කොළඹ බණ්ඩාරනායක සමරුහලේ මැණික් හා රන් ආභරණ ප‍්‍රදර්ශනයේදී රුපියල් දහ අට ලක්ෂයක දියමන්තියත් සොරකම් කළ චීනුන් දෙදෙනා ඊට කලින් දිනක කොළඹ ලිබර්ටි ප්ලාසාහි රන් ආභරණ සාප්පුවකින් රුපියල් තුන් ලක්ෂයක මැණිකක් සොරකම් කරන්නට ඇතැයි එහි හිමිකරු පොලිසියට පැමිණිලි කර ඇත. පොලිසිය කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාට මේ බව වාර්තා කෙළේය. සමීප රූප අඩංගු වීඩියෝ පට ඇතුළු සාක්කි ඉදිරිපත් කරන්නැයි මහේස්ත‍්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙන්නාව නම් ගිනස් පොතට යවන්න වටිනවා. (නි)
මෙයාලා සමහරවිට හිතනවා ඇති, ලංකාවේ හැමෝම වගේ මෙහෙම කරන නිසා මේක මොකක්ද කියලා. (නි)
ලංකාව චීන්නුන්ටම ගිහිල්ලා. (නි)
කළමනාකරුව තමයි මුලින්ම හිරේ දාන්න ඕනෑ. මම කියන්නේ මට හරියි කියලා හිතෙන දේ. (නි)
ඉ්සසර, 'බෝම්බයෙන් අනුකම්පාවක් නැත' කිවුවා වගේ දැන් ඉස්සරහට කියන්න වෙයි, 'චීනාගෙන් ගැළවිල්ලක් නැත' කියලා. (නි)
ලංකාවේ තියෙන නීති වලට දැන් කවුරුවත් බය නැහැ. (නි)
ඉස්සර චීන්නු කොණ්ඩය බැන්දට දැන් චීන්නු එහෙම නැහැ. (නි)
නිකන් යන්න දෙන්න එපා. විදේශිකයන්ට අපේ රට මොන වගේද කියලා කියලා දෙන්න. ලංකාදීපයට ස්තූතියි. (නි)
චීනා, චීනුන් වගේ වචන ගැළපෙන්නේ නැහැ. දැන් කියයි, හොරකම් කරපු එකාටත් ගෞරවය ආරක්ෂා වෙන විදිහට කතා කරන්න ඕනෑද කියලා. හොරකම් කරන්නේ එක මිනිහෙක් දෙන්නෙක් මිසක්, මුලු ජාතියක් නෙමෙයි නේ, ජාතියක නම හාස්‍යයට ලක් කරන්න අවශ්‍ය නැහැ. ශ්‍රී ලාංකිකයෙක් වෙන රටක හොරකමක් කළහම, මුලු ජාතියටම අවමාන වෙන විදිහට ඒ පුද්ගලයාව හඳුන්වනවට අපි කැමතිද? (නි)
මෙහෙම යනකොට හිමිහිට සද්ද නැතුව ලංකාවත් ගිලියි. (නි)
ලැජ්ජාවේ බෑ . (ස)
මෙච්චර මෝඩද අපේ අය ?චීන්නු මෙච්චර දක්ෂද ?? (ස)
අපි කොණ්ඩය බැදලා වගෙයි දැන්. (නි)
ඒ අස්සේ අපේ අයත් එක්ක දෙකක් ගිලලා චීනගේ පිටේ පැටෙවුවද දන්නේ නැහැ. (නි)
හිතාගෙන ඇති ලංකාවෙත් ඉන්නේ කොණ්ඩය බැදපු චීන්නු කියලා. ලංකාවත් දැන් චීනයේ ප්‍රාන්තයක් වෙලාද කොහෙද? (නි)