IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


චීන්නු ලංකාවට වහ වැටෙති

මේ වසරේ මුල් කාර්තුවේදී චීන සංචාරකයන්ගේ පැමිණීම විශාල වශයෙන් ඉහළ ගිය බව රජයේ සංඛ්‍යා ලේඛන කියයි.

එය ගිය වසරට වඩා සියයට 56.6ක වර්ධනයකි.

ගිය වසරේ 5334ක් වූ චීන සංචාරකයන්ගේ ගණන මේ වසෙර් 8356.

නැගෙනහිර ආසියාවෙන් ශ්‍රී ලංකාවට ආ වැඩිම පිරිස චීනයෙනි.

දෙවැනි තැනට පත්වී සිටින්නෝ ජපාන සංචාරකයෝය.

මේ වසරේ චීන සංචාරක නියෝජිතයන් සියයකට අනුග්‍රහය දැක්වීමට රජය සැරැසෙයි.

ගිය වසරේ දස ලක්ෂයක සංචාරක ඉලක්කය සපුරා ගත් ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මේ වසරේ ලක්ෂ දොළහමාරක් ආකර්ශනය කර ගැනීමට සැරැසෙයි.



අදහස් (0)

චීන්නු ලංකාවට වහ වැටෙති

පෙරේරා Thursday, 09 May 2013 06:25 PM

මුන් විසිට් වීසා අරන් ඇවිල්ලා චීනේ හදන ලාබ බාල බඩු ගෙයින් ගෙට ගිහින් අපේ අයට විකුණන එක තමා කරන්නේ.(නදී)

:       0       0

විරාජ් Friday, 10 May 2013 08:57 AM

රානිගේ කතාවත් හරි. දැන් එන්නේ සතේ අතේ නැති සුද්දෝ. එහෙම එකෙක් අවොත් තමයි අපේ රටට අදායමක් ලැබෙන්නේ. දැන් එන බොහොමයක් කට්ටිය සංචාරක විසා අරන් ඇවිත් මෙහෙ වැඩ කරනවා. මුන් අපේ සල්ලි ටිකත් අදින එකයි කරන්නේ. එත් අපි අච්චර මෙච්චරක් ආවා කියලා උදම් අනනවා. එනවා නම් යුරෝපීය රටකින් එන්න ඕන වාසියක් වෙන්න නම් .(නදී)

:       0       0

කසුන් Friday, 10 May 2013 09:03 AM

චීනය කියන්නේ පරිසර දූෂණය ඉහළම රටක්. ඒක හින්දා පරිසරවේදීන්ට ඇතුළු වෙන්න බැහැ. අවහිර කරනවා.(නදී)

:       0       0

චතුල වෙරෝනා Thursday, 09 May 2013 06:53 PM

චීන්නු තමා අපේ ගමේ දෑන් කසිප්පු පෙරන්නෙත්. මට බය ශිරාණි අක්කගෙ කොස් කපන ලෑල්ලත් චීන්නු අල්ල ගනී කියලා.((නදී)

:       0       0

ශිරළ් Thursday, 09 May 2013 07:15 PM

මුන් ටික එන්නේ හොදකට නෙමෙයි. දැන් රටේ බාගයක්ම මුන්ගේ ව්‍යාපාර.(නදී)

:       0       0

අප්පුහාමි Thursday, 09 May 2013 09:09 PM

මොනවා වුණත් මේකේ ඇත්ත කොච්චරද කියන්න දන්නෙ නැහැ. අනාගතයේ ලංකාව ලෝක සිතියමෙන් මකලා චිනේ පර්යන්තයක් කරනවා කියලා කතාවකුත් තියෙනවා (නි)

:       0       0

ප්‍රසන්න Friday, 10 May 2013 12:11 PM

චීන්නු කියක් ආවද කියන එක නෙමෙයි ප්‍රශ්නේ කීදෙනෙක් ගියාද කියන එක. (නි)

:       0       0

මොහොසඩ් Friday, 10 May 2013 12:11 PM

චීන්නු ආවාට කමක් නැහැ. ඒ උනාට ආවා වගේ වෙලාවට රටෙන් යවන්නත් දැනගන්න ඕනා. මැලේෂියාවට උනදේ ලංකාවට නොවෙන්න. මැලේෂියාවේ සියලු ව්‍යාපාර චීන්නු යටතේ පරිස්සමින්.(නදී)

:       0       0

සේරම් පැරිස් Friday, 10 May 2013 11:33 PM

අපේ පාරේ යන බල්ලෝ ටිකට දෙයියන්ගේ පිහිට ලැබේවා. බලු මස් පිඟන් දීලා හොඳට සල්ලි ගන්න පුළුවන් චීනා ගෙන්.(නදී)

