නෝර්වේ රාජ්‍යයේ අදිවේගී මාර්ගයක සිදුවූ මාරක රිය අනතුරකින් එක් පුද්ලපයකු බරපතල තුවාල ලැබීය.
ජීවිතයත් මරණයත් අතර සටනක නියැලුන ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරයකු විගස එම ස්ථානයට රැගෙය ආ යුතු විය.
කිලෝමීටර කිහිපයක් දුරින් පිහිටි රෝහලක සිට ඉහළට නැඟුණු හෙලිකොප්ටරයකින් වෛද්‍යවරයා තුවාලකරු සොයා ගියේය.
නියමිත ස්ථානයට ළඟා වූ හෙලිකොප්ටර් යානයේ නියමුවා විශාල ප්‍රශ්නයකට මුහුණ පෑවේය.
යානය නවතා වෛද්‍යවරු බැස්සවීමට තරම් ස්ථානයක් එහි නොවීය.
කළ හැකි අන් දෙයක් නොහැති වූයෙන් හෙලිකොප්ටර් යානය මාර්ගයේ ආරක්ෂිත වැට උඩට සමබරව නවතා තැබූ නියමුවා වෛද්‍යවරයාට එයින් බැසීමට සැලැස්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාල්, නොමිලේ බෙහෙත් ගන්න අවශ්‍ය නම් රජයේ රෝහලකට යන්න. යුද්ධ කාලයේදී අප්‍රසිද්ධව හමුදා කූඩාරම් වල බූරු ඇඳන් වල නිදාගත්ත ප්‍රසිද්ධ වෛද්‍යවරු සිටියා. ඔබ ඔබේ රැකියාව කරන්නේ 'පින් පිනිසද'?(නදී)
වරුණ, අපි බලාපොරොත්තු වුණා ඔයා ඔයිට වැඩි දෙයක් කියයි කියලා (නි)
මේ වගේ දක්ෂකම් අහන්නත් පින්කරන්න ඕනෑ. (නි)
මෙන්න බලාගන්න මිනිස්සු සහ වැඩකාරයෝ (නි)
දැන් අපිට මේ වගේ දෙයක් බලන්න තව කොච්චර කාලයක් යාවිද? අනුන්ගේ ඒවා බලලා,අහලවත් සැනසෙමු. (නි)
ත්‍රස්ත වෙඩි වරුසා මැද හෙලිකොප්ටර් යානා බස්සලා ජීවිත බේරාගත් ශ්‍රී ලාංකික නියමුවන්ට වඩා දක්ෂයෝ ගැන අහලවත් තියෙනවද? එසේනම් ඒ හොලිවුඩ් චිත්‍රපටවල පමණයි. (නි)
චැනල් කරලද දොස්තර අල්ල ගත්තේ? (නි)
ලාල්,අමිල, තිස් අවුරුදු යුද්දෙදි ,වෙලාව නොබලා රණවිරුවන්ව ප්‍රතිකාර කරපු හැටි සහ බෝම්බ වලින් තුවාල වුනු පිරිසට ප්‍රතිකාර කළ හැටි අමතකද? රණවිරුවන් ළඟට වැඩිම නිහඬ සේවයක් යුද්දේ වෙනුවෙන් කලේ දොස්තරලා.පිටරට ඒවාට ආවඩන්නත් ,අපේ සේවය පහත කරන්නත් ඉස්සෙල්ලා ඒවා මතක් කර ගත්තොත් හොඳයි. (නි)
එංගලන්තේ ඉන්න ලංකාවේ දොස්තර මහත්වරු තරම් ලෝභ, ආගමට දහමට සළකන්නේ නැති (නො)මිනිස්සු ජාතියක් මම වෙන කොහෙවත් දැකල නැහැ. ආයෙත් කියනවා, හැමෝම නෙමෙයි, නමුත් බොහොමයක් අය එහෙමයි. (නි)
