IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


චන්ද්‍රිකා පරණ පුරුද්ද අත නාරියි

කියුබාවේ හිටපු විප්ලවීය නායක මියගිය ෆිදෙල් කස්ත්‍රෝ වෙනුවෙන් කොළඹ පැවැති ශෝකය පළ කිරීමේ උත්සවය ජනපති මන්දිරයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර මහතාගේ දේශනයක් ද කියුබාවේ මෙරට තානාපති ජුආනා එලීනා රාමොස් රුද්‍රිගු ගේ දේශනයක් ද එහිදී පැවැති අතර කියුබා නායකයා අගය කරමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද කථාවක් කළේය.

එදින පස්වරු 12.30 පමණ විට තවත් ආරාධිත අමුත්තියක් එහි පැමිණියේය. ඒ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි. ඇය එහි එනවිට උත්සවය අවසන්වී තිබිණි. අමුත්තෝ දිවා ආහාරය සඳහා වාඩිවී සිටියහ.

ඇය ජනපතිනිය කාලයේ සිට ඕනෑම අවස්ථාවකට ප්‍රමාද වී යෑම ලෝක ප්‍රසිද්ධ කාරණයක් බව කවුරුත් කියති. එහි සිටි විදේශිකයකු කියා සිටියේ මියගිය කියුබා නායකයාට උපහාර දැක්වීමට පරක්කු ජනපතිනිය පැමිණි බවයි‘

 



අදහස් (0)

චන්ද්‍රිකා පරණ පුරුද්ද අත නාරියි

රණවීර Friday, 09 December 2016 06:08 AM

මෙයා ගැන කතා නොකර ඉන්න එක හොඳයි (නි)

:       0       0

අරුණ Saturday, 17 December 2016 10:17 AM

අනේ ඉතින් මොකටද එයා ගැන කතා? (නි)

:       0       0

මෙන්ඩිස් Monday, 05 December 2016 02:52 AM

මට තේරුන එකක් තමා ගොඩක් අය පරක්කු වෙලා වැඩ කරන්නේ වගකීමක් ගන්න බැරි ලොකුකම වැඩි අය. මේ වගේ අයව ජනාධිපති කළෙත් ලංකාවේම මිනිස්සුනේ. රටක නායකයෙක් රටේ මිනිසුන්වයි නියෝජනය කරන්නේ. රටේ මිනිසුන්ට හෝ වේවා රටේ ක්‍රමයට තමා ලෝකය හිනාවෙන්නේ. (නි)

:       0       0

දහම් Thursday, 08 December 2016 11:53 AM

තාම ඒ පුරුද්ද අතෑරගන්න බැරි වෙලා වගේ.(හේ)

:       0       0

නන්ද Thursday, 08 December 2016 12:07 PM

ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිලු නේද?(හේ)

:       0       0

රන්ජිත් Tuesday, 06 December 2016 09:08 AM

එතුමියගේ ආරක්ෂාවට එහෙම කරන්නේ.(ර)

:       0       0

ලංකාසිරි Tuesday, 06 December 2016 10:20 AM

ප්‍රමාදවූවන් මළවුන් වැනියි. බුදුන් දේශනා කළේ ධර්මය වටහාගෙන එම ධර්මයෙහි හැසිරීමට ප්‍රමාදවූවන් ගැනයි. ඔවුන් මරණින් මතු සතර අපාගත වන බැවිනි. (නි)

:       0       0

ජයන්ත Tuesday, 06 December 2016 10:27 AM

මෙයා හොඳ වෙලාවට පරක්කු වුණේ. නැත්නම් කතාව පටන් ගන්නේ මෙහෙමයි. "ඕක මහින්දගේ වැඩක්. මගේ කාලෙ නම් ඔහොම මිනිස්සු මරුනේ නැහැ. ඕක මහින්දගේ වැඩක්". (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 06 December 2016 12:13 AM

ආරේ ගුණ නෑරේ කිවුවලු! (නි)

:       0       0

උදය Tuesday, 06 December 2016 12:14 AM

බෙනට්, එයාලා ඉපදිලා ඉන්නේ අපිවම කන්න තමා. (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Monday, 12 December 2016 06:15 PM

අරේ ගුණ නෑරේ කිවුවලු (නි)

:       0       0

සත්‍යා Wednesday, 07 December 2016 02:37 AM

හිමන්ත, මගේ අඩු පාඩුවක් පෙන්වා දුන්නාට සහ එහි නියම අර්ථය පෙන්වා දුන්නට පිං! එහෙත් මට හිතෙන විධියට ලෝකෝත්තර දිවියේ පමණක් ලෞකික ජීවිතයේ ප්‍රමාදයෙහි ආදීනව පෙන්වා දෙන්න බුදු වදන අපට දෛනික ජීවිතයේදීත් ප්‍රයෝජනවත් වෙනවා කියල. ආධ්‍යාත්මික ලොවකට ප්‍රවිෂ්ඨ වීමට එය ද්වාරයක් වෙන්න බැරිද? (ර)

:       0       0

සිසිර Tuesday, 06 December 2016 11:59 AM

ජයන්ත, ඔයාගේ කටේ මසුරන් දාන්න තරම් වටිනවා.ඔයාට අපි සත්‍යපාල කියලා කිව්වොත් තරහා නැහැ නේද? (බ)

