පසුගිය වසර හත තිස්සේම ශ්‍රී ලංකාවේ ජනාධිපති හොරගොල්ලේ බණ්ඩාරනායක ගුණසමරුවට පැමිණ නැතැයි ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදි කර්තෘ සිහිකිරීමට එසේ නොපැමිණෙනුයේ ඇයි දැයි නොදන්නේ යැයි ද හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හොරගොල්ලේ දී අද මාධ්‍ය සමග පැවැසුවාය. කෙසේ වෙතත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දුන් ජනතාව එදත් අදත් කවදත් බණ්ඩාරනායක මහතාට උපහාර දක්වතියි ද ඇය කිවාය. බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක්වූයේ 1959 සැප්තැම්බර් 26 වැනි දාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ! දිනය පොඩ්ඩක් අමතක වෙන්න ඇති. (නි)
සිල් අරන් ඇවිත් සීලවතී මකුණෝ මරණවා...........(ස)
ඔය ගුණ සමරුවට කාලයක් එයා ඇවිත් නෑනේ..(ස)
මට මතක නෑනේ..(ස)
ඉන්නකල්ම රට සවාරි සහ වෙනත් දේවල්..රටට කළ දේ ඉතාම අල්පයි..!(නු)
අමතක වෙලා ඇති. (නි)
දැං තියෙන්නේ නිදහස් පක්ෂයට විමුක්තිව ඉදිරිපත් කරලා සමගියේන කටයුතු කරන එකයි... (නු)
ඔබතුමිය අර පොත කියෙව්වද? මාර චරිතයක්නේ ඒකෙ ඉන්නේ..!(නු)
බණ්ඩාරනායක මහත්තයා රටේ යුද්ධය ඇතිවීමට එක් හේතුවක් ලෙස රාජ්‍ය භාෂාව ලෙස නම් කළා.. මෙයා රටට කරපු දේවල් වලට වඩා නොකරපු දේවල් වැඩියි..!(නු)
අමතක කරලමු පැරණි කතා එක්වෙමු ජාතික දියුණ පතා... (නි)
අපේ සරසවි සිසුන්ට සහයෝගයක් දෙන්න එපායැ..!(නු)
පරණ දේවල් සොයාගෙන යන්නෙ සුප්‍රකට දේශපාලකයින් තමයි..!(නු)
බලයේ සිටිනතාක් කල් රට සවාරි මිස වෙන කිසි දෙයක් කළේ නැති තරම්ය.!(නු)
මෙයාගේ වැඩ නිසා තමයි එන්නේ නැතිව ඇත්තේ.. එතුමාව සිහි කළ යුත්තන් සිහිකරාවි.. (නු)
දැන් ඔහොම කිවුවට, අනේ මන්දා.... (නි)
අනේ අපි නොදන්න ගුණසමරු.... (නි)
ජනාධිපතිතුමා බණ්ඩාරනායක මැතිතුමාට ගරු කරනවා..හොරගොල්ලට එන්නේ නැත්තෙ ඔබතුමිය කරන සමහර වැඩ නිසයි..!(නු)
ඔබතුමියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින්වෙලා පසුගිය දවස්වල වෙනත් පක්ෂයකට එකතුවුණා නේද? (නි)
ඔයා කොලේ වහලා ගැහුවෙ නැත්නම් අද ජනාධිපති උපදේශක කෙනෙක්.. එහෙම උනානම් අද ජනාධිපති තුමා ඔතනනේ..!(නු)
විමුක්තිගේ ෆොටෝ එකක් දකින්ත් ආසයි..(ස)
විමුක්තිට ලංකාව මතක් වෙලා තියෙන්නේ ගොඩක් කාලෙකින්. ලබනපාරවත් ඡන්දෙ ඉල්ලනවාද දන්නේ නැහැ.. (නු)
අයියෝ සල්ලි
යන්න නෝන යන්න..!(නු)
කලිනුත් ජනාධිපති තුමා හොරගොල්ලට ගිහින් ඒ අය ගනන් ගත්තේ නැහැ.(නදී)
මොකටද එන්නෙ දන්නේ නැහැ..!(නු)
බණ්ඩාරනායක මහතාට ගරු කල යුත්තේ එ මහතාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් මිසක් ඊනියා ගුණ සමරු උත්සව වලින් නෙමෙයි. බණ්ඩාරනායක ප්‍රතිපත්ති කුණු කුඩෙට දමල ඒ මහතාට ලොකුම අපහසය කළේ කවුද ? . 100% කින් නොවුනත් බණ්ඩාරනයක ප්‍රතිපත්ති යම් තරමකින් හෝ ක්‍රියාත්මක කලේ මහින්ද මහත්තය. එ අනුව මහින්ද මහත්තය චන්ද්‍රිකා නෝනට වැඩිය බණ්ඩාරනයක වරුන්ට ගරු කරල තියෙනවා (ස)
ඔබතුමියට බොරු සෝබන බලන්න බැරි නිසා වෙන්න ඇති ආවේ නැත්තේ (ස)
බණ්ඩාරනායක මහතාට ගරු කරමි. . ඒත් හැමදාම එක නායකයෙකු ගැන හිත හිත ඉඳලා හරියන්නේ නෑ . මෙය රාජපක්ෂවරුන්ගේ යුගයයි, බණ්ඩාරනායක හා සේනානායක යුගයන් අතීතයන්ය. නමුත් අපි ඔවුන්ට ගරුකරමු (ස)
එයාට ඒකට එන්න හිත දෙන්න නැතුව ඇති (ස)
කොහොමද එන්නේ..එයාව කොහොම පිළිගනීවිද දන්නේ නෑනේ ..(ස)
ආරක්ෂක හේතුන් නිසයි ....(ස)
එහෙම කරන එක වැරදියි . බණ්ඩාරනායක මහත්තයා නැත්නම් අද නිදහස් පක්ෂයක් නෑ..(ස).
