එංගලන්තයට එරෙහිව මේ මස 26 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කර ඇති 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට චාමර සිල්වා ඇතුළත් කර තිබේ. චාමර වසර හතරකට ආසන්න කාලයකට පසුව නැවතත් ටෙස්ට් සංචිතයට පැමිණීම කැපී පෙනේ. සංචිතයට නම් කර සිටි උප නායක ඇන්ජලෝ මැතිව්ස් අද (23) පෙරවරුවේ පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් අසමත්වීම නිසා චාමර සිල්වාට ස්ථානය හිමිවී තිබේ. මෙවර අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේදී වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 1,143 ක් රැස් කළ චාමර, එංගලන්තයට එරෙහිව පැවැති පුහුණු තරගයේදී ලකුණු 163 ක් රැුස්කිරීමට ද සමත් විය. චාමර 2006 වසරේ දෙසැම්බර් මස නවසීලන්තයට එරෙහිව ටෙස්ට් වරම් ලබා මේ වන විට තරග 11 කදී සාමාන්‍ය 33.56 ක් රදවා ගනිමින් ලකුණු 537 ක් රැස්කර තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට ජය පතමු
මේක තමයි තේරුමක් නැතිදේ .. චාමර කණ්ඩායමේ දිගටම හිටිය නමුත් ෆේල් උන.. මෙයාගේ වයසත් වැඩියි ලෝකල් මැච් වල ගැහුවා කියල තව තව කණ්ඩායමට දාන එකේ තේරුමක් නෑ. මේක නවකයකුගේ අවස්ථාව නැතිකිරීමක්
කවුරු දැම්මත් දැන් අපට ගහනවා. දැන් සල්ලිවලටනේ ගහන්නේ. ඇයි අජන්ත මෙන්ඩිස්ව හංගලද ?
ඇත්තටම ඔහුට අවස්ථාවක් දියයුතුයි.
චාමර හා අපේ කණ්ඩායමට සුබ පැතුම්. නැවතත් කණ්ඩායමට ආපු නිසා අපේ පිතිකරු ලැයිස්තුව ශක්තිමත් වෙනවා.
කොමෙන්ට් පල කොරන්නේ නැත්තේ ඇයි? පල කොරන්න බැරිනම් අපි මේවා බලන්නෙත් නෑ