චිනය විසින් ශ්‍රි ලංකාවට යුද තාක්ෂණය ලබා දීමට සුදානම් බවත් ඒ සදහා වු ගිවිසුම් ජනධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ චීන සංචාරයේදී අත්සන් කල බවත් බිජින් පොස්ට් උපුටා දක්වමින් පුවත් පත් වාර්තා පළවිය.
මේ පිළිබදව අදහස් දක්වමින් විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා එසැණට කියා සිටියේ දෙරටේ ආරක්ෂක අමාත්‍යංශය අතර අඛණ්ඩ සම්බන්ධතාවය පවත්වාගෙන යමින් ආරක්ෂක සහයෝගිතාවය ශක්තිමත් කිරිම ඒ අනුව නිළධාරින්ගේ පුහුණු කටයුතු වලදී සහය ලබා ගෑනිම ශ්‍රි ලංකාවේ යටිතල පහසුකම් නඟා සිටුවිමට මුදල් ආධාර ලබාගැනිම වැනි කරුණු කාරණා ඇතුලත් ගිවිසුමක් දෙරට අත්සන් කළද යුද තාක්ෂණයක් ගැන එහි සදහන්ව නැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා...හා...හා.. නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕව හොඳ පාඩම්. ඉදිරියට තේරේවි රගේ.(නදී)
රාවනාගේ කාලේ ඉදලා ඉන්දියාව අපේ හතුරෝ.(නදී)
දැන් ලංකාවට ප්‍රහාරක යානා බැස්සවිය හැකි යානා අංගනයක් අවශ්‍ය වෙනවා නේද? (නි)
ඉන්දියානු අවස්ථාවදීන්ට හොඳ පහරක්.(ස)
චීනය අපිට කවදත් උදව් කරන රටක්....ජනාදිපති හොඳ තීරණක් අරගෙන තියෙන්නේ...අපේ හමුදාවත් කවදත් ඉදිරියෙන්. (ස)
චීනය අතීතයේත්, වර්ථමානයේත්, අනාගතයේත් ශ්‍රී ලංකාවාසී අපට මිතුරු රටක්, මගේ උණුසුම් සුභ පැතුම් දෙරටේ සහයෝගීතාවයට. (ස)
මීයක් කඩන්නේ අත ලෙව කන්නද? (ස)
අර ඉස්සර කලේ ඉඟුරු දීල මිරිස් ගත්ත රජ කෙනෙක් හිටියලු . අපේ පුත්තුන්ගෙත් පුත්තු එක වෙනස් කරලා කියාවි. ඉන්දියාව දීල චීනේ ගත්ත වගේ කියල. (ස)
කැනඩා දිසා, චීනයේ බලපෑම නොවෙන්නට ඉන්දියාව ලංකාව වක්‍රාකාරයෙන් යටත් කරනවා කොටි නසන්න ඉඩ දෙන්නෙම නැහැ.(නදී)
ලහිරු, අපේ අය ජයලලිතට බයයි වගේ නේද? (නදී)
හේරත්, ඔයාට කොන්දක් තිබේද කියලා අතගාලාවත් බලන්න. හැමදාම එයාලා කළේ අපේ කකුලෙන් ඇදපු එක. ඇයි ඉන්දියාවට බයද ඔයා.... (නි)
ඉන්දියාව ලංකාවේ ලොකු අයියා කියලනේ සමහරු කියන්නේ.ලොකු අයියාගෙන් අයින් වෙන්න කාලේ හරි වගෙයි දැන්.මොකද අපේ දියුණුවට අකුල් හෙලන නෑදෑයෝ කොහොමටත් වැඩක් නැහැ. (නි)
ඉන්දියාව එක්ක අපේ ලොකු සම්බන්දකමක් තියෙනවා හරියට නෑකමක් වගේ. ඒ හින්දා කරන දෙයක් හොඳ හිත බිඳෙන්නේ නැතුව කලොත් තමයි හොඳ.(නදී)
තමිල්නාඩු ජයලලිතා ජයරාම්, ඔබගේ වැරදි හතුරු ප්‍රතිපත්ති වලට පිළිතුර නියමයි.(නදී)
කැනඩා දිසා නම් හරිම මෝඩයෙක් (නි)
චීනය අපේ ස්වාධීනත්වය නිරන්තරයෙන් ගරුකළ යුද්ධයේදී අපට උපකාර කළ රටක්. දෙරට අතර එවැනි ගිවිසුමක් ඇතිවෙනවා නම් අපේ ආත්මාභිමනයට රුකුලක්.මන්ද ලෝකයේ අනාගතය චීනයයි (නි)
අම්මෝ දැන් ඉතින් මානව හිමිකම් සද්දයි, යුධ අපරාධ සද්දයි ඔය මෙකී නොකී ඔක්කොම සද්ද දෙගුණ තෙගුණ වෙලා හතර වටින් ඇහෙන්න පටන් ගනී. (නි)
චීනා යුද පුහුණුව දෙන්නේ කවුරුන් හෝ අනාගත යුද්ධයක් ප්‍රකාශ කරන නිසාද? (නි)
ජනපතිතුමනි, ඔබගේ නිවැරදි විදේශ ප්‍රතිපත්තිය සහ තුලිත දේශපාලණය මම ඉතා අගය කරමි. (නි)
නියමයි (නි)
අස්මින් වගේ අයට ඉන්දියාව යාලුවෙක් වෙන්න ඇති.නමුත් ඉන්දියාව අපිට කරන්නෙම හතුරුකම්.එහෙම එකේ චීනය අතිතයේ ඉදන්ම එන හොද මිතුරු රටක්. (නි)
ඒක නම් හොදයි (දී)
ඉන්දියාව තරහ කරගන්නයි යන්නේ.(නදී)
කාලයක් තිස්සේ තුවක්කු පතරෝමේ සිට බල ඇති ඉහල මට්ටමේ යුධ උපකරණ ආධාර,ණයට,ගෙවීමේ පදනම යටතේ ,හෝ සැපයු චීනය කල සේවය අගය කලයුතුයි .මෙම භාණ්ඩ සපයන කාලයේම යුධ තාක්ෂණ පුහුණුවක් දුන්නා නම් ,කියල හරි ඉල්ලගත්තානම් හැබැයි වේලාසනින්ම කොටි ටික ඉවර කරගන්න තිබුනා.(නදී) ,
ඉන්දියාවේ ජයලලිතා කෑ ගහනවා අපේ හමුදා නිලදාරින්ට පුහුණුව ඉන්දියාවේ දෙන්න එපා කියලා. මෙන්න අවස්ථාව යන්න චීනයට එහෙදි පුහුණුව ලබන්න දෙන්න අපේ හමුදාවට . පිළිතුර ඒකයි.(නදී)
එදත් අදත් හෙටත් අපට මිතුරු රටක් (නි)
අපි ජයලලිතාගෙනුත් පොඩ්ඩක් අහල බලමුද කොයි එකටත්? (නි)
වමට බරවිම ඇඟට හොදයි.(නදී)
භයානක අවි පුටුවක් තියලා ගන්ඩ බැරි උඩකින් රදවනවලු මිනිසාගේ හදිසි කෝපය නිසා.(නදී)