:       0       0

අසේල Thursday, 09 May 2013 04:27 PM

චීන්නු ආවට වැඩක් නැහැ. ඔවුන් එන්නේ අපව තැති කරන්න බලාගෙන.(ස)

:       0       0

ළහිරු Thursday, 09 May 2013 04:39 PM

එකෙක් හරි වැඩි පුර ආව කියන්නේ ලංකාවට තව කියක් හරි වැඩි වෙන එකයි. හැම දේම නරක දේම දකින්නේ නැතුව හොද පැත්තත් දකින්න උත්සහ කරන්න.(ස)

:       0       0

බණ්ඩාර Thursday, 09 May 2013 04:41 PM

සංඛ්‍යාමය ගණන් ඉහළ ගියාට වැඩක් නැහැ ප්‍රතිලාබ නැත්නම්. (ස)

:       0       0

රෝහිත Thursday, 09 May 2013 04:42 PM

චීන්නු ලංකාවට එන්නේ ඔවුන් ඇත්තෙන්ම ලංකාවට ආදරය කරන නිසයි (නි)

:       0       0

රාණී Thursday, 09 May 2013 04:45 PM

අනේ මන්දා එක්කෝ රොටි කකා වතුර බිබී ඇවිදින ඉන්දියන් කාරයෝ. එක්කෝ සතේටත් ඇබරෙන චාන් චුන් ගාන චීන්නු. එහෙමත් නැත්තන් සකා සෝකා ගාන ජපන්නු. අත දිග ඇරලා සුද්ද වගේ වියදන් කරන අය නැද්ද.(නදී)

:       0       0

ගාමිණී-ශ්‍රී Thursday, 09 May 2013 04:46 PM

මේ ගණන නම් ජයග්‍රාහක 23 වතාවටත් අක්‍රිය උන නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය හදන්න ආපු අයම වෙන්න ඇති.(නදී)

:       0       0

පුබුදු විදානගේ Thursday, 09 May 2013 04:46 PM

චීන ගෑනුන්ගේ ආදායම මාසෙකට ලක්ෂ තුනකටත් වැඩියි. අහුවුනොත් රුපියල් 100 .(නදී)

:       0       0

සූකිරි Thursday, 09 May 2013 04:51 PM

ගිය අවුරුද්දේ ලොව පුරා සංචාරය කල සංචාරකයන්ගේ සංඛ්‍යාව මිලියන 983. අපි මෙයින් මිලියන 1 ගෙන්වා ගන්න නොවිදිනා දුකක් නැහැ.(ස)

:       0       0

වරුණ Thursday, 09 May 2013 04:53 PM

ඔය ඔක්කොම චීනෙන් ගත්තු ව්‍යපෘති වල වැඩ කරන්න එන චීන්නු. ඔය එක චීනෙක්වත් මෙහෙ සල්ලි වියදම් කරන්නේ නැහැ. අපිට ණය දීලා එයාලගේ මිනිස්සු වැඩට දීපු සල්ලි ආපහු චීනේටම පොම්ප කරනවා. බි එම් අයි සී එච් එකේම චීන්නු කීයක් වැඩ ද කියලා ඇවිල්ලම බැලුවා නම් තේරේවි රග (නි)

:       0       0

පද්මා Thursday, 09 May 2013 05:05 PM

වැඩිපුරම සංචාරකයෝ පැමිනිලා තියෙන්නේ ගිය අවුරුද්දේ ප්‍රන්සේට. ඒ මිලියන 184. ඉන්දියාවටත් මිලියන 6 ඇවිත්. අපිත් දගලලා මිලියනයක් ගිය අවුරුද්දේ ගෙන්වා ගත්ත. වැඩේ තියෙන්නේ ඒ අතරේ මලයාලි කට්ටඩියෝ,මරාටි ගොවියෝ එහෙමත් ඉන්නවා.(නදී)

:       0       0

උපාලි Friday, 10 May 2013 06:28 AM

පුබුදු කිව්වා වගේ, ඔය වැඩේට චීන කාන්තාවෝ එන්නේ සංචාරක විසා අරන්. ඒ නිසා ඔය සංඛ්‍යාවෙන් ලොකු ප්‍රතිශතයක් ඒ ගොල්ලො වෙන්න පුළුවන්. (නදී)

:       0       0

වරුණ Friday, 10 May 2013 07:46 AM

මේවා ගණිත විජ්ජා පමණක්ද? ඕවගෙන් කීදෙනෙක් අපේ සල්ලි චීනෙට පොම්ප කරනවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 263 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 186 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 329 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1011 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2795 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 345 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25214 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site