අපි බලාපොරොත්තු වුණා ඔයිට වැඩිය දෙයක් අපේ පාඨකයෝ කියයි කියලා (නි)
රුසිත්ගේ අදහසට මමත් එකඟයි. නමුත් දැන් ඉන්න දොස්තරලා ඒ දවස්වල හිටපු අය නෙවෙයි නේ. ඒකයි ඇත්ත තත්වේ ලංකාවේ.(නදී)
කළ නොහැක්කක් නොමැත. අපේ රටෙත් ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කළ සියලුම ගුවන් නියමුවන්ටද මෙය උපහාරයක් වේවා. ඔබ නියම වීරයෙක් (නි)
මෙහේ තියෙන පහසුකම් තව අවුරුදු පනහකටවත් අපට ලැබෙයිද දන්නෙ නැහැ (නි)
මේ වගේ පහසුකම් අපිට ලැබෙනකන් කියලා අඩනවා. මත්තල ගුවන්තොට හැදුවට බනින බැනිල්ල.... ඇත්තට අපි ලංකාවේද? (නි)
සහතික ඇත්ත දම්මික ඔයාගේ කටේ රත්තරන් දාන්න වටිනවා.(නදී)
මේවා පහසුකම් මත වන දේවල් නෙවෙයි වුවමනාව මත ඇති කර ගත් විශ්වාසය තුලින් භාරගත් අභියෝගාත්මක ක්‍රියාත්මක වීමක්. දක්ෂ නියමුවෙක් මෙන්ම සුපිරි වැඩ්ඩෙක් .(නදී)
ඔන්න පයිලට්ලා! (නි)
අධිවේගයේ සේවය මොනතරම් අධිවේගද ? (නි)
ඉතාම හොදින් තමන්ගේ රාජකාරිය කරන නියමුවෙක් සහ වෛද්‍යරයෙක් (නි)
අනුර , මම දැකපු හොදම අදහස.... (නි)
තමන්ගේ වගකීම, රැකියාව හොඳින් හදුනන නියමුවෙක්. පොතට වහල් නොවී වැඩ කරන උගත් පිරිසක් අපේ රටටත් අවශ්‍යයි. (නි)
මෙන්න නියම වැඩ (නි)
දක්ෂ පයිලට් කෙනෙක්. එච්චරයි මට කියන්න තියෙන්නේ (නි)
අපේ රටේ නම් මුලින්ම දොස්තරට සල්ලි ගෙවලා කොලේ අරගෙන එන්න කියාවි. (නි)
රියදුරුගේ දක්ෂකම තමයි (දී)
නියමයි.... (නි)
දොස්තරට දුන්න ඒප්‍රන් එක නුසුදුසුයි කියලා වර්ජන කරන දොස්තරලා ඉන්න අපේ රටේ අපිට මේවා මැජික් නේද? (නි)
ආදර්ශවත් වෛද්‍යවරයෙක් සහ ආදර්ශවත් ගුවන් නියමුවෙක්. අපේ අයත් මේ අයව ආදර්ශයට ගන්න. (නි)
අපේ අධිවේගී මාර්ගයේ පසුගිය කාලයේ සිදු වූ රිය අනතුරු ගැන සාපේක්ෂව බලන කල ,මෙවෙනි චොපර් පහක් ,හයක්වත් ඉදිරි කාලයේදී වෙන්කර තියන්න වෙයි වගේ ! (නි)
නියමුවා දක්ෂයෙක්. (නි)
දක්ෂ නියමුවෙක්. මගේ ප්‍රණාමය. (නි)
වැටේ අලාභය අයකර ගන්නේ කාගෙන්ද? අනතුරට පත් අයගෙන් ද? වෛද්‍යවරුන්ගෙන් ද? යානයේ නියමුවාගෙන් ද? (නි)
මේකෙ රියදුරා ලාංකිකයෙක් වෙන්න බැරිද? (නි)