බන්ඩාරණායක මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදවතයි ... අදවන් දේශපාලකින් බිහිවේවියැයි ඔහු සිහිනෙකින්වත් නොසිතන්නට ඇත..(ස)
ඩී .ඒ .රාජපක්ෂ ගුණ අනුස්මරණ සැමරුම නම් සමරණවා...ඔහු තමයි ආධිකතෘන් (ස)
දැන් නිදහස් පක්ෂයක් ලංකාවේ නෑ . වෙන වෙන පක්ෂ වලින් ආපු අය තමයි ඉන්නේ..එහෙව් එකේ මොකට යනවද කියලා හිතෙන්න ඇති (ස)
ඔබතුමිය ජනපතිවී සිටියදී අනිත් අයට කල දේවල් මතකද?(ස)
හිටපු අගමැතිවරයෙක් නිසි ආකාරයෙන් අනුස්මරණය කළ යුතුයි. (නි)
ඕවා එච්චර ගණන් ගන්න එපා (නි)
මෙහෙමයි..මේකේ මම දකින විදිහට දෙපැත්තක් තියෙනවා.ජනපති වටේ ඉන්න අය හා චන්ද්‍රිකා නෝනට උපදෙස් දෙන පිරිසක් ඉන්නවා .ඒ දෙගොල්ලොන්ගේ අදහස් තමයි ක්‍රියාත්මක වෙන්නේ. කොහොම උනත් මහින්ද මහත්තයා මහත්මයෙක් විදිහට තම පක්ෂයේ ආදී කතෘ වරුන් සැමරීමට යා යුතුමයි.මොකද අතීතය අමතක කරන්නාගේ ගමන ඉතා කෙටි වන නිසා. (ස)
මෙයාලට එක එක පක්ෂවලින් වැඩක් නෑ...මෙයාලට තියෙන්නේ වෙනම ප්ලෑන් එකක්..(ස)
මෙයාට අතීතය අමතක ඇති..(ස)
කාගේ කාගෙත් වැරදි තියෙනවා..(ස)
ඔබ තුමිය ළග හිටපු අයනේ.....(ස)
මම දන්නේ නැහැ මොකුත්
දැං යුග දෙකක්නේ.. ඒ බණ්ඩාරනායක යුගය.. දැං රාජපක්ෂ යුගය..තේරුම් ගන්නකෝ.?(නු)
බන්ඩාරණායක....මට එහෙම කෙනෙක් මතක නෑනේ..(ස)
අතීතයේදී මෙන් බණ්ඩාරනායක සහ රාජපක්ෂලා සමගියෙන් කටයුතු කළොත් වඩාත් හොදයි..!(නු)
මම කවදත් වාමාංශික අදහස් දරන කෙනෙක්. නමුත් අපේ රටට වැරදුන තැන තමයි රාජ්‍ය භාෂාව සිංහල කරපු එක.. එහෙම කරලා ඔහුගේ ළමයින්ට හොදට ඉංග්‍රීසි ඉගැන්වුවා.. ගමේ ළමයි දන්නේ සිංහල විතරයි.. දැං අපට මුළ සිට පටන් ගන්න වෙලා තියෙන්නෙ..(නු)
එක අතකින් චන්ද්‍රිකා ගැන නෙමෙයි මැතිණි ගැන හිතලාවත් යන්න තිබුණා..(නු)
ඔබතුමිය පහුගිය 07 වසරක කාලයතුල මොනවද මේ වෙනුවෙන් කළේ (ස)