ඉන්දියාවේ තමිල්නාඩුවේ දැනට උද්ගත වී ඇති තත්ත්වය මත චෙන්නායි සහ කොළඹ ගමනාන්තයන් අතර ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව අවම වීම මත සලකා ශ්‍රී ලංකන් ගුවන් සේවය මාර්තු 21 වැනිදා සිට ගුවන් චෙන්නායි දක්වා ගුවන් ගමන් වාර ගණන අඩකින් අඩු කිරීමට යයි.
ඒ අනුව දැනට සතියකට ගුවන් ගමන් වාර 28ක් ක්‍රියාත්මක වන අතර එය 14 දක්වා අඩු කිරීමට තීරණය කර ඇත.
සංශෝධිත කාල සටහන අනුව චෙන්නායි සිට මැද පෙරදිග හා ඈත පෙරදිග ගමනාන්තයන් වෙත යන ගුවන් මගීන්ගේ පහසුව තකා කොළඔ සිට චෙන්නායි වෙත උදය හා සවස් වරුවේ දිනකට ගුවන් ගමන් වාර 02 ක් සැලසුම් කර ඇත.
අනිකුත් ඉන්දීය ගමනාන්ත වෙත පියාසර කරන ගුවන් යානා සාමාන්‍ය පරිදිම ක්‍රියාත්මක වේ.
ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් මෙම තත්වය තවදුරටත් නිරීක්ෂණය කර වෙනස්වීම් වලට උචිත පරිදි කටයුතු කරන බවද නිවේදනය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දබදිව යන්න කැමති උනත් දැන් යන්නේ නැහැනේ (දී)
නැතුව බැහැනේ (දී)
කොහොම යන්නද? ගහනවනේ (දී)
රිස්වාන් - සෞදි, හැමදේම සල්ලි නෙමෙයි. දැනටත් මහා ලාභයක් නැහැනේ. ඒවා ඔක්කොම අපි දරාගන්නවානේ. (නි)
මැද පෙරදිග සිට ලංකාවට සහ ලංකාව හරහා ඉන්දියාවට මිල අඩුම ගුවන් සේවය ශ්‍රී ලංකන්. එනිසා තම වැඩි පිරිසක් ගමන් කරන්නේ. (නි)
මේ වගේ තීරණයක් ගත්ත එක වටිනවා. ගාන වැඩිකළා නම් පාඩුව අඩු කර ගන්න පුළුවන්. ඉන්දියාවේ මිනිස්සු ලංකාව හරහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මැදපෙරදිග යන්නේ අපි මෙහෙන් යනවට වඩා අඩු මුදලකට.සල්ලි වගේම අපේ ආත්ම ගෞරවයත් වටිනවා. (නි)
මේ වගේ තීරණයක් ගත්ත එක කොච්චර වටිනවද? මේ නිසා කවුරු හරි හිතනවා නම් පාඩුවක් සිදුවෙනවා කියලා ඒක එහෙම නෙමෙයි. ඉන්දියාවේ මිනිස්සු ලංකාව හරහා මැදපෙරදිග යන්නේ අපි මෙහෙන් යනවට වඩා අඩු මුදලකට. ඒ නිසා තමයි මැදපෙරදිගට මෙහෙන් යන අපේ ගුවන් සේවයේ වැඩියෙන්ම ඉන්දියන් ජාතිකයෝ යන්නේ. ඉතින් ඔය ආසන ටික මෙහේ අයට දුන්නාම මොකද වෙන්නේ? (නි)
කමක් නැහැ. වාර ගණන අඩු වුණහම අලාභයත් ටිකක් හරි අඩුවෙයිනේ. (නි)
මේකෙන් ශ්‍රී ලංකන් එකට පාඩුවෙන්නෙ නැද්ද? (නි)
දබදිව යන්නේ කොහොමද?(දී)
ආරක්ෂාව තමයි අංක එක (දී)
සදුන්, දැන් අපේ රට පෙරට වඩා සවිමත්. (නි)
ඉදලා හිටලා යන ගමන් වාර වල වුණත් ගාණ වැඩිකළා නම් හරි. (නි)
දැන් මොකක්ද මේකෙන් ඉන්දියාවට වෙන බලපෑම? (නි)
ඔය රටට නොගිහින් ඉන්නම බැරිද? (නි)
යුරෝපා වැයි රටවලට තව ගුවන් ගමන් වාර වැඩි කලොත් මේ පාඩුව මකා ගන්න පුළුවන්.(නු)
හොද වැඩක්. සල්ලි වගේම අපිට අපේ ආත්ම ගෞරවයත් වටිනවා. (නි)
සේවය අඩුකළොත් අපිට ඉන් පාඩුවක් වෙන්නෙ නැද්ද? (නි)
ලාංකික ජනතාව වෙනුවෙන් ගත්ත වටිනා තීරණයක් (දී)
හොද තීරණයක් (දී)
ශ්රී ලංකන් එකට වැඩි ආදායමක් එන්නේ මැදපෙරදිග වලින් පැමිණ නැවතත් චෙන්නායි දක්වා යන මගීන්ගෙන්ය. සේවා අඩුකළොත් මැද පෙරදිගින් එන මගීන්ගේ ප්‍රමාණය අඩු විය හැක. (නි)
අන්න මොලේ කල්පනා කරලා වැඩක් කරලා. අල්ලපු රටේ කට්ටිය ටිකක් රස්තියාදු කළාට කමක් නැහැ. (නි)
ගොඩක් හොද තීරණයක්. (නි)
අපිටත් ආත්ම ගෞරවයක් තියෙනවා. (නි)
සිංහලයා ගැන සිතා මේ තීරනය ගත්තා නම් බොහොම පින්. (නි)