:       0       0

නිහාල් Saturday, 10 December 2016 10:34 PM

වේලාසන ආවා කියලත් කරපු දෙයක් නැහැනේ (නි)

:       0       0

දිලාන් Sunday, 04 December 2016 03:19 PM

මේ අයට හත කියන්නේ අටට පුතේ - අට කිව්විත් නවය වෙතේ.(හේ)

:       0       0

හිමන්ත Monday, 05 December 2016 09:29 AM

සත්‍යා ,,අප්පමාදෝ අමතපදන් කියලා බුදු හිමියන් දේශනා කලේ වෙලාවට වැඩ නොකරන ය ගැන නොවේ පස් කම් සැප පසුපස යමින් සිල් රැකීමේ හා නිවන් මාර්ගයට පැමිණීම සඳහා ප්‍රමාද වන ය ගනී. ඔබත් තවම පමා බවයි පෙනෙන්නේ (ර)

:       0       0

අමා Monday, 05 December 2016 09:32 AM

දැන්වත් මෙතුමිය පමා නොවී යන තැනකට වැඩක් කර ගත්තොත් හොඳයි (ම)

:       0       0

ජගත් ලියනගේ Sunday, 11 December 2016 04:29 PM

පරක්කු වෙලා ආපු එකමයි හොඳ (නි)

:       0       0

ගොස් Friday, 09 December 2016 04:29 PM

රදළ පිළිරුව හිසේ තබාගත් මා තරම් කිසිවෙක් දන්නේ නැත යන අදහසින් ජීවත්වන මැය ගැන අනුකම්පා කළ යුතු වෙනවා! නමුත් තවමත් රටට වින කිරීමට කටයුතු කරන බැවින් ඒකත් කළ නොහැකියි. (නි)

:       0       0

ශෂික Monday, 05 December 2016 10:12 AM

අපොයි මෙතුමිය ගැන කතා නොකර ඉමු. (ම)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Sunday, 04 December 2016 06:17 PM

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හිතන්න ඇති ඇයට ආරාධනා කළේ කෑම මේසෙට වාඩිවෙලා සප්පායම් වෙන්න කියලා විතරක් වෙන්න ඇති. ඔය කතා අහන්නයි, දුක් වෙන්නයි ඔතනට එන්න ඕනෑද කියල ඇයට හිතෙන්න ඇති. ජනපති වෙලා හිටපු කාලේදී, මඟීන් පුරවපු ගුවන් යානා එයා පරක්කු වෙලා එනතුරු, ධාවන පථයේ රස්තියාදු වුණ හැටි අපට තවමත් අමතක වී නැහැ. වරක් මමත් පැරිසියට ඒම සඳහා එයා ගමන්ගත් යානයේම සිටි නිසා මේ ගැන හොඳට දන්නවා (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Wednesday, 07 December 2016 03:41 PM

වෙලාවට වැඩ නොකිරීම ලංකාවේ ජීවත්වෙන වැඩි දෙනෙකුගේ පුරුද්දක්. එම නිසා මෙතුමිය ලංකාවේ ජනාධිපති වුණ එක පුදුමයක් නොවේ. ජනාධිපති කාලෙත් ප්‍රමාදවී පැමිණි එතුමියගෙන් දැන් වෙලාවට පැමිණීමක් බලාපොරොත්තු වියනොහැක. වෙලාවට වැඩ කරන දේශපාලකයන් අතර ප්‍රේමදාස ජනාධිපතිතුමා මුල්තැන ගත්තේය (නි)

:       0       0

වෙට් ඔටර් Sunday, 11 December 2016 04:16 AM

2003 විතර උපාධි ප්‍රදානෝත්සවයකට මෙයා එන්න තිබුණා. පරක්කු නිසා උත්සවය පැය දෙකක් කල්දැම්මා. පස්සේ පණිවිඩයක් ආවා අපිට උත්සවය පටන් ගන්න එයා එන්නේ නැහැ කියලා. පැය හතරකට පස්සේ එනවා කියලා අපිට එළියට යන්න කිව්වා. මේ වෙනකොට උත්සවයේ අඩක් ඉවරවෙලා. (නි)

:       0       0

සත්‍යා Monday, 05 December 2016 12:28 AM

"අප්පමාදෝ අමතපදං - පමාදෝ මච්චුනෝ පදං“ කියලා බුදුන් වහන්සේ දේශනා කළේ ඊට වසර 2560 කට පෙරයි. ඒ ප්‍රමාදවී පැමිණීමේ ආදීනව පෙන්වා දෙන්න. (නි)

:       1       1

සිසිල් Monday, 05 December 2016 12:48 AM

හරියටම කන වෙලාව බලලා අාවා වගේනේ (නි)

:       0       0

ජනහිත Wednesday, 07 December 2016 07:15 AM

ප්‍රමාදය ගණන් ගන්න එපා. එදා වගේම අදත්, හෙටත් ප්‍රමාදවෙලා හරි එනවාමයි. ඒකම මදිද. (නි)

:       0       0

බෙනට් Monday, 05 December 2016 01:33 PM

එතුමිය ඒ කාලේ ආවෙත් කන්නයි .. දැන් මෙතනට ඇවිත් තියෙන්නෙත් කන්නයි .. ඇත්තටම තේරෙන්නේ නැද්ද දවල් 12.30 කියන්නේ කන වෙලාව කියල . (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 524 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4130 0

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 1967 3

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8682 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1472 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 423 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40084 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site