.!!(නු)
මරු චීනා. අපරාදේ, හම්බන්තොට වරායේ තියෙන ගලයි දෙන්න තිබුණේ. (නි)
චීන්නු හපන්නුනේ. (නි)
මෙවන් ස්ථානයක ආරක්ෂාව ක්‍රමානුකූල වියයුතුයි (නි)
ලාංකිකයෙකුත් සම්බන්ධ ඇති (නි)
චීනය තවම අපේ දේවල් ගිල්ලේ නැහැ. තව බලාගෙන ඉන්නකෝ. (නි)
චීන්නු ලංකාව ගිලින්නේ ඔය ක්‍රමේට තමා. (ස)
චීන්නු ලංකාවම ගිලින කාලය වැඩි ඈතක නෙමෙයි..(ස)
මම ලුම්බිණි සමග එකගයි. (නි)
තව ටික දවසක් මේ ප්‍රදර්ශනය තිබුණොත් බලන්න ගල් ඉතුරු වෙන එකකුත් නැතිවෙයි නේද? (නි)
හම්බන්තොට වරාය කියලා වැරදිලා මෙතනට ඇවිත්ද කොහේද? (නි)
ඒත් අෙයක් වරදක් කළාට රටේ බහුතරයක් හොද මිනිසිසු ඉන්නවා..!! තණ්හා ජායතී සෝකෝ
චීනයේ ඉන්න හොරුන්ට හොරු කියලා කියන්නෙ නැහැ (නි)
මේ ගැන පුළුල් පරීක්ෂණයක් අවශ්‍යයි...(ස)
නමුත් සමස්ථයක් වශයෙන් ගත්තොත් චීනය ඉන්දියාවට වැඩියෙන් හොදයි..! ඔවුන් අපේ රටට හුගක් අමාරු අවස්ථාවල උදව් කරලා තියෙනවා..!!(නු)
අපි තාම චීනයෙන් කෑවෙ නැහැ..පටන්ගත්තා විතරයි..!! නොරොච්චෝලෙ එක ගුලියක්..!!(නු)